hIKZ චන්දෙ_ළගයිනේ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    විදෙස් ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප ලබන අප්‍රේල්


    image_1503635454-85ef269aa8.jpg

    විදෙස් ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් සකස් කරන විශ‍්‍රාම වැටුප ලබන වසරේ අපේ‍්‍රල් මාසය වනවිට ලබාදිය හැකි වෙතැයි අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.

    ඉකුත් වසරේ අයවැයෙන් මෙම විශ‍්‍රාම වැටුප ලබා දීම යෝජනා වූ අතර එහි කටයුතු කෙරෙමින් පවතින බවද අමාත්‍යවරිය කීවාය.

    තමන් අධිකරණ අමාත්‍යවරිය ද වන නිසා එහි නීතිමය කටයුතු දැන් වඩාත් පහසු වී ඇතැයි කී අමාත්‍යවරිය සමහර කටයුතුවලට යම් කාලයක් යන්නේ යැයි ද කීවාය.

    විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් කාර්යංශයේ වෙනම අංශයක් ඇති කරන්නට කටයුතු යොදන බව ද අමාත්‍යවරිය පැවැසුවාය.

    කෙසේ වෙතත් මේ විශාම වැටුප සඳහා දායක විය හැක්කේ ලියාපදිංචි වී විදේශ ගත වන අයට පමණක් වනු ඇති බවත් නීති විරෝධී අන්දමින් රට යන කිසිවෙකුට ඊට දායක විය නොහැකි වන බවත් ඇය කීවාය.

    අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද(17) පැවැති වන්දි මුදල් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

    එහි දී ලියාපදිංචි වී විදේශ ගත වී මරණයට පත්වූ හා විවිධ කරදරවලට මුහුණ දුන් 19 දෙනෙකු වෙනුවෙන් රුපියල් 60,00,000 කට අධික මුදලක් ප‍්‍රදානය කරන ලදී.


    ලංකාදීප
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    තාජුදින් ලගේ මිනි ටීකත් ලෑස්ති කරනවා ඇති මේ දවස් වල හෙට අනිද්දා නාඩගම පටන් ගනිය්
     

    Similar threads