Hernia Surgery (හර්නියා) - වයස අවුරුදු 75ක් - විස්තර දැන ගැනීමට

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,742
    31,084
    113
    අපායෙ දොරකඩ
    අපෙ සීයකෙනෙක්ට දැන් වයස අවුරුදු 75ක් වෙනව. හර්නියා 3ක් තියෙනවලු. ඒකට ශල්‍යකර්මයක් කරන්න ලබන සතියෙ කොළඹ මහ ඉස්පිරිතාලෙට එන්න කියල තියෙනව. හර්නියා තුනම ශල්‍යකර්මයට භාජනය කරනවද කියල දන්නෙ නෑ. බඩේ හිල් තුනක් විදල කරනවද නැත්තන් කපල කරනවද කියල කියලත් නෑ. වයස 75ක් නිසා ගෙවල්වල කට්ටිය ටිකක් බයවෙලා ඉන්නෙ. අධි රුදිර පීඩනය සහ ගැස්ට්‍රයිටිස් තියෙනව. ඒවට බෙහෙත් ගන්නව. වෙන ලෙඩක්නන් නෑ.

    මේ හර්නියා ශල්‍යකර්මය කරපු ඔයගොල්ලො දන්න කවුරුහරි ඉන්නවද?
    අනතුරුදායක වැඩිද?
    දවස් කීයක් ඉස්පිරිතාලෙ නැවතිල ඉන්න වෙයි ද?
    ශල්‍යකර්මයෙන් පස්සෙ ගන්න ඕන බෙහෙත් වලට එහෙම කීයක් වැයවෙයිද?
    සාමාන්‍යය පරිදි දෛනික කටයුතු කරගැනීමට කොච්චර කල් යනවද?

    මේගෑන විස්තර දන්නවනන් කියන්න. 🙏
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    ape siya kenekta kara.etchara nan amaru une ne.bed ridden hitiya masayak witara after operation.hebei itin awurudak witara mentally down wela weak wela hitiya.awidinna be watenawa etc.
     
    • Wow
    Reactions: Reincarnator

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    හර්නියා 3ක් කියන්නෙ උදරයට යටින් ඇති පටකය තුන් පලකින් හිල් වෙලා ඒ් තැන් වලින් බඩවැල් යටට බැහැල කියන එකයි. මම දන්න තරමින් සුළු වශයෙන් බැහැල තියෙන 2 ක් නම් හිල් කරල fix කරන්න පුළුවන්. 3 ක් නම් එහෙම කරන්න අමාරුයි.

    ඇරත් වයසත් සමග එම පටකය තුනී වෙන නිසා වයසක අයගෙ පටකය වැඩිපුර ඉරිල ලොකු හර්නියා ඇතිවන ඉඩකඩ වැඩියි. එහෙම වුණාම යටිබඩ ඉකිලි ප්‍රදේශයෙන් කැපුමක් දමල ම net එක දමන්න වෙනව. වයසක කෙනෙකු වීමත්, හර්නියා 3ක් වීමත් කැපුමක් දමා කරන සැත්කමක් සිදු කිරීමට ඇති ඉඩකඩ 95% කටත් වඩා වැඩි කරනව. සැත්කම ගැන නම් බය වෙන්න දෙයක් නැහැ අවදානම් සැත්කමක් නොවෙයි. ප්‍රෙෂර් එක වැඩි නම් සැත්කම කල් දාවි.

    දන්න තරමින් දැන් නිර්වින්දක ඖෂධ අඩු නිසා නිර්වින්දනය සැත්කමේ අවශ්‍යතාවය අනුව අවම මට්ටමින් කරන්න ඉඩ තියෙනව. සැත්කමින් පසුව අවශ්‍ය ප්‍රතිජීවක නම් හිග නැතුව ලැබේවි කියා සිතනව. කොහොමත් අඩුම දින 3 ක් වත් රෝහලේ ඉන්න වේවි කේස් එකේ විදියට. සැත්කමෙන් පස්සෙ හොඳටම පරෙස්සම් වෙන්න වේවි.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    මෙහෙමයි මචන්, ඔය සැත්කමට එච්චර බය වෙන්න දෙයක් නෑ... මම දන්න සීයා කෙනෙකුත් මැරෙන්න ඉස්සර ඔය හර්නියා සැත්කමක් කරා .....

    මොනදේ වෙන්න කියලා, US green card apply කරනවා වගේ, සුදු බිත්තියක් ඉස්සරහ සීයාගේ පින්තූරයක් අරන් තියා ගන්න. Surgery එක හරි ගියොත් ඊළඟ අවුරුද්දේ DV lottery දාන්න පුලුවන්..නැත්තං ...
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,894
    4,243
    113
    ඕක පොඩි surgery එකක් බන්.බයවෙන්ඩ ඕනෙ මැරුනොත් කියලා නෙමේ,මැරිලා ආයෙත් ලකේපන්කාවෙ ඉපදෙයි කියලා.
     
    • Love
    Reactions: Reincarnator

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    75 නම් මොකට බය වෙන්නද . කෝකටත් මල්ස්ගාලාවකට ගිහින් ගනන් බලලා ඉදපන් . 75 එකෙක් ගියා කියලා පාඩුවක් නෑ රටට ජාතියට
     
    • Dislike
    Reactions: Reincarnator