kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    රුධිර පරීක්‍ෂණවලදී හෙළිවේ
    කොළඹ ගණිකාවන් 7 දෙනකුට ඒඩ්ස්‌


    ඒමන්ති මාරඹේ

    කොළඹ තදාසන්න ප්‍රදේශයක ගණිකා සේවයෙහි නිරතව සිටින කාන්තාවන් හත් දෙනෙකුට එච්. අයි වී/ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වී ඇති බව ඔවුන් සම්බන්ධව සිදුකරන ලද රුධිර පරීක්‍ෂණවලදී හෙළිවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග /ඒඩ්ස්‌ මර්දන වැඩසටහන පවසයි. මෙරට ගණිකා සේවයෙහි නිරතව සිටින කාන්තාවන්ට එච් අයි වී වෛරසය ශරීරගතවී ඇති බව අනාවරණය වූ ප්‍රථම අවස්‌ථාව මෙය ලෙස සැලකේ. මෙම කාන්තාවන් පදිංචිව සිටින ප්‍රදේශයෙහි ගණිකා සේවයෙහි යෙදෙන්නන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකරන ලද රුධිර පරීක්‍ෂණවලදී මෙම තත්ත්වය අනාවරණය වී තිබේ. එච් අයි වී/ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වී ඇති මෙම කාන්තාවන් හා ලිංගික සබඳතා පවත්වන පිරිමින්ටද එම වෛරසය ශරීරගතවීමේ අවදානමක්‌ පවතින බව මේ සම්බන්ධව කළ විමසීමකදී ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්‌ මර්දන වැඩසටහන්හි අධ්‍යක්‍ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා "දිවයින" ට පැවසීය.

    මෙම තත්ත්වය මත අනාරක්‌ෂිත සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටිමින් විශ්වාසවන්ත එක්‌ සහකරුවකු හෝ සහකාරියක සමඟ එම සබඳතා පැවැත්වීම පිළිබඳව සැමගේ අවධානය යොමු විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

    එච් අයි වී වෛරසය ශරීරගතවී ඇති බව තහවුරු වී ඇති ගණිකා සේවයේ යෙදෙන කාන්තාවන් හත් දෙනා මේ වනවිට සිය රෝගී තත්ත්වය සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබමින් සිටින අතර එම වෛරසය අන් අය වෙත පැතිර යැමේ අවදානම පිළිබඳව ඔවුන් දැනුවත් කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    http://www.divaina.com/2010/08/10/news07.html
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    WHO says that there are many HIV positive cases in Sri Lanka than reported. I guess many of the infected either do not know until they pass on the virus many times or they are not willing to come out.
     

    Mozilla

    Well-known member
  • උඹ මගෙන් ඈත් වෙලා හිටපං. උඹ ඊයෙත් එකක් ඉස්සුවා නේද ? :P

    හිකිස්‌ ඇයි උබ හිතුවද මං උබ ගහන්න ඒනවා කියලා....:eek: දැන්වත් ඔය නරක වැඩ නතර කරලා හොද ළමයෙක් වෙයන්...:sorry:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    අපි නොදන්න එස්.ටී.ඩී.
    මචන් ඔය ගොඩක් ප්‍රෝග්‍රෑම් දුවන්නේ පිටරට වලින් දෙන අධාර වලින්..
    STD/AIDS ctrl progrmme(NSACP)නුත් එහෙම තමයි..
    ලෙඩේ නැති උනත් අපි ටිකක් අතින් දාලා පෙන්වන්න ඕන ලංකාවෙ මෙහෙම ප්‍රශ්නයක් තියනව කියලා.
    හොඳම උදාහරණය මැලේරියා මර්ධන ව්‍යාපාරය...
    :yes::yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇ බොල මේක ගිය අව්රුද්දෙ දාපු එකක්නේ...:rolleyes: සිරාවටම දැන් කීදෙනෙක්ට හැදිලද දන්නෑ නේද බන්ස්..:confused:. ඕකට තමා කියන්නේ ඉල්ලන් කෑම නොහොත් ඇදන් නෑම කියල....:lol::lol::sorry:
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ඇ බොල මේක ගිය අව්රුද්දෙ දාපු එකක්නේ...:rolleyes: සිරාවටම දැන් කීදෙනෙක්ට හැදිලද දන්නෑ නේද බන්ස්..:confused:. ඕකට තමා කියන්නේ ඉල්ලන් කෑම නොහොත් ඇදන් නෑම කියල....:lol::lol::sorry:
    :lol::lol::lol::lol::yes::yes: