Hamba saha demalunge wada

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නාගරික මන්ත්‍රී දළදා පුද බිමේදී සූර් වේ

    තිවංක අභයරත්න - මහනුවර

    මහනුවර ශ්‍රී දළදා මාළිගාව පරිශ්‍රය තුළ මත්පැන් පානය කරමින් සිටියදී පෙරේදා (19 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මහනුවර නගර සභා මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනාට ලබන 29 දා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇප මත නිදහස්‌ කර තිබේ.

    ඇසළ පෙරහැර නැරඹීම සඳහා ආරාධනා ලබා සිටි නාගරික මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පෙරහැර ආරම්භ වනවාත් සමග ශ්‍රී දළදා මාළිගාවට ඉතා ආසන්නයේ මහමළුවේ මත්පැන් පානය කරමින් සිටියදී මධ්‍යම දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට ලැබුණ තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ.

    සෝඩා බෝතලයකට මත්පැන් දමා අත් බෑගයක සඟවාගෙන ගෙන ගොස්‌ ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේදී මත්පැන් හා පාවිච්චි කළ වීදුරු කිහිපයක්‌ද ළඟ තිබී හමු වී ඇත.

    මහනුවර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වන එස්‌. සිවඥානම් සහ මොහොමඩ් සියාම් මජිඩ් සහ µdතිමා සහිරා මජිඩ් යන අය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහනුවර මහෙස්‌ත්‍රාත් වසන්ත කුමාර මහතා විසින් ඉහත සඳහන් නියෝගය ලබා දී තිබේ.

    මධ්‍යම දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල මහතා විසින් වැඩි දුර පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

    uputaganima -divaina
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    1004678_517041298390944_1676122532_n.jpg
     
    • Like
    Reactions: bohokal