HIV/AIDS

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
0002064B.gif
වැඩේ හොදනම් විතරක් rep+++ දෙන්න hode!
0002064B.gif

ඒඩ්ස් මඞින්නට ඛේටය
අලුත් ම පර්යේෂණවලට අනුව මානව ප‍්‍රතිශක්ති ඌණතා වෛරසයට (HIV)
00020461.gif
අලුත් ම එන්නතක් ළඟදී ම නිර්මාණය කිරීමට හැකි වෙතැයි නිව්යෝර්ක් නුවර මහාරෝග්‍යශාලාවේ පර්යේෂණ විශේෂඥයන් පිරිසක් මතවාද පළ කර ඇත.ඔවුන් තමන් ගේ පර්යේෂණවල ප‍්‍රතිඵල journal of Experimental medicine නම් වූ සඟරාවේ පර්යේෂණ ලිපියකින් පළකොට තිබුණි. ඔවුන් මෙම එන්නත නිර්මාණය කරන්නට උත්සාහ ගෙන ඇත්තේ මානවයන් ගේ ඛේටයේ අඩංගු වන ස්වභාවික සීනි අන්තර්ගත ප්‍රෝටීන විශේෂයක් වන Thrombospondin හෙවත් TSP ය. ඔවුන් අනාවරණය කර ගන්නා ආකාරයට මානව ඛේටයේ අඩංගු මෙම TSP පෙ‍්‍රා්ටීන විශේෂ ඒඩ්ස් රෝගයට මුල්පාදක වන HIV වෛරසය වර්ධනය කිරීම මැඬ පවත්වා ගැනීමට හැකියාව තිබේ.මේ වන විට TSP පෙ‍්‍රා්්ටීනය වෙන් කොට ගෙන HIV වෛරසය අධ්‍යයනය කිරීමට එය භාවිත කොට ඇති අතර ලැබූ ප‍්‍රතිඵල සාර්ථක බව ඔවුන් ප‍්‍රකාශ කොට තිබේ. ඒ අනුව TSP පෙ‍්‍රා්ටීනය යොදා ගෙන උපත් පාලන උපකරණ යනාදිය නිර්මාණය කිරීම කෙරෙහි ද දැන් විද්‍යාඥයන් ගේ බලාපොරොත්තු අතරට පැමිණ තිබේ.

ඒඩ්ස් ‍රෝගය
ඒඩ්ස් යනු HIV වෛරසයකින් බෝවන රෝගයකි. HIV යන ඉංග්‍රීසි අකුරු 03 යෙදි ඇත්තේ හියුමන් ඉමියුනෝඩෙෆිසන්සි වෛරස් නම් වු වෛරසය යන්නයි.ඒඩ්ස් යනුවෙන් හදුන්වන්නේද හඳුන්වන්නේද ඉංග්‍රීසි අකුරු 04ක මුල් අකුරු හතරේ එකතුවයි. එම අකුරු හතර නම් AIDSවේ.මෙමගින් ඇක්වයර්ඩ් ඉමියුනෝඩෙෆිසන්සි සින්ඩ්‍රොම් හෙවත් නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහ ලක්ෂණය යන දිගුවදන් කිහිපයක මුල් අකුර යොදා කොට් කර දැක්විමයි. මුල්ම ඒඩ්ස් ‍රෝගියා හමුවී ඇත්තේ 1981 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. අරම්භක කාල සිමාවේදි මෙම රෝගය සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින් අතර ප්‍රචලිතව පැවතුනද පසුව සමලිංගික හා විෂමලිංගික යන දේපාර්ශව තුළම පැතිරියන රෝගයක් බවට පත්විය. අපිකාණු කොළ වඳුරා මඟින් ඒඩ්ස් රෝග කාරකය මිනිසාට සම්ප්‍රේෂණය වන්නට ඇතැයි ද මතයක් පවති. දැනට ලෝකයේ එඩ්ස් වෛරසය ශරිරගත වුවන් මිලියන 38ක් බවට ගණන් බලා ඇත. එසේම මිලියන 03ක් පමණ මේ වන විට ඒඩ්ස් රෝගය නිසා මිය ගොස් ඇත. සෑම දිනකම HIV ආසාදිතයන් 14000 බැගින් අළුතින් එකතු වේ. මේයින් 2000 ක්ම වයස අවුරුදු 15ට අඩු දරුවන් වේ.ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා වාර්ථාවී ඇත්තේ 1986 දිය. ඔහු විදේශිකයකි. 1987 දී පළමු ශ්‍රි ලංකීක ඒඩ්ස් රෝගිය හමුවිය.දැනට ලංකාව තුළ HIVආසාදිතයන් තිස් දාහක් පමණ පමණ සිටිනු ඇතැයි අනුමාන කරණු ලැබේ.කැගල්ල දිස්ත්‍රික්කය තුළ මුල්ම ඒඩ්ස් රෝගිය වාර්ථා වුයේ 2000 දිය. දිස්ත්‍රික්කය තුළ HIV ආසාදිතයන් 250 පමණ ඇතැයි අනුමාන කළ හැක.
එඩ්ස් රෝගය පිලිබඳ HIV වෛරසය මගින් ආසාදනය පත්වු විට මිනිස් සිරුරේ ප්‍රතිශක්ති ප්‍රද්ධතියේ කොටස් විනාශ වී යයි.සාමාන්‍ය පුද්ගයයකුට තම ප්‍රතිශක්ති පද්ධතිය මඟින් විශ බීජ ආසාදන හා සමහර පිළිකා වැනි රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත.නමුත් HIVආසාදිතයෙකුට රෝග වල‍ට ඔරොත්තු දීමෙ හැකියාව නැතිව යාම නිසා පහසුවෙන් එවැනි රෝග වලට ගොදුරු වි ඉක්මනින්ම මරණයට පවා පත් විය හැකිය.HIVවෛරසය ශරීරයට ඇතුල් වූ පසු සිදුවන්නේ සිරුරට ඇතුළු වන වෛරය රුධිරයේ ඇති සුදු රුධිරාණුවක් වන ලිමිපෙ‍ාසයිට හා සමිබන්ධ වේ.සුදු රුධිරාණු යනු සිරුරට ඇතුළු වන බාහිර රෝග කාරක විෂබීජයන්ගෙන් සිරුර ආරක්ෂා කරනු ලබන සෛල කොටසකි.වෛරසය සෛලයේ ජානමය කොටසට ඇතුළු වී සෑහේන කාළයක් ජීවත් වේ.එසේම සෛලයේ ජාන මගින් තම වෛරසය බෝකරයි.අලුතින් සෑදෙන වෛරසය මගින් නැවත නැවතත් අලුත් ලිමිපොසයිටි සෛල ග්‍රහනයට මෙලෙස ආරක්ෂක ලිමිපොසයිටි සෛල ක්‍රමයෙන් අඩු වීම නිසා ප්‍රතිශක්ති පද්ධතිය බිද වැටෙයි.
වෙරසය බෝවන ආකාරයමෙම වෛරසය මග‍ින් ආසාදනය වූ සියළු දෙනාටම නියත වශයෙන්ම මරණය එළබවන ලබන වෛරසයකි.ප්‍රතිකාර මගින් මරණය ඇති කරණු ලබන කාළය දිගු කිරිම හෝ වේදනාව පමණක් කල හැකිය.එහෙත් බෝ වීම වැළැක් විම සදහා ශරීරගත හැකි කිසියමි එන්නතක් මෙතෙක් සොයාගෙන නැත.එබැවින් මෙම රෝගය මැඩළීම සදහා ඇත්තේ එකම එක ආයුදයක් පමණී.එනමි එම රෝගය එක පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගළයෙකුට බෝවන ක්‍රම වළක්වා ලීම සදහා ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරිමයි.
v විෂබීජ ශරීර ගත වූවෙකු සමග ලිංගික සබදතා පැවැත්වීමෙන් යෝනි මාර්ගික ගුද මාර්ගික හෝ මුඛ මාර්ගික ලිංගික සබදතා මගින් සිදුවන තරළ හුවමාරුවේදි රෝගය පැතිරේ.ආසාදිත පුද්ගළයෙකු සමග ලිංගික සබදතා පැවැත්විම මෙම රෝගය වැඩි වශයෙන්ම බෝකරනු ලබන ක්‍රමයකි.v විෂබීජ අන්තර්ගත රුධිරය ශරීර ගත වීම මගින් වකුගඩු වැනි පටක බද්ධ කිරිම මගින් හා විෂබීජ වලින් දුෂිත වූ කටු මගින් සම සිදුරැ වීම හේතුවෙන්.v ගර්භනි කාළය තුළදී ප්‍රසුතියේදී හෝ ඉපදීමට පසු කිරිදෙන කාළයේදී විෂබීජ ශරීර ගත වූ මවගෙන්ද දරැවාට රෝගය බෝවිය හැකිය.ඉහත සදහන් ක්‍රම 03 හැරෙන්නට වෙනත් ක්‍රම මගින් මෙම රෝගය බෝවන්නේ නැත
 
Last edited:
  • Like
Reactions: bandara77 and **cut

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
0002013F.gif
නිසි මගදැන දිවි ගෙවමු AIDS වලින් වැළකෙමු
0002013F.gif

නිසි මගදැන දිවි ගෙවමු AIDS වලින් වැළකෙමු
ඒඩ්ස් (AIDS) මුළු ලොව හමුවේ පවතින බලවත් තර්ජනයකි. 2005 ජූනි මාසය වන විට HIV / AIDS ආසාදිතයන් ලොව පුරා මිලියන 39.4 ක් ජීවත්වන බව වර්තාගත වී තිබේ. රෝගය වැළඳීමෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව මිලියන 20 කි. අපි‍්‍රකානු රටවල (සහරාවට පහළින් ඇති ප‍්‍රදේශ) මිලියන 25.4 ක් ද, ආසියානු රටවල මිලියන 8.2 ක් ද ආසාදිතයන් බවට පත් වී ඇති බව සඳහන් වේ.ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සළකා බැලීමේදී 2005 සැප්තැම්බර් මාසය වන විට වාර්තාගත වී තිබෙන HIV ආසාදිතයන් ප‍්‍රමාණය 712 කි. එයින් ඒඩ්ස් තත්ත්වයට පත් වූ ආසාදිතයන් ප‍්‍රමාණය 200 කි. ඔවුන්ගෙන් මියගිය ප‍්‍රමාණය 139 කි. ළමා හා ළදරු ආසාදිතයන් 22 කි. පිරිමි හා කාන්තා අනුපාතිකය 1.4 : 1 කි. පිරිමි ආසාදිතයන් 417 කි. කාන්තා ආසාදිතයන් 295 කි.2004 වසරේදී එකතු වී තිබෙන අලුත් ආසාදිතයන් ප‍්‍රමාණය මිලියන 4.9 කි. ඔවුන්ගෙන් 50% ක්ම වයස අවුරුදු 15 - 24 අතර පසුවන්නෝ වෙති.මේ වයසේ පසුවන තරුණ පරපුර මේ අන්දමින් රෝගී තත්ත්වයට පත් වී තිබීම ඉතා කණගාටුදායකය. මේ තත්ත්වය පිටුදැකීමට හැකි ප‍්‍රබලම ක‍්‍රමය වන්නේ දැනුවත්භාවය ලබාදීම තුළින් රෝගය වැළැක්වීම හා පැතිරීම පාලනය කිරීමයි.ලොවටම බලපාන මෙම තර්ජනය හමුවේ අවදානම පිළිබඳව සමාජය දැනුවත් කිරීමත් ආසාදිතයන් සඳහා අවශ්‍ය සෙවා හා ප‍්‍රතිකාර නිසියාකාරව ලබාදීමත් ආසාදිතයන් කොන්කිරීමෙන් වැළකී සිටීමත් වැදගත් වෙයි.මුල්ම ඒඩ්ස් රෝගියා 1981 දී ඇමරිකාවෙන් සොයා ගනු ලැබිණ. ඒඩ්ස් වයිරසයක් මගින් බෝවන රෝගයකි. මෙම වයිරසය මිනිස් සිරුරට ඇතුළත් වී තිබෙන්නේ අපි‍්‍රකානු Green Monkies ගෙන් බවට මතයක් පවතී.මෙමගින් මිනිස් සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතිය විනාශයට පත්කර මරණයට පත්කරන ආසාදිත තත්ත්වයක් ඇතිකරයි.AIDS - නතුකරගත් ප‍්‍රතිශක්ති ඌනතා සහලක්‍ෂණයHIV - මානව ප‍්‍රතිශක්ති ඌනතා වයිරසයවයිරසය ශරීරගත වී වසර කිහිපයක් හෝ රෝග ලක්‍ෂණ නොපෙන්වා සිරුර තුළ පැවතිය හැකිය. මෙවැනි පුද්ගලයන් සිතා සිටින්නේ තමන් සෞඛ්‍ය සම්පන්න බවයි. නමුත් ඔවුන්ගේ සිරුර තුළ වයිරසය පවතින බැවින් තමන් නොදැනුවත්වම රෝගය පතුරවමින් සිටී. රුධිර පරීක්‍ෂාවක් මගින් HIV ආසාදිත දැයි හඳුනාගත හැකිය.
රෝගය වැළඳීමෙන් වැළකෙන්නේ කෙසේ ද? එඩ්ස් රෝගය වැළඳෙන්නේ ආසාදිත පුද්ගලයකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙනි. මත් ද්‍රව්‍ය එන්නත් මගින් ලබාගන්නා අය ද රෝගයට ගොදුරු විය හැකිය.තරුණ පරපුර දැනුවත් විය යුතු වන්නේ තම ලිංගික සම්බන්ධතාවය එක් සහකරුවෙකුට හෝ සහකාරියකට සීමා කළ යුතු බවයි.
මේ අයුරින් බෝ නොවේආසාදිත පුද්ගලයන් හා සාමාන්‍ය පරිදි ඇසුරු කළ ද රෝගය බෝ වන්නේ නැත.* රෝගියකුට අතට අතදීමෙන්* සිප වැළඳ ගැනීමෙන්* ආසාදිත අයකු පාවිච්චි කළ පිඟන් කෝප්ප පාවිච්චි කිරීමෙන්* මදුරුවන්, මකුණන් දෂ්ඨ කිරීමෙන්* කැස්ස, කිවිසුම මගින්සාමාන්‍ය ජන ජීවිතයේ සිදුකරනු ලබන ඇසුරු කිරීම් මගින් රෝගය බෝ නොවන නිසා HIV ආසාදිතයකු සාමාන්‍ය පරිදි ඇසුරු කිරීමට බිය විය යුතු නැත. ළමා අවධියෙ සිටම අයහපත් පුරුදුවලින් වැළකී සුචරිතවත් දිවියක් ගත කිරීමෙන් ඔබේ තරුණ ජීවිතය නීරෝගීමත්ව ගතකිරීමට හැකිවේවි.
 
Last edited:

sarara

Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    ගොඩක් හොදයි.....
    තියෙනඅයට තව හොදයි....