somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    එළියේ සිට ම බීමතින් ඇතුළට පැමිණි තරුණ ජෝඩු DJ සංගීතය ඇසෙන මානයට වී නටන්නට පටන් ගත්හ. තවමත් වෙරි වෙන්නට නොහැකි වූ ජෝඩු නටන්නට පෙරාතුව බොන්නට පටන් ගත්හ. එහි ගැහුණු පිරිමි කියා බේදයක් නොතිබිණි. සිගරට් අරක්කු කියා ද බේදයක් නොතිබිණි. මේ අතරවාරයේ ඇටෙන් පොත්තෙන් යන්නට මත්තෙන් "හික්කාව"තුළට රිංගාගත් කොලූ රෑනක් සියලූ පූජාවන්ට පෙර දෑත් දෝවනය කරන්නාක් ලෙසින් පැමිණි විගසම මත්වෙන්නට පටන් ගත්හ.
    හික්කා භූමියේ මත්වීම ද ලේසි පහසු කටයුත්තක් නොවුණි. එය ද මිල අධික වැඩකි. සියලූ මත්පැන් මේ භූමියේ අලෙවි කළේ එකට එකක් මිල වැඩිකර ය. කොතරම් මිල වැඩි වුවත් නොබී නොසිටින්නට සියල්ලෝ වග බලාගත්හ. හික්කා නරඹන්නට පැමිණ සිටි විදේශිකයන් අතළොස්ස ගැන ද නොකියාම බැරි ය.
    හික්කඩුව වෙරළ සැණකෙළිය පැවැත්වීමේ මුඛ්‍ය පරමාර්ථය ලෙස සංචාරක අමාත්‍යංශය රටට කීවේ විදේශීය සංචාරකයන් හික්කඩුවට ඈඳාගැනීම ය. එහෙත් පළමුවෙනි දා රාත‍්‍රියේ හික්කා භූමියේ සිටියේ විදේශ සංචාරකයන් 20ක් 30ක් පමණ ය. ඔවුන් අතරින් වැඩිපුර සිටියේ තරුණ සහ මැදිවියේ කාන්තාවන් ය.
    මධ්‍යම රාත‍්‍රිය උදාවත් ම හික්කා භූමියේ සිටි කොල්ලො කෙල්ලෝ හොඳහැටි වෙරි වී සිටියහ. "හික්කා"ඒ වන විට හොඳහැටි "චික්කා"වී තිබිණි. වෙරිමතින් මත්ව උන් ජනයා දසත පැතිරෙන අනුරාගී DJ තාල අනුව අනුරාගී නැටුම් නටති.
    ඇතැම් ජෝඩු අඳුරු අහුමුලූවල සැලමුතු නුගිනුරා පෙම දියකරමින් සිටියහ. තවත් ජෝඩු උමතු වූ පරිද්දෙන් එකිනෙකා වෙළා ගනිමින් නටමින් සිටියහ. ඒ කිසිවකුට ඇදිවත ගැන පවා දැනීමක් නැත.
    විදේශීය කාන්තාවන්ට නොඑසේනම් සුද්දියන්ට කුරුමානම් අල්ලමින් සිටි කොල්ලන් රෑනක් මධ්‍යම රාත‍්‍රිය වන විට උනුන් තම කුරුමානමට ගොදුරු කරගෙන සිටියහ. ඒ නිසා උනුන්ගේ ප්‍රේමාලිංගනය ද දෝරේ ගලන්නට පටන් ගෙන තිබිණි.
    මේ අතරවාරයේ මෙම අනුරාගී රැගුම් දෙස බලා ඒවා තම කැමරාවලටත් ජංගම දුරකථනවලටත් පටිගත කර ගැනීමට වෙහෙසෙන පිරිසක් ද ඒ අතර සිටියහ. අවටින් පැමිණි කොල්ලෝ පිරිසක් එහි මූලිකත්වය ගෙන කටයුතු කළහ. සවස් යාමයේ සිට වේලී වේලී එහා මෙහා යන ඇතැම් ආරක්ෂක නිලධාරීන්ට ද මෙය "ප‍්‍රබෝධමත්" අවස්ථාවක් බවට පත් විය. වහා කි‍්‍රයාත්මක වූ ඔවුහු සංචාරක ඇමැතිවරයාගේ අභිමානය විදහාපාමින් අහසට නැග තිබූ කොඩි කණුවලට මුවා වී මේ රැගුම් වීඩියෝ කරන්නට පටන් ගත්හ.
    බීර පානය කිරීමෙන් අධික මුත‍්‍රා බරින් පෙළුණු කොල්ලන් පිරිසක් සුළුදිය පහකරනු පිණිස වෙරළේ අඳුරු තැනක් බලා ගියහ. අපි ද ඔවුන් පසු පස ගියේ කතාවකට ඇදා ගැනීමේ අටියෙනි.
    "ඒ වරෙන් වැඩක් පෙන්නන්න.."
    කොල්ලෙක් අඳුරු මුල්ලක් වෙත අත දිගුකළෝ ය. අපි ද වහා ඒ දෙස බැලූවෙමු. එතැන සිටියේ ආරක්ෂක නිලධාරියෙකි. ඔහුට මදක් ඈතට වන්නට තරුණ ජෝඩුවක් සැලමුතු නුගිනුරා පෙම් ජවනිකාවක ය. එදෙස බලාගෙන මේ නිලධාරියා ස්වයං වින්දනයේ යෙදේ.:confused: ඒ කිසිකෙනකුගේ වින්දනයට බාධාවක් නොකළ අපි සුළු දිය පහකිරීමට ආ කොල්ලන් සමග කතාබහ කළෙමු.
    "මල්ලි උඹලා කොහෙද...?"
    "කොටහේනේ...?"
    "කවුරු කවුරුද ආවේ....?"
    'අපේ ක්ලාස් යන සෙට් එක.."
    "කෙල්ලොත් ආවද..?"
    "ඔව්. ගෙවල්වලට පොඩි මරිසියක් දාලා එක්කන් ආවා."
    "මොනවා කියලද..?"
    "ටි‍්‍රප් එකක් යනවා කියලා ආවේ..."
    "අද කොහෙද ඉන්නෙ..."
    "පොඩි ලොජ් එකක රූම්ස් ටිකක් අරන් ඉන්නෙ."
    තවත් බොහෝ දේ කතා කරන්නට අවශ්‍යව තිබුණත් යළිත් නටන්නට ගිය නිසාවෙන් අපිට ඒ අවස්ථාව මඟ හැරුණි.
    තවත් හෝරාවක් යන්නට මත්තෙන් DJ රැඟුම් වෙනම ම අතකට හැරුණි. DJ නැටුම් පැවැති තැන්වල අනුරාගී නැටුම් නටන්නට විශේෂයෙන් පුහුණු කරන ලද විදේශීය කාන්තාවන් කිහිප දෙනෙක් යොදවා තිබිණි.
    කොටට ඇද සිටි ඔවුන් මේස උඩට නැග ඉදිරිපත් කරන අනුරාගී නැටුම් දැක අවට සිටි ජෝඩු ද කුල්මත් වූවා වැනි ය. ඔවුන්ගේ සම්ප‍්‍රාප්තියත් සමග ම මෙතෙක් අතේ තබාගෙන බි බී උන් අරක්කු බෝතල් ඔළුවේ හළා ගන්නට ද ඇතැමෙක් කටයුතු කළහ. නටන අතරවාරයේ තම උඩුකය ලා සිටි ඇදුම් ඉවත් කරමින් ඉඳහිටි නිරුවත් ළමැද ප‍්‍රදර්ශනය කිරීමට ද මේ සරාගී කතුන් අමතක නොකළෝ ය.
    ඒ නිසාම මේස උඩට වී නටන මේ සරාගී කතුන් ව පහළ සිටින සුරාසොඩ තරුණයන්ගෙන් බේරාගන්නට වෙනම සේවක පිරිසක් යොදවන්නට ද හෝටල් බලධාරීන්ට සිදුවිය.
    තවත් හෝරාවක් දෙකක් යන විට DJ සංගීතයට නැටූ පිරිස අඩුවන්නට විය. ඒ වෙනුවට මුහුදු තීරයේ එක දිගට වැතිරී සිටින පිරිස වැඩිවන්නට පටන් ගත්හ. දැන් දැන් ජෝඩු ජෝඩු මුහුදු තීරයේ මුහුදට මුහුණලා වාඩි වී ආලිංගනයේ යෙදී සිටිති. සවස් වරුවේ හික්කා භූමියට එනවිට අතේ එල්ලී සිටි කෙල්ල දැන් වෙන කොල්ලකුගේ තුරුලේ ය. හවස් යාමය පුරා කරවටා අතයවා සිටි කොල්ලා වෙනත් කෙල්ලක් තුරුලට ගෙන ය.
    මේ සිටින ජෝඩු අතර සුද්දියන්ව ග‍්‍රහණයට ගත් ලංකාවේ කොල්ලෝ ද සුද්දියන්ගේ ග‍්‍රහණයට මැදි වූ ලංකාවේ කොල්ලෝ ද එමට සිටියහ. එපමණක් නොව සමලිංගික කාන්තාවන් සහ පිරිමින් ද එකිනෙකාට තුරුලූව මේ වෙරළ තීරයේ කිසිදු අපුලකින් තොරව ආලිංගනයේ යෙදී සිටිති.
    වෙරළ තීරයේ සේම ඇඳන් ආකාරයෙන් වෙරළේ ඉදිකර තිබූ ගිමන් නිවන කුටි තුළ ද බොහෝ දේ සිදුවිය. ඒවා වචනයට පෙරළීම පුවත්පත් සදාචාර සීමාවන් ඉක්මවන බැවින් හික්කා සටහනට මෙතැනින් තිතක් තබමි.
    මගේ රහස අවසාන ය. ලිපිය කියවීමට පෙර මට ලබාදුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉෂ්ට කිරීමට වගබලා ගනු මැන. එපරිද්දෙන්ම කිවයුතු තවත් යමක් තිබේ. මේ පත්තර කෑල්ල සංස්කෘතික ඇමැතිවරයාට හසු නොවන්නට ළඟ තබා ගන්න. යම් හෙයකින් ඔහුගේ අතට මෙය පත්වුවහොත් "වැඩිහිටියන්ට පමණයි"ලේබලය ගසා පුවත්පත් ලිපිද තහනම් කරනු ඇත. එසේම සාහිත්‍යසූරී මහරජාණන්ට ද මේ ලිපිය ගැන හෝඩුවාවක් හෝ සැලනොකර සිටින්නට වගබලා ගන්න. ඔහුගේ අතට මෙය හසුවුවහොත් "මතට තිත"කඩාකප්පල් කළායැයි කියා ඔහු ද මෙය තහනම් කරනු ඇත.
    අවසන් වශයෙන් මෙය අභිනව ධුරන්දර සංචාරක ඇමැතිවරයාට ද සඟවා තබා ගන්න. ඔහුගේ අමාත්‍යංශයේ පළමු දැවැන්ත ව්‍යාපෘතියෙන් මේ ආකාරයෙන් සදාචාරයට නව පණක් ලබාදෙද්දී මෙවැනි ලිපි ළඟ තබාගැනීම ඔහුගේ රොස් බවට හේතුවනු ඇත.

    උපුටා ගැනුම - අසංක සායක්කාර - "ලංකා ඉරිදා සංග්‍රහය"
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    03.jpg
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    සුදු මහත්තයා;5333894 said:
    redda. oka api dakka ban. oya kiyana seen eke 4to ehema nadda danne na neda? ;)

    Code:
    http://www.hikkafest.com/
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    meka liyapu eka mokakda danne balaporoththu wenne...
    ape sanskruthika amathiyata kiyala mewwath thamanam karanda da ???

    ehema unoth thawa issarahata lankawa kisima athal ekak ganda bari chater deshayk wei ! ane manda... :(
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    "මල්ලි උඹලා කොහෙද...?"
    "කොටහේනේ...?"
    "කවුරු කවුරුද ආවේ....?"
    'අපේ ක්ලාස් යන සෙට් එක.."
    "
    කෙල්ලොත් ආවද..?"
    "ඔව්. ගෙවල්වලට පොඩි මරිසියක් දාලා එක්කන් ආවා."
    "මොනවා කියලද..?"

    "ටි‍්‍රප් එකක් යනවා කියලා ආවේ..."
    "අද කොහෙද ඉන්නෙ..."
    "පොඩි ලොජ් එකක රූම්ස් ටිකක් අරන් ඉන්නෙ."

    තවත් බොහෝ දේ කතා කරන්නට අවශ්‍යව තිබුණත් ය
    MENNA FUN EKA
    PAW! AMMALA DEWIYANATA KIYANNA ATHI DARUWANTA MAGATHOTA KARADARAYAK NATHUWA ENNA LABENNA KIYALA.
    A UNATA LAMAI LODGE WAKA HIKKAFUN GANNAWA.WAY TO GO...!!