හත්වලාමේ ඇයි මේ තේසවලාමේ
බෙදා පාලනය කිරීමේ වාසිය තකා ඉංගී්‍රසින් විසින් යාපනේ දෙමළ ජනයාට දෙන ලද විශේෂ වරප්‍රසාදයක් වන "තේසවලමේ" නීතිය ගැන දෑන් දෑන් වෙනත් ආර්ථ කථන සපයනූ ලැබේ. යාපන අර්ධද්වීපයේ පාරම්පරික දෙමළ මිනිසූන් විසින් අනූගමනය කරන ලද සිරිත් විරිත් රැකීමට අවශ්‍ය නිසා පෘතුගීසින් විසින් අනූමත කර ලන්දේසින් 1707 සිට නැවත පණ ගන්වා පසූව ඉංගී්‍රසින් විසින් රටෙි ප්‍රධාන නීතියට අමතරව මේ ප්‍රාදේශීය නීතියද දිගටම පවත්වාගෙන යෑම අනූමත කරන ලද බවත් එසේ කළේ යාපනේ දෙමළ ජනයාගේ පාරම්පරික අයිතීන් රැකීමට බවත් සමහරු පවසති. මේ අනූව මූස්ලිම් හා උඩරට විවාහ නීති ආදියත් පවත්වාගෙන යෑමට ඉංගී්‍රසින් විසින් අනූමැතිය දී ඇති බවත් එනිසා දෙමළ මිනිසූන්ට පමණක් දෙන ලද විශේෂ වරප්‍රසාදයක් වශයෙන් තේසවලමෙයි නීතිය නොසැලකිය යූතු බවත් ඔවූහූ කියති.
තේසවලමෙහි නීතිය අනූව යාපනේ දෙමළ මිනිසූන්ගේ ඉඩමක් වෙනත් ජාතිකයෙකුට විකිණීමට පෙර තම ඥාතීන් වෙතින් විමසිය යූතු බවත් ඔවූන් මිලට නොගන්නේ නම් පමණක් වෙනත් ජාතිකයෙකුට විකිණිය හැකි බවත් විස්තර කරන ඔවූහූ පිටස්තරයෙකුට විකිණීම සපූරා තහනම් නැති බව අවධාරණය කරමින් මෙය විශේෂ වරප්‍රසාදයක් නොවනබව පෙන්වීමට උත්සාහ කරති.
උඩරට හා මූස්ලිම් විවාහ නීති නිසා රටෙි භූමි අයිතිය සීමා වන්නේ නැත. ඒවා පෞද්ගලික කාරණා වේ. අද රටට ඇති ලොකුම ප්‍රශ්නය භූමි ප්‍රශ්නයයි. ත්‍රස්තවාදීන්ගේ අරමූණද භූමිය බෙදා ගැනීමයි.
ශී්‍ර ලංකාව හෙවත් "සිංහලේ" නිර්මාණය කර හදා වඩාගත් දෑනටත් 75% පමණ වන සිංහලයන්ට නැති භූමි අයිතියක් 12% වන පසූකාලීන සංක්‍රමණික ජනතාවකට ලබාදෙන ඕනෑම නීතියක් යමෙක් පැනවූයේ නම් එය මහ ජාතිය විනාශ කිරීමේ අධම චේතනාවෙන්ම කළ දෙයකියි නොපැකිළිවම කිව හැක.
තේසවලමෙහි නීතියේ වර්තමාන තත්ත්වය අප දෑන සිටියාටත් වඩා භයානක බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැක. සිවඥාණලිංගම් එදිරිව සූන්දරලිංගම් නඩූවට අදාළව 1988 දී ශේ්‍රෂ්ඨාධිකරණය විසින් දෙනලද තීන්දුවක් අනූව "තේසවලමේ" යනූ පෞද්ගලික නීතියක් බවත් ලංකාවේ ඕනෑම තැනක සිටින යාපනේ දමිළ පූද්ගලයෙකුට මේ නීතිය උපයෝගී වන බවට නිර්වචනය වී ඇති බව පැවසේ. මේ අනූව එවන් පූද්ගයෙකුට අයිතිව වැල්ලවත්තේ ඇති යම් පාරම්පරික දේපළක් වේ නම් ඒ දේපළද මේ නීතියට යටත් වන බවට කර ඇති ප්‍රකාශ නොබෝදා කියවීමි.
මෙහි ඇති සාධාරණ අසාධාරණ බව විමසීමට පෙර අපි ඉතිහාසය දෙසට මඳක් හැරෙමූ.
ආර්ය චක්‍රවර්තී නම් පාලකයන් විසින් කඩින් කඩ යාපන ප්‍රදේශය පාලනය කර ඇතත් ඔවූහූ ජාවක හෙවත් කාලිංග දේශයෙන් පැමිණි අය මිස දෙමළ නොවේ. "විරෝදය ආර්ය" සමයේ මේ පළාතේ විසූ සිංහලයන් ආක්‍රමණිකයාට විරුද්ධව කැරලි ගසා ඇත. දෙමළ පොතක් වන "යාල්පාන වෛපව මාලෙයි" අනූවද "කුලෝත්තුංග ආර්ය" සමයේ "පූංචි බණ්ඩාර"ගේ නායකත්වයෙන් සිංහලයෝ මේ ආක්‍රමණිකයාට විරුද්ධව සටන් වැදී ඇත. ප්‍රවාහන පහසූකම් නොමැති හෙයින් සිංහල රජූගේ ආධාර උපකාර ඉක්මනින් ලබා ගැනීමේ අපහසූතාවට මූහූණ දුන් පළාත්වල සිංහලයෝ අසරණවී ඇතැම් විට පලා ගියහ. ඇතැම්හූ ආක්‍රමණිකයාට යටත්වී උන්ගේ සමාජයටම අන්තර්ගත වූහ. මයිකල් බෑන්ක්ස්ට අනූව වර්තමාන "කොවියාර්" වංශිකයෝ එදා යටත්වූ සිංහලයෝ වෙති. "ගොවියා" යන්න කොවියා යනූවෙන් දෙමළ වී ඇතැයිද මතයකි. සපූමල් කුමරු විසින් මේ ආක්‍රමණිකයන් නෙරපා හරින ලදී. රොබටි නොක්ස් පලා යන විට මේ පළාත්වල එවකට සිටි සිංහලේ රජූගේ නිලධාරීන්ගෙන් වසන්වීමට තමන් උත්සාහ ගත් බව කියා ඇත.