Handle with Care - හැන්ඩ්ල්_විත්_කෙයා

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Handle with Care - හැන්ඩ්ල්_විත්_කෙයා

    Handle with Care - හැන්ඩ්ල් විත් කෙයා . . .

    01-45.jpg

    දිනෙන් දින වෙනස් වන වෙළඳ ලෝකය වෙත පැමිණෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණයද අතිවිශල වන අතර මිනිස් අවශ්‍යතා වෙනුවෙන් මෙසේ වෙළඳපොලට දෛනිකව එකතුවන භාණ්ඩ විවිධ ඇසුරුම් වල බහා තිබෙනු අපිට දක්නට හැකිය, එමෙන්ම එම භාණ්ඩ අසුරා ඇති ඇසුරුම් වල විවිධ සලකුණු ඔබ කොතෙකුත් දැක ඇතිමුත් සමහර පාරිභෝගිකයන්ට එම සලකුණු පිලිබඳව හරි අවබෝධයක් නොමැති කමින් එම භාණ්ඩ වල ගුණාත්මකභාවයට යම් හානියක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත.

    03-43.jpg

    ඔබටත් මෙම ඇසුරුම් මත ඇති සලකුණු පිළිබඳ හරි අවබෝධයක් නොමැති නම් එවා හරි අකාරව පරිහරණය කිරීමට ඔබට හැකියාවක් නොමැති වන අතර එමඟින් භාණ්ඩ වල කල්පැවැත්ම පිලිබඳවද යම් යම් ගැටළු පැන නැගීමට ඉඩ ඇත.

    උදාහරණයක් ලෙස ශීතකරණයක් ප්‍රාවාහනය කිරීමේදී තිරස් අතට නොව සිරස් අතට සිටුවා ප්‍රවාහනය කලයුතු බව දැක්වෙන සලකුණු එය බහා එන ඇසුරුම් වල දක්වා ඇත. එම උපදෙස් වලට පරිභාහිරව ක්‍රියා කිරීමෙන් ශීතකරණයේ ක්‍රියාකාරීතවයේ දොෂ ඇති වීමට ඉඩ ඇත. බොහෝ විට අපට මෙම ගැටළුවට මුහුණ දීමට සිදුවන්නේ මිලදී ගත් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අතරමැදි ප්‍රවාහන සේවාවක් යොදා ගත් අවස්ථා වලදීය. ඔබ මිලදී ගත් භාණ්ඩ වල ගුනාත්මක භාවය රැක ගැනීම සඳහා එම භාණ්ඩ ප්‍රවාහණය සම්බන්ධව ක්‍රියා කරන පුද්ගලයන් දැනුවත් කිරීම ඔබගේ වගකීම වන අතර එහි ආරක්ෂාව වෙනුවෙන් එහි සඳහන් සලකුණු ගැන ඔබ දැනුවත්ව සිටීමද වැදගත්.

    04-37.jpg

    බොහෝ විට ආනයන කරන භාණ්ඩ ඇසුරුම් මත ඒවා හැසිරවිය යුතු ආකාරය පිලිබඳව විව්ධ පින්තූරමය සලකුණු දැකිය හැකිය ජාත්‍යන්තර වෙළදාමේදී රටකින් තවත් රටකට භාණ්ඩ අලෙවි කිරීමේදී එම රටේ භාෂාවෙන් මෙන්ම එම භාණ්ඩය මිලදී ගන්නා රටේ භාෂාවෙන් අසුරුම මත එම භාණ්ඩය පරිභෝගිකයා අතට පත් වන තෙක් සහ ඉන් පසු හැසිරවිය යුතු ආකාරය සටහන් කිරීම ප්‍රමාණවත් නොවන අවස්ථා ඇත. සමහර විට එම භාණ්ඩය ආනයනය කල රටට ලඟා වන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකා රටවල් ගණනාවක් හරහ පැමිණීමෙන් අනතුරවයි, එහෙදී යම් යම් අවස්ථාවල එම භාණ්ඩ නෞකාවෙන් නෞකාවට මාරු කිරීමත් සිදුකරණු ලැබේ.

    02-44.jpg

    එබැවින් එම භාණ්ඩ අනයන කරන්නාට ලැවෙන්නේ රටවල් ගනනාවකින් ප්‍රති අපනයන වීමෙන් අනතුරුවයි. එසේ නෞකාවකින් නෞකාවකට මාරු කිරීමේදී සහ රටකින් රටකට ප්‍රති අපනයන කිරීමේදී රටවල් කිහිපයක පුද්ගලයින් මේ සඳහා සම්බන්ධ විය හැකිය. එමෙන්ම එම පුද්ගලයින් විවිධ භාෂා භාවිතා කරන්නන් විය හැකි අතර කිසිම භාෂාවක් කියවීමට සහ ලිවීමට නොදත් පුද්ගලයන්ද මෙම ක්‍රියාවලියට සම්බන්ධ වීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවකදී භාණ්ඩ මත ඇති උපදෙස් කියවීමට නොහැකි වීම නිසා උපදෙස් වලට අනුකූලව එම භාණ්ඩ හසුරුවා ගැනීමට නොහැකිවී එම භාණ්ඩ හානියට ලක්වීමට ඉඩ ඇති අතර මෙම ගැටලුවට විසඳුමක් ලෙස අන්තර්ජාතික වශයෙන් පිලිගත් පින්තූරමය සලකුණු ක්‍රමයක් හඳුන්වා දී ඇත.

    05-30.jpg

    මෙය සඳහා SLS 305 : 1984 භාණ්ඩ හැසිරවීම සඳහා පින්තූරමය සලකුණු ක්‍රමය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය ලෙස හඳුන්වා දී ඇත. මෙය 150 : 780 : 1983 අන්තර්ජාතික ප්‍රමිතියේම අනුගතවීමක් ලෙස ඉදිරිපත්කර ඇත. මෙම සලකුණු කළු පැහැයෙන් දක්වා ඇති අතර රතු / තැඹිලි පැහැයෙන් සලකුණු කර දක්වන්නේ අන්තරාදායක භාණ්ඩ මත පමණකි.

    ඔබ විසින් මිලදී ගන්නා භාණ්ඩ නිවැරදි ආකාරයෙන් ප්‍රවාහනය සහ ගබඩා කිරිම සඳහා එම පින්තූර සලකුණු එයම් ප්‍රමාන්යක් පහත දක්වා ඇත.

    frag1.gif

    පරිස්සමෙන් පරිහරණය කරන්න


    glas1.gif

    බිඳෙන සුළුය


    uptop.gif

    ඊතල වලින් දක්වා ඇති පැත්ත උඩට


    umbrel1.gif

    වියලි ස්ථානයක තබන්න


    temp1.gif

    ගබඩා කලයුතු උෂ්ණතවය සෙල්සියෙස් අංශක 10 ත් 20 ත් අතර


    tele1.gif

    ඔබට මෙම නිෂ්පාදනය පිලිබද ගැටළුවක් ඇත්නම් පාරිභෝගික සේවා අංශය අමතන්න


    consum1.gif

    ඔබ මෙම නිෂ්පාදනය රස පිලිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් නිෂ්පාදනය නැවත භාර දෙන්න


    vegi1.gif

    එළවළු වලින් පමණක් නිපදවා ඇත


    vegy1.gif

    එළවළු වලින් පමණක් නිපදවා ඇත


    vegy2.gif

    එළවළු වලින් පමණක් නිපදවා ඇත


    drink19.gif

    පාවිච්චි කර කසල බදුනට දමන්න


    drink20.gif

    නැවත භාවිතා කල හැකිය


    drink21.gif

    නැවත භාවිතා කල හැකිය


    drink22.gif

    ඇළුමිණියම් වලින් නිෂ්පාදනය කර ඇත. නැවත භාවිතා කල හැකිය


    drink24.gif

    බ්‍රිතාන්‍ය හෝ යුරෝපීය ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇත


    germsaf1.gif

    ජර්මන් ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇත


    edible1.gif

    මෙම අහාරය කොටස් දහයක බෙදිය හැකිය
    (දහදෙන්කුට සෑහේ)


    dbin1.gif

    භාවිතා කිරීමෙන් පසුව කුණුබක්කි (dust bin) වලට නොදමන්න


    drin1.gif

    උනුසුම් ජලය භාවිතා කරන්න


    EAN8_50184385g.jpg

    මෙමඟින් අදාල භාණ්ඩය නිපදවා ඇති රට සහ එම භාණ්ඩය පිලිබද බොහෝ තොරතුරු නිරූපණය වනවා

    මෙය EAN (European Article Number) සංකේතය ලෙස හැඳින්වෙන අතර මින් ඉතාම වැදගත් වන්නේ මෙම අංක පේලියේ පළමු අංක 3යි. එමඟින් අඳාල භාණ්ඩය නිපදවා ඇති රට නිරූපණය කරයි, එක් එක් අංක එක් එක් රටවල් වලට ආවේණික වන බව තරයේ මතක තබා ගත යුතුය.

    වෙළඳ පොළේ අපට බහුලව හමුවන භාණ්ඩ නිෂ්පාදනය කරන රටවල් වලට අදාල සංකේත කිහිපයක් පහතින් බලන්න.

    890 - ඉංදියාව
    479 - ශ්‍රී ලංකාව
    471 - තායිවානය
    888 - සිංගප්පූරුව
    955 - මැලේසියාව
    690 සිට 695 - චීනය
    500 සිට 509 - බ්‍රිත්‍යාන්‍ය
    450 සිට 459 / 490 සිට 499 - ජපානය
    000 සිට 019 / 030 සිට 039 / 060 සිට 139 - ඇමරිකාව

    මින් පසු ඔබ වෙළදපොලේන් ආහර ද්‍රව්‍ය ඇතුලු අනෙකුත් භාණ්ඩ මිලදී ගන්නා විට මෙම සංකේත පිලිබඳ සැලකිලිමත් වීමෙන් ගුණාතමක තත්වයෙන් යුතු භාණ්ඩ මිලදී ගැනීමට ඔබට හැකිවනු ඇත.
     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    වටිනා තොරතුරු ටිකක්

    අපිත් එක්ක බෙදාගත්තට

    මගෙන් 6+

    :):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කාලෙකින් හොද ලිපියක් වගේම
    කාලෙකින් උබව දැක්කෙත් මම
    නියමයි මචන් මේ ගැන ගොඩක් දේවල් දැනගත්ත
    ජය වේවා මචෝ මේ වගේ දේවල් දිගටම අපි එක්ක බෙදා ගන්න
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කාලෙකින් හොද ලිපියක් වගේම
    කාලෙකින් උබව දැක්කෙත් මම
    නියමයි මචන් මේ ගැන ගොඩක් දේවල් දැනගත්ත
    ජය වේවා මචෝ මේ වගේ දේවල් දිගටම අපි එක්ක බෙදා ගන්න

    ස්තුතියි මචන් . . . :)

    මේ දවස් ටිකේ ටිකක් වැඩ වැඩි මචන්, එකයි නිතරම පෙන්න ඉන්නේ නැත්තේ . . .