අපි ජිවිතේ වැඩි සැලකිය යුතු කාලයක් ගෙවන්නේ phone එකේ, PC එකේ එහෙමත් නතත්ම් TV එකේ... එත් අපේ සමාජයේම ඉන්නවා TV එකක් ඇහැට දැකපු නැති අහිංසක ළමයි, බල්බ් එකක් ඇහැට දැකපු නැති ළමයි. ගොවිතැන් කරන තමන්ගේ ගමෙන් පිට ලෝකය කිසිම දෙයක් දන්නේ නැති අහිංසක ළමයි... මම මේ කියන්නන යන්නේ ලංකාවේ ඉතා දුෂ්කර ගමක ඉතාමත් දුෂ්කර ඉස්කෝලයක් ගැන... නමින් ගල්කඩවල ප්‍රාථමික විද්‍යාලය... තියෙන්නේ වලපනේ කලාප අධ්‍යාපනය කොට්ටාශයේ.. මේ ගමට තවමත් විදුලිය නෑ.. තියෙන තත්ත්ව වලට අනුව ඒක හැමදාටම හීනයක්...
දුර ගැන කියනවනම් නුවර ඉදන් පැය 4ක දුර... නුවර ඉදන් 112km, එකෙන් පලවෙනි 70යන්න අපිට පැයයි ගියේ.. එත් ඉතුරු 30 km යන්න අපිට පැය 3ක් ගියා... ඒ තරම් ඒ පාරවල් ගොඩක් දුෂ්කරයි ... අපි එහෙම පැය 4ක් ගමනක් ගිහිල්ල අපි ඉස්කොලේට ලං උනා... ඉස්කෝලේ තියෙන්නේ අලි මන්කඩක. අපි ගිය දවසෙත් අලියෝ ආපු සලකුණු තිබුනා..
ගල්කඩවල ඉස්කෝලේ ඉන්නේ ළමයි 24යි ගුරුවරු 2යි විදුහල්පතියි.. ඒ ළමයි ලෝකේ දිහා බලලා "මට phone එකක් ඕනේ laptop එකක් ඕනේ කියන්නේ නෑ.." තමන්ට තියෙන හොදම ආබරණය තමන්ගේ දැනුම... ගල්කඩවල ඉස්කෝලේ ළමයි ගොඩක් උනන්දුවෙන් වැඩ කරනවා.. ඒ වගේම ඉස්කෝලේ ගුරුවරු දෙන්නත් විදුහල්පතිත් උනන්දුවෙන් උගන්නවා... එක සර් කෙනෙක් නුවර.. එයාගේ පලවෙනි පත්වීම.. අවුරුදු 3ක් ඒ ඉස්කෝලේ... ඒ දෙගොල්ලොම තියෙන උනන්දුවෙ ප්‍රතිපල ගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයෙන් අවුරුදු 38කට පස්සේ ඉස්කෝලේ පලවෙනි ළමයා ලකුණු 173ක් අරන් පාස් වෙන්වා... ළමයි 5ක් ගිය අව්රුද්දෙ විභාගෙට ලියනවා... 4 දෙනෙක් ලකුණු 100ට වැඩිය ගන්නවා.. එකෙන් දෙන්නෙක් පාස් වෙන්වා... අනික් කෙනාට ලකුණු 159ක්.. කොට්ච්ර දුෂ්කර උනත් මේ ළමයි අදක්ෂයි කියන්න කාටවත්ම බෑ...
මේ ඉස්කොලේට අඩුපාඩු ගොඩක්... එත් මේ අපිට පුළුවන් විදියට මේ ළමයින්ගේ අධ්‍යාපනේ වෙනුවෙන් දෙයක් කරන්නයි අපි ලැස්ති උනේ.. අපි නුගේගොඩ NSBM එකේ 7ත් දෙනෙක් වගේ එකතු වෙලා Gurukula Arunalu - ගුරුකුල අරුණලු කියලා වැඩසටහනක් පටන් ගත්තා... එකට මේ Elakiri එකේ thread එකක් දැම්මේ පුලවන් කෙනෙක්ගෙන් පුලුවන් විදියේ ආධාරයක් බලපොරෝතුවෙන්...
ඔයාලා නුගේගොඩ ලග ඉන්නවනම් මෙන්න මේ දේවල් NSBM එකට ගෙනල්ල දීලා අපේ මේ වැඩේට සහයෝගයක් දක්වන්න... (නුවර ඉන්න ආධාර කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දන්නා...)
Single Rule Books • Double rule Books • Drawing Books • Pens(Red/Blue/Black) • Pencils • Erasers • Rulers • Grade 5 Scholarship Papers • Gum Bottles • Sharpeners • Small Scissors • ප්‍රාථමික සිසුන්ට සුදුසු වැඩ පොත් සහ පුස්තකාල පොත්
මම මේ වැඩේ පටන් ගන්න කලින් EK එකේ thread එකක් දාලා තමා ඉස්කෝලයක් හොයාගතේ...
මෙන්න ඒ thread එක : http://www.elakiri.com/forum/showthread.php?p=16281453#post16281453
අන්තිමට randika11 තමා අපිට මේ ඉස්කෝලේ ගැන කිව්වේ...
මෙන්න අපේ webiste එක : www.gurukula-arunalu.com
ඔයාලට පුළුවන් විදියට සහයෝගයක් දක්වන්න කියලා ඉල්ලනවා...
Last edited:
