මචං මම අලුතින්ම හන්ක එකක් ගත්ත. දැන් අරන් මාස 2ක් වත් නෑ. 1100 ක් වාතර දුවල තියෙන්නෙත්. මේකෙ පොඩි අවුලක් තියෙනව. ගියර් 5 ට දාල වේගෙන් යද්දි හදිසියේ ට්‍රැෆික් එක හින්ද එක පාරටම ටිකක් තදේට බ්‍රේක් ගහල ශනිකවම 10ට වගේ ස්ලෝ වෙච්චි ගමන්ම ආයෙ ශනිකව රේස් කරල 3 ට දාල යන්න ඔ්න කියමුකො. ඒ වගේ වෙලාවට ක්ලච් එක එක පාරටම අල්ලල එක දිගට 5 ඉදන් 2 ට විතර ස්ලෝ වෙන ගමන් දාන්න බෑනෙ බන්. ක්ලච් එක අල්ලල 4 ට දාල ආයෙ අත ඇරල ආයෙ ක්ලච් එක මිරිකල ආයෙ 3 ට දාල ආයෙ අත ඇරල ආයෙ මිරිකල 2 ට දාන්න වෙන්නෙ. නැත්නම් මිරිකගෙනම ඔක්කොම දාන්න ගියාම දැමෙන්නෙ නැතුව නිකන් හිස් තැනක් වගේ දැනෙන්නෙ... මේක කේස් එකක්ද? නැත්නම් හැටිද බන්?