Hedge instead of stop loss for trading

Apr 20, 2023
1
0
1
වර්තමානයේ අර ට්‍රේඩින් මේ ට්‍රේඩින් කිය කිය මිනිස්සු රැවටෙන්න ප්‍රධානම හේතුව මොකක්ද?

සියළුම මූල්‍ය ජාවාරම් කාරයෝ මෙච්චර ට්‍රේඩින්ම මූලික කරගෙනම ඇයි මිනිස්සු රවටන්නේ?

හේතුව මන් දකින විදියට අල්ප මාත්‍ර පිරිසක් තමා මේක හරියටම දන්නේ. අනික් හැමෝම ඉතාමත් අවිධිමත් විදියට කලබලේට, කිසිම සූදානමක් නැතුව කරලා අත පුච්චගෙන අයින් වෙනවා. අතපුච්ච ගත්ත හැමෝම ආයේ ආයේ අනුන්ගෙ ස්ක්‍රීන්ශොට් දැකලා ඇවිස්සෙනවා, හරි පාරෙන් බැරි නම් කෙටි/හොර පාරෙන් ගේමක් ගහනව කියලා අධිෂ්ඨාන කරගන්නවා, සිග්නල් , බොට් , අදුනෙන් , නාඩි, පිරමීඩ්, නෙට්වර්ක්, ගැම්බ්ලින්, රිෆරල් , කමිෂන් ඔක්කෝම කරල දහස් ගණන්, ලක්ෂ ගණන් සමහරවිට කෝටි ගණන් හොරුන්ට පුදනවා, පුදලා සල්ලි පාඩුව විතරක් නෙමේ ඒවා ප්‍රමෝට් කරලා නම කැත කරන් අන්තිමේදී නීති ප්‍රශ්නත් දාගන්නවා.

ට්‍රේඩින් ශොර්ට් කට් පස්සේ ගිහින් මනුස්සයෙක්ට වෙන්න තියෙන ඔක්කෝම කෙලවිලි උනාට පස්සෙත් ආයේ නිකමට හරි වීඩියෝ එකක්, පෝස්ට් එකක් දැක්කොත් ලැජ්ජ නැතුව ආයේ ඇවිස්සෙනවා. ඒකට මට හිතෙන්නේ හේතු තුනයි මගේ කියවීම අනුව;

  1. මිනිස්සු මේ වර්ථමාන ආර්ථික තත්වේ එක්ක පපුව පුච්චගත්ත ගමන් ඉන්නේ, කොච්චර හෙව්වත් මදි හැම වෙලේම හිත රිද්ද ගත්ත ගමන්,

  1. උදේ හවස ඩොලර් වලින් ලෝකය දිනපු තරුණයින්ගේ කතා සොශල් මීඩීයා වල කොපමණවත්, හැමෝටම හිතෙනව ඇයි මට බැරි, ඇයි මන් මෙහෙම නිකරුනේ ඉන්නේ, මාත් උත්සහ කරන්න ඕනේ කියලා,

  1. හිත යටින් මිනිස්සු විශ්වාස කරනවා කොහේ හරි කා ගාව හරි, මේක හරියට කරන විදිය තියෙනවා, ඒක පොතක්, ආර්ටිකල් එකක්, මෙන්ටෝරින් එකක්, වීඩියෝ එකක්, ගුරුවරයෙක්, සමූහයක්, ඕනාම මාදිලියකින් තියෙනවා සහ ඉතාම අල්ප මාත්‍ර පිරිසක් හරියටම කරනවා හොදට හම්බ කරනවා කියල ඔබේ හිත ඔබට කියනවා.

මම බලාපොරොත්තු වෙනවා ට්‍රේඩින් (ෆොරෙක්ස්) තිත්ත නොවුනු, වහ කදුරු නොවුනු ඒත් ලැජජ නැතුව තාම ආයේ ආයේ ට්‍රෙඩින් කරන්න දවල් සිහින දකින කීප දෙනෙක්ට ස්ටොප් ලොස් වෙනුවට හෙජ් කිරීම ගැන නොමිලේ කියලා දෙන්න. මම සෝවාන් වෙලා නෑ...... මේක නොමිලේ ඉගෙන ගෙන කෙනෙක්ට හිතුනොත් මගේ විදිය විද්‍යාත්මකයි, තාර්කිකයි, ප්‍රායෝගිකයි, මහ පොලවේ කල හැකි කියලා මම ට්‍රේඩින් කියන සාස්තරය සැලකිය යුතු ලෙස ඉහල මිලකට මෙන්ටොර් කෙනෙක් වශයෙන් ස්වල්ප දෙනෙක්ට කියලා දෙනවා. ඇයි මන් මේක කරන්නේ ? මට ඕනේ හින්දා, අහේනියක් නෑ

පහත වීඩියෝ එකෙන් මම ස්ටොප් ලොස් වෙනුවට හෙජ් කිරීම සම්බන්දයෙන් උගන්නන්න බලාපොරොත්තු වෙන දේවල් දාල තියෙනවා. ඒක බලලා මට Facebook පණිවිඩයක් තියන්න. සැලකියයුතු පිරිසක් එකතු උනාම ඉතා ඉක්මනින් පැය 2-3 ක සැසියක් ඔන්ලයින් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.

හෙජ් කියන්නේ මොකක්ද? දරුවෙක් හදන්න ගැනූ කෙනෙක් සහ පිරිමි කෙනෙක් අවශ්‍ය වෙන්නේ යම්සේද.... ට්‍රේඩින් වල ලාභය කියන දරුවා හම්බෙන්න නම් හෙජින් ක්‍රමෝපායක් විදියට පාවිච්චි කරන්නම ඕනේ.

ජයවේවා