Happy wedded life Malaka

Kudu Kolla

Member
May 23, 2009
25
1
1
මාලක සිල්වා ඉරාන කෙල්ලව ඉරානයේදී බදියි
මාලක සිල්වා නම කියූ සැනින් පොඩි එකාද හොදින් දන්නා තරමට මාලක සිල්වා ප‍්‍රසිද්ධ ඇමති පුතෙක් විය. එම ප‍්‍රසිද්ධිය ගුණ යහපත් ක‍්‍රියාවන්ගෙන් නම් නොවේය. කෙසේ වෙතත් මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුතනුවන් වන මාලක සිල්වා ඔහුගේ පෙම් කතා රැසකින් පසුව ඉතා සමීපව ඇසුරු කල ඉරාන ජාතික තරුණියව විවාහ කොටගෙන ඇත. ‘උර්ෆා’ නම් ඇයත් මාලකත් විවාහ වී ඇත්තේ ඉරානයේ ඉෂ්ෆාන් නගරයේදීය. එම මංගල උත්සවය සදහා මර්වින් සිල්වා ඇමතිවරයා හා පවුලේ අයද එහි ගොස් ඇත. විවාහයට ආරාධනා කර තිබුනේ පවුලේ කිහිප දෙනෙකුට පමණි. ඉර්ෆා ඉරානයේ ධනවත් පවුලක සාමාජිකාවක් බවයි පැවසෙන්නේ.

තමන් දැඩි බෞද්ධයෙකු බැවින් එළැඹෙන ජාතික මැතිවරණයකදී මාලක සිල්වා මාතර දිස්ත‍්‍රික්කයෙන් තරඟ වැදීමේ සූදානමින් පසුවන බව මාලක පසුගියදා පුවත්පතකට පවසා තිබුනා. එමෙන්ම පසුගිය කාලයේ රාත‍්‍රී සමාජ ශාලාවකදී ඔහු මේජර්වරයෙක්ට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද, ඔඩෙල් ආයතනය ඉදිරිපිටදී ආයුධ සන්නද්ධ පිරිසක් ඔහුට පහරදීමේ සිදුවීමක්ද, මිල අධික මොටර් රථ හිමිකරුවෙක් ලෙසද, පෙම්වතියන් රැසකගේ පෙම්වතා ලෙසද මාලක ජනපි‍්‍රයව සිටිනවා.

Malaka-Silva-AM-Gossip-06.jpg

xqRuVg.jpg.pagespeed.ic.GjzjoQ-1nT.jpg
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
තාත්තලා පුතාලට ශොක්. ඇමෙරිකන් උන්ටත් දැන් රිදෙයි මම හිතන්නේ. මෙච්ච කුමන්ත්‍රන කරලා අල්ල ගන්න යන රටනේ ලන්කාව. විමල්ට අනුව නම් දැන් බරක් ඔබාමට උන ගැනෙයි ඉරාන කෙල්ලෙක්ව ලන්කා දීපයේ ඇමතිසුට්ටෙක්ගේ පුතෙක් සහේට ගත්තම. ආඩම්බරයි. විජාතික කුමන්ත්‍රන හමුවේ, ලන්කාවේ මිතුරු රාජ්ය සමග දැන් අවාහ විවාහත් වෙන්වා. ඔය එක්කම නාමල් කොලුවටත් උගන්ඩාවෙන් එකඉයක් බැලුවොත් හොදයි මගේ හිතේ, දෙරටේ මිත්‍රත්වයටත් හොදයිනේ.
 
Shaiman

Member
Apr 2, 2014
1,748
210

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: