History of Photoshop: Journey from Photoshop 1.0 to Photoshop CS 6

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    යමෙකු වෙබ් ඩිසයිනර් කෙනෙකු වුවා නම් ඔහු තම මවුසය අතට ගත් දා පටන්ම Photoshop ගැන දන්නවා විය යුතුමයි. පරිගණකය අන්තර්ජාලය භාවිතා කරනවානම් ඒ ගැන නොදන්නවා වෙන්න බෑ...
    ඇයි සුදු වෙන්න එහේමත් පාවිච්චි කරනවනේ!!


    මේ වැඩසටහනත් දැන් වයසයි.
    2013 පෙබරවාරි 10 වැනිදා වෙද්දී Photoshop වලට අවුරුදු 23 ක් වුනා.. නෑ...!
    දන්නේ නෑ නේද?........මම දන්නෙත් නෑ..

    හැබැයි අවුලක් නෑ........දැන් දැනගන්න පුළුවන් අතීත කතාව
    එකතුවන්න අපිත් එක්ක අපේ ජිවීතය වර්ණවත් කරන්න උදවු වෙන Photoshop අතීතය ගැන දැනකියා ගන්න..

    වෙනදා වගේ තොරතුරු ජායාරූප සියල්ලම අන්තර්ජාලයෙන්.....

    ඔහුගේ පියා වුන Glen Knoll විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයකු වු අතර ඔහුට පරිගණක විද්‍යාවට අමතරව ජායාරූප ශිල්පයට වැඩි කැමැත්තක් දැක්වුවා.
    ඔහු සතුව නිවසේ පහල තට්ටුවේ කලුවර කාමරයක් සතු වු අතර Aplle II වර්ගයේ පරිගණකයකුත් ඔහු සතු වුනා.
    දෙදරු පියෙක් වුන Glen Knollට හිටියේ පුත්තුම දෙන්නෙක්...
    මිචිගන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිල්පය ඉගෙන ගනිමින් සිටි ප්‍රශ්චාත් උපාධීධාරී ශිෂ්‍යකු වු Thomas Knoll තම පියාගේ අභාෂයෙන් ජායාරූප ශිල්පය ගැන වැඩි වශයෙන් හා ජායාරූප පිටපත් කරන කලු කාමරය හා ඒ ගැන වැඩි වශයෙන් අධ්‍යනය කල අතර ඔහුගේ සහෝදරයා වු John Knoll එකල කැලිෆෝනියාවේ Industrial Light and Magic නැමැති සමාගමේ රාජකාරී කරමින් සිටියා. ඒ Visual Effects​ සුපරීක්ෂකයකු වශයෙනි...



    පලමු වරට 1984 දී වෙළඳ පොලට ඉදිරිපත් කල Mac + පරිගණකයක් මිලදී ගනු ලැබු Thomas Knoll1987 දි ඔහු වර්ණ ජායාරූපයන් අලු පැහැයට හැරවිය හැකි මෘදුකාංගයක් එකල නිර්මාණය කලේ තම එම පරිගණකය ආධාරයෙනි. එය සාර්ථක වීමත් සමගම තව තවත් වෙනස්කම් ජායාරූපයකට සිදුකල හැකි ලෙස ඔහු එය දියුණු කරන්නට විය.
    ප්‍රථමයෙන් එය Display නම් කරන ලදි.



    බබා හම්බවුන පින්තූරයෙන් ලොවට ආ “කැමරාවක්සහිත ජංගම දුරකතනයේ“ අපුරු උපත් කතාව දැන ගන්නමෙතනින් යන්න.........


    එම උත්සහය දුටු John Knoll විසින් තම සහෝදරයා තවත් උනන්දු කරමින් හා එකට වැඩ කටයුතු කරමින් 1988 “Image pro” නමින් මෘදුකාංගයක් ඉදිරිපත් කරන ලදි. එය වෙළඳ පොලට ඉදිරිපත් කරමින් ඔවුන් ඒ සඳහා ස්කෑනර් නිපදවන Barneyscan සමාගම හා ගිවිසුම්ගතව ඒ හා තම මෘදුකාංගය අලෙවිකරනු ලැබුවා. එයින් පිටපත්200 ක් අලෙවි කර ගැනීමට ඔවුනට හැකිවී තිබුනා.
    අවසානයේ Adobe සමාගම හා එකතු වීමට අවස්ථාව උදාකරගත් අතර එය ඔවුන්ගේ ස්වර්ණ යුගය උදාවීම වුනා.
    1990 දී පෙබරවාරි 10 වැනිදා තම මෘදුකාංගය Adobe1.0 ලෙස නිකුත් කරන්නට වුනා.


    පසුව ප්‍රධාන වැඩසටහනට එකතු කල හැකි කුඩා ප්‍රමාණයේ විශේෂ වැඩ සහිත කුඩා වැඩසටහන් නිපදවමින් ඒවා ප්‍රධාන වැඩසටහන හා සම්බන්ධ කල හැකි ක්‍රමයක් සොයාගත් අතර ඒවා PhotoshopPlugins ලෙස මුලින්ම හදුන්වා දුන් අතර වර්තමානයෙන් එය දියුණුවෙමින් add-ons දක්නට හැක.


    වසර 20 ක් සපිරීම නිමිත්තෙන් ඔවුන් හා කරන ලද සම්මුඛ සාකච්ජාවක් තමා මේ තියෙන්නේ.........


    මුල්ම Photoshop වැඩසටහන ආරම්භ වන විට ප්‍රධාන මෘදුකාංගයට සහාය වු පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන් හතර දෙනෙකුගේ නම් සඳහන් වු අතර වර්තමානයේ වඩා විශේෂිත වු ප්‍රධාන පුද්ගලයන්ගේ නම් පමණක් සදහන් කරනු ලබයි.
    මේ තියෙන්නේ මේ තාක් කල් නිකුත් වු සංස්කරණයන් ගැන කෙටි විස්තර සහිත පින්තූර පෙලක්.......... බලන්න කීයක් මතකද කියලා.......





















    මේ හරිය නම් මතක ඇති.....












    PhotoshopCS4 දක්වාම කටයුතු කරනු ලැබු Thomas Knoll වර්තමානයේ Camara Raw Plugin නැමැති මෘදුකාංගය දියුණු කරමින් සීටී. එමගින් ඩිජිටල් කැමරා සමඟ ක්‍රියාකරනු ලබයි. ප්‍රථම වරට එය 2003 පෙබරවාරී මස නිකුත් කරන ලදි.



    එය සහය දක්වන කැමරා වර්ග මෙතනින් බලන්න පුළුවන්......


    Industrial Light and Magic සමාගමේ Visual Effects​ සුපරීක්ෂකයකු වශයෙන් තවමත් කටයුතු කරනු ලබන John Knoll විසින් ප්‍රථම Star Wars චිත්‍රපටි වලට හා Pirets of the Caribbean,Mission Impossible (1996) චිත්‍රපටි සඳහා තම සේවය ලබා දී තිබේ.

    අපිත් ඉතින් ඉඳලා හිටලා සුදු වෙන්න පැල්ලම් ටික මකාගන්න පාවිච්චි කරන හින්දා මේ ගැන කතා කරපු එකත් හොදයි නේද??
    කොයි එකෙන්ද ඔයා පටන් ගත්තේකියලා කියන්න බලන්න........


    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව

    [/FONT]​
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,074
    113
    invoke db "Injected Memory"
    Rep+
    මං නම් Photoshop 7.0 ඉදන් තමයි පාවිච්චී කරන්න ගත්තේ..

    මමත් 7 macho. . 7 තාමත් පාවිච්චි කරනවා Studio වල , අලුත් එවට වඩා ගොඩක් Fast and Simple.. . . මගෙ දාල තියෙන්නෙ CS 6 64 bit එක, මේක Load වෙනකොට ps 7 එකනම් Edit කරලත් ඉවරයි.. ..

    පට්ට ත්‍රෙඅඩ් එක Rep +