දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියා
මගෙ හදේ රැඳුනේ ඔබමයි සදා
සුරංගනාවිය මගේ ප්‍රියාවී
ඔබට මම ආදරෙයි මේ දිවිතුරා//
ඔබෙ නිල් නුවන් යුග මගෙ නෙත් යුවලයි
අඳුර දුටුවත් මම ඔබ ලඟමයි
ඔබෙ ජීවිතේ මට මගෙ ජීවිතේමයි
මගෙ ආදරේ ඔබටයි මේ දිවිතුරා//
ඔය සියුමැලි හද රිදවන්නෑ කිසිදා
ඔබ මගේමයි මේ දිවි ඇති තුරා
මේ භවයෙම නොව මතු භවයේදිත්
ඔබ මගේ වන්නට මම පතමි//
දුටුව දිනයේ...

