මචන් නියම කිරි පිටි හදන්නේ එළකිරි වලින්. පිටි නිෂ්එපාදනය වැඩි වෙන්න නම් කිරිගව පාලනය වැඩි වෙන්න ඕන. ඒකට උසස් තත්වයේ කිරි දෙනුන් වැඩි වෙන්න ඕන. උන්ට සයිමන් අයියගේ කළු වැස්සි වගේ ඕන දෙයක් කාල සයිමගේ ගද මඩුවේ ලැගල ඉන්න පුළුවන් ජාතියේ එවුන් නෙමෙයි. උන්ට පරිසර තත්ත්ව, කෑම, බෙහෙත් හොදට ඕන. ඉතින් ඒවා එක රැයෙන් පහල වෙන්නේ නෑ. ගැලපෙන පරිසර තත්ව හොයල දෙන එක ලොකු ගැටළුවක්. හම්බන්තොට, පොලොන්නරුව හිස්ඉඩම් තිබ්බට ඒවායේ තණකොළ, වතුර යහමින් නෑ. නුවරඑලිය, නුවර වැඩේට හොද උනත් විශාල හිස් ඉඩම් සීමිතයි.
අනික දැනටමත් ලංකාවේ ඉන්න පාරම්පරික කිරි ගොවියොන්ගේ ඒකක නිෂ්පාදනය අඩුයි. ඒ වැස්සියෝ ගොඩක් එවුන් ලොන්ත කූස් එවුන්. ඇඟේ මුළු විරියම දාල මිරිකුවත් කිරි බෝතලයක් එන්නේ කලාතුරකින්. එක ගොවියෙක් කළුවරගස් වැව ඉද්දි අනිත් එකා ඉන්නේ කහටගස් දිගිලියේ. ඉතින් කිරි ලොරිය පැට්‍රල් ලීටර් 20 ක් විතර පුච්චගෙන කිරි ලීටර් 10 ක් ගන්න යන්න ඕන. තව සමහර ගොයියෝ ඉන්නවා කිසිම සැලකිල්ලක් නැතුව කිරි හදන. ලැට් එකට ගිහින් එන ගමන් ඒ භාජනේටම වැස්සිගෙන් කිරි ටිකත් දොවන් එනවා. ඉතින් කොහොමද බන් උන්ගෙන් කිරි ගන්නේ ??? ගබඩා පහසුකම්, ශීතාගාර වගේ දේවලුත් ප්‍රශ්න තමා.