HIV AIDS වෛරසය ලංකාවෙන් තුරන් වෙයි ද

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
HIV AIDS වෛරසය ලංකාවෙන් තුරන් වෙයි ද

HIV AIDS වෛරසය ලංකාවෙන් තුරන් වෙයි ද​


attachment.php

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ HIV AIDS වැඩපිළිවෙල ( UNAIDS ) වාර්තා කරන අන්දමට HIV වෛරසයට ගොදුරු වූ සංඛ්‍යාව මිලියන 35කට අධිකය. ඉන් මිලියන 35ක්ම සිටිනුයේ අප්‍රිකානු රටවලය. ඒඩ්ස් රෝගයෙන් මියගිය මව්පියන් නිසාවෙන් අසරණ වූ දරුවන් සංඛ්‍යාව මිලියන 15ක් බව එම වාර්තා වල සඳහන් ය. 95% අප්‍රිකානු දරුවන්ය.



UN AIDS සංවිධානයේ නිගමනය වී ඇත්තේ 2020 දී ඒඩ්ස් නිසා අනාථ වන දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 50ක් විය හැකි බවයි. සහරා කාන්තාරයට දකුණින් ඇති අප්‍රිකානු රවල් 16ක වැඩිහිටියන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුම HIV වෛරසයට ගොදුරු වී ඇති බවට ඔවුන් අදහස් කරයි. රටවල් දහයක ( 10 ) ඉතාම බරපතල බව වැඩිදුරටත් සඳහන් වෙයි.



බෝට්ස්වනාවේ 38.5% ක්ද, ස්වාසිලන්තයේ 25.1% ක්ද, ලේසොතෝහි 23.6% ක්ද, ලිබියාවෙහි 20.0% ක්ද, දකුණු අප්‍රිකාවේ 19.9% ක්ද, නැම්බියාවේ 19.5 ක්ද, මලාවි 16.0% ක්ද, කෙන්යාවේ 14.0% ක්ද, අප්‍රිකානු ජනරජයේ 13.8% ක් ද වැඩිහිටි ජනයා මෙම වෛරසයට ගොදුරු වී තිබේ. ඒඩ්ස් රෝග කාරකය මුල් වරට සොයාගනු ලැබුවේ 1983 දී. සයිරේ. හි කිශාසා නුවර, මමායෙමා ආරෝග්‍යශාලාවෙදිය. අභිරහස් රෝගයකින් පුදුමාකාර ලෙස මිනිසුන් මිය යද්දී එයට හේතුව කුෂ්ඨ ආසාධනය වීම බව සොයා ගත්තේ සැන් ෆ්රැන්සිස්කෝ සහ නිව්යෝක් නුවර විද්ඥයින් කණ්ඩායමක් විසින්.






ඇමරිකාවේ 0.01% ක්ද, ඉන්දියාවේ 0.70% ක්ද, තායිලන්තයෙන් 2.15% ක්ද, බ්‍රසීලයෙන් 0.57% ක්ද, වන අතර ඇමෙරිකාව ඇතුළුව යුරෝපා රටවල ප්‍රමාණය අඩු වී ඇතත් එය නැත්තටම නැති වී නැත. ප්‍රංශයේ සෑම පැය දෙකකට වරක්ම එක අයෙකු ඒඩ්ස් රෝගයට ගොදුරු වෙයි.


attachment.php


ශ්‍රී ලාංකේය ජන සමාජය තුළට ඒඩ්ස් HIV AIDSවෛරසය කාන්දු වී ඇති බවට මුලින්ම සොයා ගැනෙන්නේ කොයි කාලයේද?

1987 වර්ෂයේ තමයි පළමු ශ්‍රී ලාංකික ඒඩ්ස් රෝගියා අප හඳුනා ගන්නේ. නමුත් ඊට පෙර එනම් 1986 වසරේදී ඒඩ්ස් හෙවත් HIV වෛරසය ශරීරගත වූ විදේශිකයෙකු රට තුලදී හමුවෙනවා.



HIV AIDS වෛරසය ශරීර ගත වීමෙන් පුද්ගලයෙකු තුළ ඇති වන ප්‍රතික්‍රියාව කෙබඳු ද

මුලික වශයෙන්ම සිරුරේ ප්‍රතිශක්තිය හීන කරනවා. මෙම වෛරසය තමයි ප්‍රතිශක්ති ඌණතාවය ඇති කරන්නේ. 1983 වසරේ ලෝකයේ සොයා ගන්නවා මෙය මානව ප්‍රතිශක්ති ඌණතාවයක් බව.


ඒ වන විට ශ්‍රී ලංකාවේ සමාජ රෝග හෝ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව ප්‍රතිකාර ක්‍රම නොතිබුණේද
ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධනය ශ්‍රී ලංකාවේ තිබුණා. ඒ නිසා තමයි ලෝකයේ ව්‍යාප්ත වෙමින් පැවතුන ඒඩ්ස් රෝගය ගැන විමසිල්ලෙන් පසුවුනේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි 1986 දී කුෂ්ඨ ආසාධිත විදේශිකයන් හඳුනා ගත හැකි වුණේ.


attachment.php



HIV AIDSවෛරසය පැතිරීම නැත්නම් රෝග බෝ වීම, ආසාදනය වීම පුද්ගලයෙකුගෙන් කෙසේද සිදුවන්නේ

එය පැහැදිලිව ක්‍රම ( 3 ) සිදුවෙනවා.

1) මවගෙන් දරුවාට දරු ගැබ තුලදී, ප්‍රසුතිය අවස්ථාවේදී මව් කිරි හරහා. මුලික වශයෙන්ම දරු ප්‍රසුතිය ආසන්නයේ මවගෙන් දරුවාට HIV ආසාදනය වීම බහුලව සිදු වෙනවා.

2) HIV වෛරසය අඩංගු ලේ හා වෙනත් රුධිර නිෂ්පාදන වලින් ( උදා :- රුධිර පට්ටිකා වලින් )

3) තුන් වන ක්‍රමය තමයි ලිංගික සම්බන්ධතා මඟින්

දරු ප්‍රසුති අවස්ථාවේදී මවගෙන් දරුවාට ඒඩ්ස් බෝවීමේ අවධානම ඉතා වැඩියි.



කුමන ආකාරයේ ලිංගික සම්බන්ධතා මඟින්ද HIV වෛරසය ආසාදනය වන්නේ ?

විශේෂයෙන්ම කාන්තාවක් සහ පුරුෂයෙක් අතර සිදුවන ලිංගික සම්බන්ධතාවයකින්. ඒ වගේම පිරිමින් දෙදෙනෙකු අතර සිදුවන ගුද ලිංගික ( Anal Sex ) සම්බන්ධතාවයකින් මෙම වෛරසය තවත් කෙනෙකුට ආසාදනය වීම සිදුවෙනවා.



attachment.php



කාන්තාවන් දෙදෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයකින් HIV ආසාදනය වන්නේ නැතිද ?

කාන්තාවන් දෙදෙනෙකු අතර කොහෙත්ම ඒඩ්ස් වෛරසය ඇතිවීමට අවස්තාවක් නැහැ.



දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඒඩ්ස් ආසාදිතයින් ගණන හා ඉන් මියගිය සංඛ්‍යාව කොපමණ ද

1987 වසරේ සිට 2018 මාර්තු දක්වා රෝගීන් 2933 ක් වාර්තා වී තිබෙනවා. ඉන් 723 දෙනෙකු පමණ මියගොස් ඇත.



HIV ඒඩ්ස් ආසාදිත පුද්ගලයින් අතර පාසල් දරුවන් සිටිනවා ද? ඒ කොපමණ පිරිසක් ද ?

ආසාදිත දරුවන් සංඛ්‍යාව 75ක් පමණ වෙනවා. ( මවගෙන් දරුවාට ) එයින් 40ක් පමණ ප්‍රතිකාර ලබමින් සාමාන්‍ය දරුවන් විදිහට අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. නමුත් ප්‍රතිකාර නොතිබුණු යුගයේත් මෙම මාරාන්තික රෝගයෙන් දරුවන් මිය ගියා.


attachment.php


HIV ඒඩ්ස් සඳහා ප්‍රතිකාර තිබෙනවා ද

ප්‍රතිකාර තිබෙනවා. ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය මඟින් පරීක්ෂණ සියල්ල නොමිලේ සිදු කරනවා. එසේම ප්‍රති වෛරස ඖෂධය ලබා දෙනවා. එකිනකාගේ සහයෝගය වගේම අවබෝධය අවශ්‍යයි. ඔවුන්ට ප්‍රතිකාර ලබමින් සාමාන්‍ය ජිවිතයට යා හැකි වන්නේ එවිටයි. ඒවගේම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනි දියවැඩියා රෝගියෙකු ප්‍රතිකාර ලබමින් අනෙකුත් දෛනික කටයුතු වල නියැලෙමින් ජීවත්වෙනවා. ඒ වගේම ඒඩ්ස් රෝගියෙකුටත් සාමාන්‍ය ජන ජීවිතය ගත කරන්න පුළුවන්.



HIV ආසාදිතයෙකු පරිහරණය කරන දේවල් සාමාන්‍ය පුද්ගලයෙකු පරිහරණය කිරීමෙන් ඔහුට HIV ශරීරගත විය හැකිද ?

HIV අසාදිතයෙකු පරිහරණය කල කිසි දෙයක් සාමාන්‍ය පුද්ගලයෙකු පරිහරණය කලට කිසිසේත්ම මෙම වෛරසය ශරීර ගත වෙන්නේ නැහැ.




source http://thewoman.lk/hiv-aids-virus/
 

Attachments

  • hiv aids thewoman.lk 1.jpg
    hiv aids thewoman.lk 1.jpg
    77 KB · Views: 629
  • HIV AIDS 1.jpg
    HIV AIDS 1.jpg
    67.3 KB · Views: 479
  • HIV AIDS.jpg
    HIV AIDS.jpg
    58.9 KB · Views: 465
  • HIV AIDS 2.jpg
    HIV AIDS 2.jpg
    41 KB · Views: 425
  • hiv aids thewoman.lk.jpg
    hiv aids thewoman.lk.jpg
    67.6 KB · Views: 823