කෘත්‍රිම බුද්ධියෙන් පිරිමින්ට වඩා කතුන්ට රැකියා අවදානමක්

6h057

Well-known member
  • Nov 19, 2024
    2,303
    2,200
    113
    Tokyo, Japan
    ස්වයංක්‍රීයකරණයට (automation) නැඹුරුවක් ඇති කාර්යයන්හි කාන්තාවන් වැඩි වශයෙන් යොමුවී සිටීම සහ තාක්ෂණ… හා විiා ක්ෂේත්‍රවල අඩු කාන්තා නියෝජනය නිසා කාන්තාවන් රැකියා ආශ්‍රිත අවදානම්වලට මුහුණ දෙන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නවතම දත්ත අනාවරණය කර තිබේ.

    උත්පාදක කෘත්‍රිම බුද්ධිය (Gen AI) නිසා වැඩ ලෝකය ප්‍රතිනිර්මාණය වෙමින් ඵලදායිතාව ඉහළ නැංවීමට, රැකියා උත්පාදනයට සහ රැකියා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට පිටිවහලක් සපයන නමුත්, එහි බලපෑම පිරිමින් සහ කාන්තාවන් අතර සමානව බෙදී නොයන බව වාර්තා වේ. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ :ෂඛධ* නව පර්යේෂණයෙන් අනතුරු අඟවන්නේ Gen AI පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ රැකියාවලට වැඩි බලපෑමක් කිරීමට නියමිත බවයි. කාන්තාවන් වැඩි වශයෙන් නිරත වී සිටින මෙම වෘත්තීන් ස්වයංක්‍රීයකරණ තාක්ෂණයට භාජනය වීමේ සම්භාවිතාවය පිරිමින්ට වඩා දෙගුණයකට ආසන්න බව හඳුනාගෙන ඇත.

    Gen AI, occupational segregation and gender equality in the world of work යන වාර්තාව පෙන්වා දෙන්නේ කාන්තාවන් අසමානුපාතික ලෙස Gen AI වල බලපෑම්වලට භාජනය වීමට ප්‍රධාන හේතු තුනක් ඇති බවයි. ස්වයංක්‍රීයකරණයට වඩාත් ගොදුරු විය හැකි රැකියාවල කාන්තාවන් අධික ලෙස නියෝජනය වීම AI ආශ්‍රිත සහ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) වෘත්තීන්හි කාන්තාවන්ගේ නියෝජනය තවත් අඩු මට්ටමක පැවතීම සහ AI පද්ධති මගින් සමාජය තුළ පවතින ස්ත්‍රී පුරුෂ භේදයන් යළි තහවුරු වීම එම හේතු වෙයි.

    පිරිමින් වැඩිපුර නිරත රැකියාවන්ට වඩා කාන්තාවන් වැඩිපුර නිරත රැකියාවන් Gen AI තාක්ෂණයට දෙගුණයකට වැඩියෙන් නිරාවරණය වීමේ අවදානමක් ඇති බව මෙම අධ්‍යයනය හෙළි කරයි. (කාන්තාවන් වැඩි වශයෙන් නිරත වී සිටින වෘත්තීන්ගෙන් 29%ක් පමණ Gen AI වලට නිරාවරණය වන අතර පිරිමින් වැඩි වශයෙන් නිරත වී සිටින වෘත්තීන්හි එය 16%ක් පමණි). ස්වයංක්‍රීයකරණය වීමේ වැඩි අවදානමක් ඇති රැකියා සලකා බැලීමේදී, කාන්තාවන්ගේ තත්ත්වය තවත් බරපතළ බවද මෙය හෙළි කරයි. කාන්තාවන් බහුල රැකියාවලින් 16%කට මෙම අවදානම ඇති නමුත්, පිරිමින් බහුල රැකියාවලින් එය 3%ක් තරම් අඩු ප්‍රමාණයක් බව වාර්තා වේ.

    කාන්තා – පුරුෂ ලෙස වෙන්වූ වෘත්තීයමය රාමු මෙම අවදානම් තත්ත්වයට තුඩු දෙන කරුණකි. කාන්තාවන් වැඩි වශයෙන් නියැළෙන ලිපිකරු, පරිපාලන සහ ව්‍යාපාරික සහායක, ලේකම්වරුන්, පිළිගැනීමේ නිලධාරි, ගිණුම් සහකරු වැනි රැකියා ඉතා පහසුවෙන් ස්වයංක්‍රීයකරණය විය හැකි අතර පිරිමින් වැඩි වශයෙන් නියැළෙන ඉදිකිරීම් සහ නිෂ්පාදන අංශ ස්වයංක්‍රීයකරණය කිරීම අපහසු වේ.

    විශ්ලේෂණයට ලක්වූ රටවලින් 88%කම, පුරුෂයන්ට වඩා කාන්තාවන් Gen AI තාක්ෂණයට නිරාවරණය වන බව වාර්තා වේ.

    https://www.divaina.lk/foreign-news/68986