HIV ආසාදිතයන්ගේ වැඩි වීමක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
HIV ආසාදිතයන්ගේ වැඩි වීමක්

ගම්පහ හා කොළඹ HIV ආසාදිතයන්ගේ වැඩි වීමක්

ශ්‍රීලංකාවේ මුල්ම HIV ආසාදිතයා 1987දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වාර්තා වූඅතර එදින සිට 2013දක්වා HIV ආසාදිතයන් සංඛ්‍යාව 1845ක් වාර්තා වී ඇති බවසෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දැකිය හැක. මේ ආසාදිතයන්ගෙන් 60%ක් පුරුෂපක්ෂය වන අතර 40%ක් කාන්තාවන්ය.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා, අසාදිත ගැබිනිමවගෙන් දරුවාට, හවුලේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිරිංජර් මාර්ගයෙන් HIV රෝගය පැතිර යාමට හේතු වේ. මේ සඳහා රජය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවාඇත.

රජය මඟින් හඳුනාගත් HIV ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම, පරීක්ෂාව හාඋපදේශන සේවා ක්‍රියාත්මක කර ඇත. අපරික්ෂාකාරී ලිංගික සබඳතා පැවත්වූවන්හඳුනාගෙන සායනවලට ගෙන්වීම, වැළඳී ඇති පිරිස වෙනුවෙන් සායන 12ක් මඟින්ප්‍රතිජීවක ඖෂධ ලබාදීම, සෑම ගර්භනී මවකටම HIV රුධිර පරීක්ෂාව සිදු කිරීමක්ද සිදු වන බව අමාත්‍යවරයා පැවසීය.

පාසල් ළමුන් දැනුවත් කිරීම, රුධිර පරිත්‍යාගශීලීන් පෙර පරීක්ෂාවමඟින් ද HIV රෝගයට ගොදුරුවීම වැළැක්වීමට රජය පියවර ගෙන තිබේ.

එසේ හඳුනාගත් පිරිස සායන සඳහා යොමු කරන අතර ආසාදිත මව හා දරුවන් වෙනුවෙන් ප්‍රතිඖෂධ ලබාදෙමින් රෝගය පාලනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

(ලංකාපුවත්)
 
rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ගිය සතියේ පේරාදෙණිය සිරිමාවෝ එකට මාස ගානක පොඩි එකෙක් අරන් ඇවිත් ඔපරේෂන් එකකට ... චෙක් කොරල බලද්දී AIDS ලු බන් ... වැඩේ තියෙන්නේ ඒ පොඩි එකා දරුවෝ නැති කපල් එකක් හදාගන්න ගන්න අරන් තියෙන්නේ ....:sorry::sorry::sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,581
    17,641
    113
    Auckland
    ගිය සතියේ පේරාදෙණිය සිරිමාවෝ එකට මාස ගානක පොඩි එකෙක් අරන් ඇවිත් ඔපරේෂන් එකකට ... චෙක් කොරල බලද්දී AIDS ලු බන් ... වැඩේ තියෙන්නේ ඒ පොඩි එකා දරුවෝ නැති කපල් එකක් හදාගන්න ගන්න අරන් තියෙන්නේ ....:sorry::sorry::sorry:

    ayyooooo :sorry::sorry::sorry::sorry:
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    ගිය සතියේ පේරාදෙණිය සිරිමාවෝ එකට මාස ගානක පොඩි එකෙක් අරන් ඇවිත් ඔපරේෂන් එකකට ... චෙක් කොරල බලද්දී AIDS ලු බන් ... වැඩේ තියෙන්නේ ඒ පොඩි එකා දරුවෝ නැති කපල් එකක් හදාගන්න ගන්න අරන් තියෙන්නේ ....:sorry::sorry::sorry:

    :shocked::shocked:: shocked: :(:(:(