Hoda wedak

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    අන්තර් ජාලය ඔස්‌සේ
    අනියම් සබඳතා පවත්වන පුද්ගලයන් ගැන පරීක්‍ෂණ
    ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දන්වයි

    සමන්ත ඉලේපෙරුම

    අන්තර්ජාලය උපයෝගී කොට ගනිමින් අනියම් සබඳතා පවත්වන පුද්ගලයන් පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක්‌ ගොනු කරමින් දැනුම් දුන්නේය.

    අන්තර් ජාලය හරහා සම්බන්ධ වෙමින් විවිධ දර්ශනයන් පෙන්වමින් ඇතැම් පුද්ගලයින් අනියම් සබඳතාවන් පැවැත්වීමට පෙළඹී ඇති බවත් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිය මගින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් කාර්යාංශය වැඩිදුරටත් අධිකරණයට කියා සිටියේය.

    තම බිරිඳ සමග අන්තර් ජාලය හරහා කිසියම් පුද්ගලයකු අනියම් සබඳතාවක්‌ පවත්වන බවට හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු කරනු ලැබූ පැමිණිල්ලක්‌ අනුව මෙහි පරීක්‍ෂණ පවත්වන බව කියා සිටි ළමා හා කාන්තා කාර්යාංශය ඒ පිළිබඳව ගනු ලබන පියවර ඉදිරියේදී දැනුම් දෙන බව පැවැසුවේය.

    සිද්ධියට අදාළ පැමිණිලිකරු ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචිව සේවයේ නියුතු අයෙක්‌ වන අතර යම් පුද්ගලයකු අන්තර් ජාලය හරහා සිය බිරිඳ සමග අනියම් සබඳතාවක්‌ ගොඩනඟා ගෙන ඇති බවට ඔහු විසින් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලිකර තිබිණි.

    http://www.divaina.com/2010/07/22/news23.html

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    it's not a crime to have an extramarital relationship..soo i don't really know what police needs to investigate here..

    if the man thinks his wife is having an affair all he can do is to file for a divorce