වැසිකිළිය තුළට ජංගම දුරකථනයක් ඇතුළු කර ඉන්දියානු ජාතික තරුණියකගේ ඡායාරූප ගැනීමට තැත්කළ බව පැවසෙන පුද්ගලයෙකු පෙරේදා (07)දා රාත්රියේ අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය ප්රදේශයේ පිහිටි
හෝටලයක සේවකයෙකු ලෙස කටයුතු කරන, බදුල්ල, හම්බාවෙල, කොස්වත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ ඉන්දියානු ජාතික තරුණිය තම මව, පියා හා සහෝදරයා සමග මෙරටට පැමිණ වැල්ලවාය ප්රදේශයේ
පිහිටි හෝටලයක ලැගුම්ගෙන තිබේ.
ඇය පෙරේදා (07)දා රාත්රියේ අදාළ හෝටලයේ ප්රධාන ශාලාවේ පිහිටි වැසිකිළියකට ගොස් සිටි අවස්ථාවක සැකකරු සිය ජංගම දුරකථනය ඇතුළු කර ඇය ඡායාරූපගත කිරීමට තැත් කර ඇතැයි පොලීසිය පවසයි.
...
gossiplankanews