Hacksaw Ridge (2016)

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
JB6Gp6f.jpg



ලෝකය කොපමණ කුරිරු උනත් මේ ලෝකේ හොඳ මිනිස්සු කියල කොට්ටාශයක් තවමත් ඉන්නවා. මේ හොඳ මිනිසුන්ට ජාතියක් , ජන්මයක්, ආගමක්, රටක් අදාළ වෙන්නේ නැහැ. වෙනස් කෝණයකින් ලොව දෙස සානුකම්පිතව , ආදරයෙන් දයාවෙන් ලෝකය දිහා බලන මිනිස්සු ලෝකය වෙනස් කරනව, එහෙම අය නිසා තමා ලෝකය ලස්සන වෙන්නේ..

මම මේ කියන්න යන්නේ අන්න ඒ විදිහට මනුෂ්‍යත්වය ඇති සහ අනුන්ගේ ජීවිතය දිහා ආදරයෙන් බලපු වීරයෙක් ගැන කියන්න. ඒ තමයි ඩෙස්මන් ඩොස්. ඔහු දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකානු හමුදාවේ සේවය කල සාමාන්‍ය සෙබලෙක්.සටන් බිමේදී තුවාල උන හමුදා භටයින්ට ප්‍රථමාධාර ලබාදීම තමයි ඔහුගේ මුලික කර්තව්‍ය උනේ. විශේෂත්වය වන්නේ ජපානයේ Okinawa දුපතේදී ඔහු සටන් කලේ කිසිම ආයුධයක් නොමැතිව. ඔහු සටන් කලේ ජිවිත විනාශ කරන්න නොවෙයි. ජිවිත බේරා ගන්න. ඩෙස්මන් ඩොස් අතින් ජිවිත අපමණ සංක්‍යාවක් බේරා ගත්තා. ඒවගේ ඔහු සතුරන්ගේ ජිවිත පවා බේරාගෙන තියනවා. පසුව ඇමරිකානු ජනපති හැරී ට්රුමන් අතින් Medal of Honor පදක්කම දිනාගත්තා. ලබන්න පුළුවන් ඉහලම ගනයේ පදක්කමක් තමයි Medal of Honor කියන්නේ.

මේ සත්‍ය කතාව ආශ්‍රයෙන් නිෂ්පාදනය උන ච්ත්‍රපටය තමයි Hacksaw Ridge (2016). ඔස්කාර් සම්මන හයකට නිර්දේශිත චිත්‍රපටයක් .මම ජීවිත කාලය තුල බලපු හොඳම චිත්‍රපටවලින් එකක්. ඔහු සටන් බිමේ සටන් කරමින් අන්‍යන්ගේ ජිවිත බේරාගන්නා අන්දම මනාවට චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියනවා.

ටොරන්ට් මෙතනින් Download කරගන්න

ලිපිය ලියන ලද්දේ මා විසිනි.




 
Last edited:
  • Like
Reactions: netsurfer