Merry christmas Sinhalu.




















Last edited:













Ebay/Amazon/Aliexpress/ Geekbuying/ මෙකී නොකී සයිට් වලින් බඩු ගෙන්නන සිහළුනි. ජනවාරි පලවැනිදා සිට තොපිට කෙලවන බව මෙයින් දන්වනු ලැබේ...Ebay/Amazon වල ලියාපදිචි උනාක් මෙන් ආනයනකරුවෙක් ලෙස ලංකාවේදීද ලියාපදිංචි වී බදු ගෙවා බඩු ලබා ගන්නා ලෙස අප ශදාදරනීය රවි අයියා දන්වා සිට ඇත.. අයිටම් ඩිස්ක්‍රප්ශන් එක හරිටට දමා තිතට වැලියු එකක්ත් දබා බඩු ගෙන්වම්මු . බදු ගෙවමු රට හදමු...
ශතුටුයි???????
http://nethnews.lk/article/29225
"ලබන වසරේ ජනවාරී මස පළමු වනදා සිට ශ‍්‍රී ලංකා රේගුවේ වෙනස්කම් කිහිපයක් සිදු වන බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
මෙමගින් ආනයනකරුවන්ට වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත්, නීති විරෝධි ආනයනයන් වළක්වාලීමටත්, අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
“අපට අවශ්‍ය වෙන්නෙ ජනතාවගේ බදු බර අඩු කරන්නයි. ඒ සඳහා රේගුව වැනි ආයතන මගින් සේවා සඳහා නීත්‍යානූකූලව අයකර ගත හැකි හැම සතයක් ම අය කර ගන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ හොඳම රේගුව පමණක් නොව ආසියාවේ හොඳම රේගුව බවට පත් කළ යුතුයි. ඒ නිසා නවීකරණයක් ද කළ යුතුයි.
ලබන වසරේ ජනවාරි පළමු වැනි දා ඉඳල අපි සියලු ආනයනකරුවන් ලියාපදිංචි කරනව, ඒ තුළින් තමයි අපි භාණ්ඩ නිදහස් කිරීම කරන්නෙ. පැය 48 ඇතුළත භාණ්ඩ නිදහස් කර ගන්න හැකියාව හදල දීල තියෙනවා. ඒ වගේ ම තමයි පැය 24ක් ඇතුළත භාණ්ඩයක් අපනයනය කරන්න අවස්ථාව තියෙනවා.
ලබන අවුරුද්දෙ මාර්තු වෙද්දි රටට ඇතුළු වෙන හැම බහලුමක් ම ස්කෑන් පරීක්ෂාවකට ලක් කරන්න අපට හැකි වෙනවා. අඩු තක්සේරු මත භාණ්ඩ ආනයනය, ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් ම මේ යටතේ නවතියි කියල මම හිතනවා”