ඕන්න දෙවැනි පාඩම පටන් ගන්නයි යන්නේ. මුලින්ම මං හිතුවත් කැමරාවේ කොටස් ගැන යම් විස්තරයක් කරන්න මට පස්සේ හිතුනා ඒක වෙලාව නාස්තියක් විතරයි කියලා. මොකද compact කැමරාවෙ තියන විදියට නෙමෙයි DSLR කැමරාවෙ ස්වරූපය. DSLR එකෙත් brand එකෙන් brand එකට වෙනස්. ඒක නිසා මං තීරනය කරා ඔය මොන කැමරාවටත් පොදු කරුනු කිහිපයක් කිහිපයක් ගැන මුලින් කතා කරන්න.
මං කිව්වනේ මේක 0 ඉදන් කියාදෙනවයි කියලා. මුල්ම පාඩමින් අපි දැන ගත්තනේ DSLR එකෙයි compact කැමරා එකෙයි වෙනස්කම්. අද අපි බලමු නියම photographer කෙනෙක් විදියට කැමරාව අල්ලන්නේ සහ හසුරුවන්නේ කියලා.
How to hold your camera correctly
ගොඩක් අය අත ඇරලා දාන කොටසක් තමයි මේක. එයාලා කියන්නෙ කොහොම ගැහුවත් මොකෝ පින්තූරේ වදිනවනම් කියලා. නමුත් තියුනු සුපහැදිලි සැලසුම්ගත් පිතූරයක් ගන්නනම් හරි විදියට කැමරාව හසුරවන්න දැන ගන්න වෙනවා. ම්ං අද කියා දෙන්නම් DSLR එකයි Compact එකයි දෙකම ගැන වෙන වෙනම.
DSLR
Horizontal Oriantation
මේකෙදී කැමරාවේ වැඩි බරක් වැටෙන්නේ වම් අත්ලටයි. වම් අතේ ඇගිලිවලින් lens එක අල්ලා ගන්න ඕනේ. ඒත් එක්කම වැලමිට දෙක පහලට වෙලා ඇග වැලමිට දෙකට ආදාරකයක් වෙන්නත් ඕනා. මේ විදියට ඇගේ කොටස් උපයෝගී කරගෙන ආධාරක සකස් කිරීම අපි Human Tripod විදියට හදුන්වනවා. මෙහිදී වම් අත තියන්න ඕන තැන තීරනය වෙන්නේ පාවිච්චි කරන lens එකේ දිග මත.lens එක දිගයි නම් lens එක මැද්දෙනුත් lense එක පොඩියි නම් camera body එකට ආසන්නයෙනුත් වම් අත තියාගන්න ඕනා.
දකුනු අත පාවිච්චි වෙන්නේ shutter බොත්තම ඔබන්නයි කැමරාවේ settings පාලනය කරන්නයි. මේ වෙලාවේ දකුනු අතේ මැද ඇගිල්ල, වෙද ඇගිල්ල, සුලැගිල්ල යන ඇගිලි තුනම කැමරාවේ ඉදිරියටත් දබර ඇගිල්ල shutter බොත්තම ලගටත් මහපට ඇගිල්ල කැමරාවේ පිටිපස්සටත් ඉන්න ඔන්නා.
මේ වෙලාවේ කැමරාව සම්පූර්නයෙන් ඇහැ ගාවට ගෙනියන්නේ නෑ. ඇහැට අගල් 2ක් විතර ඈතින් කැමරාව තියලා ඇහැ අගල් 2ක් කැමරාව දෙසට ගේන්න ඕනා.
මේ තියෙන්නේ වැරදි ක්‍රම කීපයක්
මේකෙදී මෙයා කැමරාව අල්ලන් ඉන්නෙ තනි අතින්. කැමරාවට යටින් කිසිම ආදාරකයක් නෑ.මටනම් කියන්න තියෙන්නේ ඇඩ් එකක් නොවී අත් දෙකෙන්ම කැමරාව අල්ල ගන්න කියලයි .
දෙවෙනි ක්‍රමෙනුත් වැලමිටෙන් කිසි ආධාරකයක් ලැබෙන්නේ නෑ. සම්පූර්න බර යන්නේ උරහිස් දෙකට. DSLR එකක් අල්ලන් ගොඩක් වෙලා මේ විදියට ඉන්න අමාරුයි. කැමරාවේ strap එක (ආරක්ශක පටිය ) තියෙන්නේ බෙල්ලේ නෙමෙයි. පලවෙනි පින්තූරේ වගේ අනිවාර්යෙන්ම ඒක බෙල්ල වටේ තිබිය යුතුයි.
මේකත් වැරදි ක්‍රමයක්. මේකෙත් අල්ල සහ ඇගිලි තියෙන්නේ කැමරාවේ බර දරාසිටිනා විදියට නෙමෙයි.
Vertical Orientation
කලින් සදහන් කරා වගේම මේකෙත් වමතින් lens එකත් දකුනු අතින් settings පාලනය කරන්න ඕනා. හැබැයි නිවැරදි ක්‍රමය වෙන්න ඕනා වම් අතත් දකුනු අතත් පහලට ආධාරකයක් වෙන විදියට කැමරාව අල්ලන ඕනා. (මේ ක්‍රමය මුලින් හුරු නැටි වෙන්න පුලුවන්. ඒත් මේක තමයි නිවැරදි ක්‍රමය. )
දෙවෙනි ක්‍රමයේදී ඔයාලට පේනවා ඇති මේක කලින් කතාකරපු දේට වඩා සම්පූර්න වෙනස් බව. මේ ක්‍රමය පාවිච්චි කරනවානම් ඔයාලටම තේරෙයි මේක කොච්චර අපහසු ඉරියව්වක්ද කියලා
කකුල් තියා ගන්න ඕනා විදිය.
කකුල් ටිකක් ඈතින් තියාගන්න. අනික තමයි එක කකුලක් අනිකට වඩා ටිකක් ඉදිරියෙන් තියාගන්න. එතකොට ඉදිරියට පිටුපසට වගේම දෙපැත්තටත් සමබරතාව තියාගන්න පුලුවන්
දෙවන ක්‍රමයේදී ඔයාලට පේනවා ඇති ඉදිරියට පිටුපසට වගේම දෙපැත්තටත් සමබරතාවක් නෑ කියලා.
Compact Camera
Vertical Orientation
DSLR එකත් එක්ක බලන කොට මේක අල්ලන විදිය ටිකක් වෙනස්. අපී ගොඩක් වෙලාවට Compact කැමරාවේ view finder එක හාවිතා කරනවා අඩුයි. පාවිච්චි කරන්නෙම LCD තිරය තමයි.
පළවෙනි කාරණය කැමරාව කොච්චර සැහැල්ලු උනත් ඒක අත් දෙකෙන්ම අල්ල ගන්න
දෙවැනි කාරනය ශරීරයෙන් ගොඩක් ඈතට තියෙන විදියට කැමරාව අල්ලන්න එපා. වැලමිට අදාරකයක් කරගන්න . කැමරාව ශරීරයෙන් ඈතට යනවිට කැමරාව සෙලවීම වැඩි වන අතර ශරීරයට ලං වන විට කැමරාව සෙලවීම අඩුවෙනවා.
තුන්වන කාරනය strap එක අතේ රදවාගෙනම සිටින්න. එය වැරදීමකින් හෝ කැමරාව බිම වැටීමේ සම්හාවිතාව අඩු කරයි.
Horizontal Orientation
මෙහිදී ඇගිලි L හැඩයට රදවා සිටින්න. අත් දෙකෙන්ම අල්ලන් ඉන්න. lens එක හරි flash එක ඉස්සරහට ඇගිලි නොවැටෙන්න වග බලා ගන්න.
පහළ කෝනයකින් පින්තූර ගැනීම.
ලේසිම ක්‍රමය තමයි දකුණු දනහිස බිමට නමලා වම් වැලමිට වම් දනහිසට ආදාරකයක් ලෙස තියා ගැනීම. දෙවන ක්‍රමය තමයි squat ක්‍රමයට වාඩි වීම. එහෙමත් නැත්නම් බිම වාඩිවෙලා උනත් පින්තූරෙ ගන්න පුලුවන්.
මොන විදියට ගත්තත් මතක තියාගන්න ඕනා දෙයක් තමයි වැලමිට දෙකට ආදාරකයක් අවශ්‍ය බව.
අතිරේක ආධාරක යොදා ගැනීම.
තියෙනවනම් සමබරතාවය රැකගන්න මේ වගේ උපක්‍රම පාවිච්චි කරන්න් පුලුවන්.
බිත්තියක් අධාර කරගැනීම්
කණුවක් ආධාර කරගැනීම
ගහක් ආධාර කර ගැනීම
කාර් එකක් ආදාර කර ගැනීම.
බිම දිගා වෙල පින්තූර ගැනීම
ඔබ macro photography කරනවනම් මේ ක්‍රමය අනිවාර්යෙන් වැදගත් වෙයි
( ඔබ දනටමත් unprofessional photographer කෙනෙක් නම් ඔබ මෙතෙක් පුරුදු උන ඔබට පහසු ආවේනික ක්‍රමය දිගටම අනුගමනය කරන්න. )
ඕන්න එහෙනම් දෙවනි පාඩමත් ඉවරයි හරිද?
තියෙන ප්‍රශ්න අදහස් යෝජනා චෝදනා ඔක්කොම කියන්න
ඊලග පාඩමෙන් ආයිත් හම්බුවෙමු.
පන්ති fees ගෙවන්න අමතක කරන්න එපා ( මං කිව්වෙ rep ගැන )
සම්පූර්ණ පාඩමට link
1st eke wage ath dheka thiya gathhtama ath deka abarila camerawa bima watenawa 

