Story of My Biggest HDD/Data Loss
මම මෙච්චර කල් පාවිච්චි කරපු Acer Notebook එකේ Hard Disk Drive එක 2006 හදපු Hitachi 120GB IDE එකක්. Model එක HTS541212H9AT00. Bad Sectors, හිරවීම්, අමුතු සද්ද වගේ කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ. ඒත් මම ලඟකදී S.M.A.R.T. Test එකකුත් කලා. ඒකෙනුත් කිසි ප්‍රශ්නයක් පෙන්නුවේ නැහැ.
මේ Notebook එක සාමාන්‍යයෙන් දවසකට පැය 12-18ක් විතර වැඩ. (එකදිගට නෙමෙයි.) මම Shutdown කරනවට වඩා කරන්නේ Sleep/Hibernate කරන එක.
මේ ළඟදී මට Dell Desktop PC එකක් ලැබුණා.
(Machines දෙකේම තියෙන්නේ Windows 7.) එකේ තිබුණ HDD එක මදි නිසා Operating System එකයි, අනිත් Software ටිකයි Install කරන්න ඒක තියාගෙන, අනිත් Data වලට අර Notebook එකේ HDD එක පාවිච්චි කරන්න විදිහක් හොයලා බැලුවා. Internal Drive එකක් විදිහට පාවිච්චි කරන්න 2.5" IDE to SATA Adapter එකක් හොයාගන්න බැරිවුණ නිසා External එකක් විදිහට පාවිච්චි කරන්න Enclosure/Bay එකක් හෙව්වා. ඒක ලැබුනෙත් නෑ.
අන්තිමට ගත්තා මෙන්න මේ වගේ, USB to IDE/SATA Cable එකක්.
Notebook එක Main Power එකෙන් Unplug කරලා Battery එකත් අයින් කරලා, පලවෙනි වතාවට ගැලෙව්වා HDD එක Cover කරලා තිබුණ පියන. (මේක කරන්න කලින් Notebook එක Hibernate කරලයි තිබුනේ.)
එතකොට තමයි දැක්කේ දුඹුරු පාට ගොඩක් පොඩි ඇට ඇට වගේ ජාතියක් තියෙනවා.
(කූඹි නෙමෙයි.) ඒවා වැඩිපුරම තිබුනේ HDD එක Cover කරලා තිබුන පියනේ. අනිත් කොටසුත් ඇරලා බැලුවම Motherboard එකෙත් තැනින් තැන පොඩ්ඩ පොඩ්ඩ තිබුණා. මීට කලින් ඔහොම තිබිලා නැහැ. (Notebook එක තියෙන මේසේ පරණ එකක්. ඒකෙ එක පැත්තක පහල ඉඳන් තැනින් තැන දිරලා තියෙන්නේ. මොකෙක්ද සතෙක් කනවා.
මම දැකලා තියෙනවා ඒ හරියේ බිම අර පොඩි ඇට වගේ ඒවා වැටිලා තියෙනවා.) ඒවා සුද්ද කරලා දැම්මා.HDD එක ගලවන ඒකනම් ලේසි විදිහකට තිබුනට ඕක මෙහෙම අදිනකොට ටිකක් හයියෙන් ඇවිල්ලා Notebook එකේ Cover එකේ වදිනවා.
HDD එක Desktop එකේ System Unit එක උඩ මේ විදිහට තියලා අර Cable එකෙන් Back Panel USB Port එකකට Plug කළා. (System Unit එකෙන් Current එක වදිනවා වගේ ප්‍රශ්න නැහැ.)
Plug කළාම කිසිම ප්‍රශ්නයක් නැතිව Computer වල සාමාන්‍ය HDD එකක් වගේ පෙන්නුවා. Files Copy වෙන එකත් හොඳ Speed එකකින් තිබුණා.
'Safely Remove Hardware' වලින් Eject කරලා තමයි ගැලෙව්වෙත්.ඊට පස්සේ මම නිකමට වගේ HDD ඒක Cable එකෙන් Notebook එකේ USB Port එකකට Plug කරලා Power ON කළා Boot වෙනවද බලන්න. එතකොට ආවා මෙන්න මෙහෙම Window Resume Loader කියලා Menu එකක්.
ඕකෙන් මම "Continue with system resume" තෝරලා Enter කළාම Resuming Windows Screen එකේ ටික වෙලාවක් තිබිලා Restart වෙලා ආපහු Window Resume Loader Menu එකට ආවා. ඒ පාර "Delete Restoration Data and Proceed to System Boot Menu" තෝරලා Enter කළාම කලින් වගේම Starting Windows Screen එකේ ටික වෙලාවක් තිබිලා Restart වුණා. BIOS වලට ගිහින් USB HDD විදිහට Detect කරලා තිබුණ මේ HDD එක First Boot Device එක විදිහට දීලත් බැලුවා. ඒත් හරි ගීයේ නැහැ. IDE එකකින් USB හරහා Boot වෙන්න මේ System එක Support කරන්නේ නැතිව ඇති කියල හිතලා, HDD එක Cable එකෙන් ගලවලා තිබුන විදිහටම Notebook එකට හයි කරලා Power ON කළාම සාමාන්‍ය විදිහට Boot වෙලා Windows වලට ආවා. (ආපහු ඒ විදිහට Cable එකෙන් Notebook එකට හයිකරන්න ගියේ නැහැ.)
සතියක් විතර කිසිම ප්‍රශ්නයක් නැතිව Notebook එකේ HDD එක තිබුණා. ඊයේ ආපහු HDD එක Desktop එකට Plug කරලා වැඩ කර කර ඉන්නකොට හදිස්සියේම ආපහු Notebook එකට දාලා දෙයක් Check කරගන්න ඕන වුණා. මම Desktop එක Sleep Mode එකට දාලා HDD එක Cable එකේ USB Port එකෙන් නෙමෙයි, IDE Connector එක තියෙන පැත්තෙන් ගැලෙව්වා. (මීට කලින් එහෙම කරලා නැහැ.) එහෙම කලේ ඔය HDD එකේ Cable එක ගහලා තියෙන USB Port එකට අල්ලපු USB Port එකට තමයි 3G Dongle එක Extension Cable එකකින් ගහලා තියෙන්නේ. ඔය Extension Cable එකේ තියෙන Upset එකක් නිසා ඕක පොඩ්ඩක් හරි හෙලවුනොත් Dongle එක Detect වෙන්නේ නෑතුව යනවා. ඉතින් ඕක ගැස්සෙයි කියලයි ඒ පැත්තේ අත දැම්මේ නැත්තේ. ඕක ගලවන වෙලාවේ වැස්සක් තිබුණා. හුළඟට පොඩි පින්නක් වගෙත් ඔතනට ආවා.
HDD එක Notebook එකට දාලා කරන්න ආපු වැඩේ කරගෙන ආපහු අරන් ගිහින් IDE Connector එකට හයි කරලා Desktop එක Wake Up කළාම, HDD එක සාමාන්‍ය විදිහට Computer වල පෙන්නුවා. (හැබැයි මම Drive එක ඇතුලට ගිහිල්ලවත්, File Copy කරලවත් බැලුවේ නැහැ.) ඔය වෙලාවේ කොහොමහරි මගේ අතින් Dongle එකේ Cable එක ඇදිලා USB Port එකෙන් ගැස්සිලා Dongle එක Devices and Printers වලින් නැතිවුණා. Extension Cable එක ගලවලා ආයිත් Plug කලත් හරිගියේ නැහැ. ඉතින් මම Machine එක Restart කළා. (මීට කලිනුත් ඔහොම Dongle එක Detect වෙන්නෙම නැතිවුනාම Machine එක Restart කරලා ආපහු Plug කලාම හරි ගිහින් තියෙනවා.)
ඉතින් Restart වුනාට පස්සේ කොහොමහරි Dongle එක ආපහු Detect කරවා ගත්තා. ඔන්න දැන් තමයි සැබෑම ප්‍රශ්නේ එන්නේ. අර HDD එක Computer වල පෙන්නන්නේ නෑ. Devices and Printers වලවත් Device Manager වලවත් නැහැ. වෙන USB Port එකකටත් Plug කරලා බැලුවා. (Front Panal එකේ පවා) Machine එක Restart කරලා BIOS වල බැලුවාම ඒකෙත් නැහැ. HDD එකෙන් කිසිම Vibration එකක්වත් සද්දයක් වත් එන්නේ නෑ. Cable එකේ මොකක්හරි ප්‍රශ්නයක් වෙන්නැති කියලා හිතලා, HDD එක Cable එකෙන් ගලවලා සාමාන්‍ය විදිහට Notebook එකට දාලා බැලුවා. (පලවෙනි පාර ඇරෙන්න ඊළඟ හැම වතාවකදීම HDD එක ගලවනකොට/හයිකරනකොට Battery එක දාලයි තිබුනේ.) එතකොට මෙන්න මේ Error එක තමයි ආවේ.
HDD එක Notebook එකේ BIOS වල පෙන්නන්නෙත් නෑ. USB Cable එකෙන් Plug කරලත් බැලුවා. ඒත් නැහැ. මේ Error එකම තමයි එන්නේ. ඒ වෙලාවේ ඉඳන් මාරම Upset එකේ ඉන්නේ.
මේවගේ දේකට කවදාවත් මෙච්චර දුක හිතිලා නැහැ. 50GB වල විතර TV Series, Movies, Software, Music, Projects, Documents, Private Data, තව එක එක දේවල් තිබුණා. සමහර දේවල් පස්සේ Check කරලා බලන්න කියලා තියපු ඒවා. ප්‍රමාණයෙන් මහා ගොඩක් නොවුනාට තිබුණ ටික මට ගොඩක් වටිනවා. මීට ගොඩක් කාලෙකට කලින් මේ වගේ Data Loss එකක් (5GB විතර) වෙලා තිබුනත් ඒක මේතරම්ම දැනුනේ නෑ. එතකොට මට Internet තිබුනෙ නැති නිසා දැන් තරම් දේවල් තිබුනෙ නෑ.Internet එකෙන් ගත්ත දේවල් නම් ආපහු ගන්න පුළුවන් කියමුකෝ. ඒත් අනිත් ඒවා? ඇත්තටම තිබුන දේවල් ඔක්කොම මොනවද කියලා හරියටම List එකක් විදිහට කල්පනා වෙන්නේ නෑ දැන්. ඒනිසා කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්නවත් බෑ.
සාමාන්‍යයෙන් මම මාසෙකට සැරයක් Data Backup කරනවා. ඒත් මේ සැරේ මාස දෙකකින් විතර ඒකත් කරන්න බැරිවුණා. මේවා හොඳ පාඩම්.
මෙහෙම වෙන්න මේ දේවල් හේතුවෙන්න ඇති සමහරවිට.
* Data Backup කිරීමට අතපසු කිරීම. (මං හිතන්නේ මේක තමයි ලොකුම වරද.)
* 2006 නිපදවූ HDD එකක් මේතාක් කල් භාවිතා කිරීම.
* Notebook එක දවසකට පැය 12-18ක් වැනි දිගු වේලාවක් භාවිතා කිරීම.
* Shutdown නොකර නිතරම Sleep/Hibernate කිරීම.
* Internal HDD එකක් USB to IDE Cable එකකින් භාවිතා කිරීම.
* Notebook එකේ තිබුණු ඇට වැනි අමුතු ද්‍රව්‍ය හා පරණ මේසයක Notebook එක තැබීම.
* HDD එක Notebook එකෙන් ඉවත් කරන හැමවිටම වාගේ මදක් තදින් Notebook එකේ බාහිර ආවරණයේ වැදීම.
* HDD එක Desktop එකේ System Unit එක මත තබා භාවිතා කිරීම.
* Battery එක සවිකර තිබියදීම HDD එක Notebook එකට සවි කිරීම/ඉවත් කිරීම.
* Sleep Mode එකේ තිබියදී HDD එක IDE Connector එකෙන් ඉවත් කිරීම.
* HDD/IDE Connector එකට පින්න වැටීම.
මේ මගේ පලවෙනි Thread එක. ඇත්තටම මං මෙච්චර දිගට කතාවක් වගේ ලියන්න හිතාගෙන නෙමෙයි පටන් ගත්තේ. මේ කියලා තියෙන හැමදේම වෙලා තියෙන දේට ඍජු සම්බන්දයක් නැතිවෙන්න පුළුවන්. මේ වගේ දෙයක් වෙච්ච පලවෙනි කෙනාත් මම නෙමෙයි. ඒ වුනාට මට ඕන වුනේ, වෙච්ච දේ කියන්න, මේක කියවන කෙනාට වෙලා තියෙන දේ ගැන අවබෝධයක් ලබාදෙන්න, එතකොට විසඳුමක් දෙන්න පහසු වේවි කියලා හිතලා. සමහරවිට හිතේ දුකට ඕනවට වඩා කියවෙනවා වෙන්නත් ඇති. සරලවම කිව්වොත් මට දැන් ඕනේ එක්කෝ මේ HDD එක Dataත් එක්කම හදාගන්න. එහෙම හදන්න බැරිමනම් Data ටික විතරක්වත් Recover කරගන්න. Elakiri එකේ ඉන්න මේ ගැන දන්න, මේ වගේ අත්දැකීම් තියෙන Expertල, Expertල නොවන හැමෝගෙන්ම පුංචි උදව්වක් හරි ලැබෙයි කියලා හිතනවා. අඩුම තරමේ Bump එකක්වත් දාලා යන්න.
ප.ලි.
මේ වෙච්ච දේවලුත් එක්ක මට ඇතිවෙච්ච ප්‍රශ්ණ කිහිපයක්.
1. Data Backup කරන්න හොඳම Software, Online/Cloud Services සහ ක්‍රම මොනවද?
2. පරණ HDD එකක් පාවිච්චි කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?
3. Notebook/Laptop/Desktop PC දිගු වේලාවක් පාවිච්චි කිරීම එම උපකරණ වලට හානිකරද?
4. Shutdown නොකර නිතරම Sleep/Hibernate කිරීම අහිතකරද?
5. Internal HDD එකක් USB to IDE/SATA Cable එකකින් භාවිතා කිරීම අහිතකරද?
6. HDD එකක අභ්‍යන්තරය Seal තබා ඇත්නම් එතුලට කූඹින් වැනි කෘමී සතුන්ට ගමන් කල හැකිද?
7. Computer එක තියෙන තැන ගැන සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?
8. HDD එකක් System Unit එකක් මත තබා භාවිතා කිරීම අහිතකරද?
Last edited:







ලියලා තියෙන විදිහ අගය කලාට Thanks. 