Hidden Story NZ (නවසීලන්තයේ කිරි නිෂ්පාදනයේ තිත්ත ඇත්&#350

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පිටි කිරි නම් මොකොවත්ම බොන්නේ නෑ. උදේ 8ට කලින් නැවුම් එලකිරි ගන්න පුලුවන් අපේ පැත්තේ ලඟ තැනකින්. කඩවල් වල තියෙන පැකට් කිරි බිව්වා කාලයක්. ගෑස්ට්‍රයිටිස් ආව එව්වට සති ගාණෙන්. කොත්මලේ වැනිලා එකයි චොකලට් එකයි. ෆ්‍රෙශ් එකත් ජරාව. ඔය කිරි ගන්න එලදෙන්නුන්ගෙ ලේ ධාතුව කෝප වෙලා නම් ඒ නිසා උන්ගේ ඇඟේ හැදෙන විස දේවලුත් කිරි වලට එනව කියලා මම අහල තියෙනව. කොත්මලේ කිරි (Kothmale milk) (Vanilla, Chocolate, Fresh) නම් අත්දැකීමෙන් කියන්නෙ බොන්න නම් එපා ආයෙ ශුවර් එකට ගෑස්ට්‍රයිටිස් එනව.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    මෙම වීඩියෝවේ දැකීමට අපහසු දර්ශන ඇති බැවින් සංවේදී අය නැරඹීමෙන් වලකින්න

    අරු එහෙම දාලා තියන්නේ නිකන්ද. :baffled: එල එල බලමු.

    උබ බැලුවද:eek:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,050
    9,364
    113
    Microsoft
    උබ නෙමේ බං අරූ:eek:, උබ නම් මේක බලපු දවසේ ඉදලා බම්ප් කරනවනේ


    eya balala:yes: ekane ara angry smiley eka dala tiyenne:yes: me thread eka balala goda denek kiri bona eka nathra karala:cool:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කිරිපිටි වලට විරුද්ධව කැම්පේන් කරන කට්ටිය ඇත්ත හේතුව පැහැදිළිව කියල කැම්පේන් කරන එක හොඳයි. "ශරීරයට අත්‍යාවශ්‍ය නෑ" වගේ කතා එතරම් බුද්ධිමත් තර්ක නෙවෙයි.
    තේ, කෝපි කොකා කෝලා එකක්වත් ශරීරයට අත්‍යාවශ්‍ය නෑ තමයි. මිනිස්සු ඒවා බොන්නේ කඩේ සල්ලි දීල ගන්න තියන නිසා. ඒ මට්ටමට දාල කිරි බොන එකාට ඔය තර්ක කියල වැඩක් නෑ.

    අනික "ළමයට මව්කිරි ප්‍රමාණවත් නොවීම" කියන සුලභ ප්‍රශ්ණයට දුප්පත් පෝසත් භේදයක් නෑ. සල්ලි තියන අයට කෘතිම මව්කිරි ආදේශක ගන්න පුළුවන් ඇති. සාමාන්‍ය මිනිස්සු නවසීලන්ත කිරිපිටි දෙනවා. මහරෑ අඩ නින්දේ කිරි ඉල්ලල කෑ ගහන දරුවෙකුට ඝණ ආහාර/ අර්ධ-ඝන ආහාර දෙන්නත් බෑ. මේ ප්‍රශ්ණ සියල්ල ගැන අවබෝධයෙන් බලන්න වෙනවා.

    ලංකාවට වඩාත් ගැලපෙන්නේ මහා පරිමාණ ප්‍රාණඝාත කොම්පැනියක කිරි නොවන බව නම් පැහැදිළියි. ගෙවල්වල දොවන කිරි එකතු කරල හදන දෙයක් (මං හිතන්නේ පැල්වත්ත කරන්නේ එහෙම.) වඩාත් ගැලපෙනවා.
    කිරිපිටි විරෝධී කැම්පේන් වලින් අධික ඉල්ලුම අඩු කරගන්න පුළුවන් නම් කිරිපිටි ආනයනය අඩු වෙයි.