hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,821
    35,697
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අන්තර්ජාලය ඔස්සේ හෝමාගම ප‍්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක දත්ත පද්ධතියට ඇතුළු වී එම විශ්වවිද්‍යාලය නමින් කිරුළපන ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවක පවත්වා ගෙන ගිය ගිණුමකින් රුපියල් කෝටි තුනක මුදලක් වංචනිකව වෙනත් ගිණුමකට මාරු කළ පුද්ගලයන් තිදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ විශ්වවිද්‍යාලයේ මුල්‍ය ප‍්‍රධානියා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයක දී එම විශ්වවිද්‍යාලයේ ගිණුමෙන් රුපියල් කෝටි තුනක් සොරකම් කළ සැකකරුවන් තවත් රුපියල් කෝටි දහයක මුදලක් ඒ ආකාරයටම විදේශිකයන් දෙදෙනකුට අයත් පෞද්ගලික සමාගමක ගිණුමකට මාරු කිරීමට උත්සාහ දරමින් සිටියදී කොළඹ ප‍්‍රදේශයේදී පොලිසියට කොටුවී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් දෙදෙනකු විදේශිකයන් වන අතර අනෙක් සැකකරු ගම්පොළ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය සඳහන් කරයි. එම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු වංචා කළ මුදලින් රුපියල් ලක්‍ෂ 16ක මුදලක් ඔහුට අයත් ගම්පොළ ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කර තිබියදී සොයා ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි. මෙම වංචාව අනාවරණය වීමත් සමග අන්තර්ජාලය මගින් සිදු කරන ගනුදෙනුවල දී මුරපදය සහ භාවිත නමෙහි රහස්‍යභාවය මෙන්ම අදාළ ගිණුම් පවත්වා ගෙන යන බැංකුවලට අයත් වෙබ් පිටුවල සුරක්‍ෂිතතාව සහ විශ්වසනීයත්වය මෙන්ම සත්‍යතාව තහවුරු කර විමසිලිමත්ව ගනුදෙනු කටයුතුවල යෙදෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.