HOLY THURSDAY

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    පාස්කුවේ ආරම්භය වන මහ බ්‍රහස්පතින්දා

    13086794_644179299063417_2034331697509465571_o.jpg


    ශුද්ධවූ සතියේ සුවිශේෂී දිනයකි මහ බ්‍රහස්පතින්දා. මහ බ්‍රහස්පතින්දා යනු ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී පාද දෝවනය කර ඉන්පසු ගෙත්සමනියට ගිය බව අපි දැන සිටිමු. එය නිවැරදි බව සත්‍යකි. ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී අනතුරුව පාවා දෙනු ලැබීම තුල උන්වහන්සේගේ පාස්කුව සිදු වූ බව අභිධාර්මිකව සත්‍යක් ය යන්න සදහන් කල යුතුය. මේ සමගම එදින ක්‍රිස්තුන් වහන්සේ ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය සහ තම එඩේරික ජීවිතය තුලින් පුජත්වරය නම් වූ ප්‍රසාධ නිධාන ස්ථාපිත කිරීම ඉතා සුවිශේෂී කාරණයකි. එදින දේවස්ථානය තුල සවස් භාගයේදී මෙම සිදුවීම් සිහිපත් කරනු ලබන අතරම තවත් එදින පෙරවරුවේ සිදු කරනු ලබන සුවිශේෂී කාරණයක් වන්නේ තෛල ආශිර්වාද කිරීමය.

    14333789_711933448954668_9097119944100188202_n.jpg


    වර්ෂය පුරාවට දේවස්ථානයන්හි භාවිතයට ගැනෙන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදිවරුන්ගේ කැපවීම අලුත් කරනු ලබන්නේද මහ බ්‍රහස්පතින්දා දිනයේදීය. සෑම රදගුරු වසමකම රදගුරු තුමා ප්‍රමුඛ පුජා ප්‍රසාදීන් වහන්සේලා එක්වී ගිහි ජනතාව සහ පැවදි අය සමගින් දිව්‍ය පුජාවන් සදහා සක්‍රමේන්තුවට අවශ්‍ය කරන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදීන්ගේ කැපවීම අලුත් කිරීම මහ බ්‍රහස්පතින්දා දිනයේ සිදු කරති.

    13332756_658782550936425_8461081678265592748_n.jpg


    මහ බ්‍රහස්පතින්දා දිනයේ සවස් භාගයේදී දේවස්ථානයන්හි සිදු කරන පිළිවෙත් කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බහුතර ජනතාවක් මේ කෙරෙහි අවධානයක් නොදැක්වුවත් මහ බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිදු කරන ඉතා වැදගත් කාර්යයක් ලෙසට ශුද්ධවූ තෛලයට ආශිර්වාද කිරීම සැලකිය හැකිය. මහ බ්‍රහස්පතින්දා සවස ඉර බැසීමත් සමගම ජේසුස් වහන්සේගේ මහා රාත්‍රී භෝජනය හෙවත් අන්තිම රාත්‍රී භෝජනය ලෙස සැලකෙන දිව්‍ය පුජාව සිදු කරනු ලබති. මෙහිදී අප ජනතාවට කිවයුතු ඉතාම වැදගත් දේව ධාර්මික කාරණයක් තිබේ. එනම් මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමගම චතාරික සමය අවසන් නොවන බවයි.

    13265997_652381284909885_322711691188167685_n.jpg



    අපේ සැදැහැවත් ජනතාවගෙන් බහුතරයක් අතර තිබෙන අවබෝධයක් වන්නේ ශුද්ධවූ සතියේ ආරම්භයත් සමගම චතාරික සාමය අවසන් වන බවයි. ගොබ් ඉරුදින , සදුදා , අගහරුවාදා , බදාදා සහ බ්‍රහස්පතින්දා සවස් වරුව වනතෙක්ම චතාරිකය ලෙස සැලකේ. පාස්කුව ආරම්භ වන්නේ මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමගම සිදුවන දිව්‍ය පුජාවෙනි. පාස්කුව ආරම්භ වන්නේ ආලේලුයියා සෙනසුරාදා නොවන බව සිහිපත් කල යුතුය.

    මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමගම ආරම්භ වන පාස්කුව මහ සිකුරාදා සහ ආලේලුයියා සෙනසුරාදා මෙම දින තුන පුරාවට සිදු වන්නේ එකම වන්දනා පිලිවතකි. එම දින තුන තුලදී සිදු කරන්නේ වන්දනා පිළිවෙත් තුනක් නොව එකම වන්දනා පිළිවෙතක් බව අවධාරණයෙන් සිහි කල යුතුය. දේවස්ථානය තුල මහ බ්‍රහස්පතින්දා සවස සිදු කරන වන්දනා පිළිවෙත් එදින අවසන් නොවේ. පසු දින වන මහ සිකුරාදා දිනයේ පිළිවෙත්හි ආරම්භයක් හෝ අවසානයක් ද නොවේ. ආලේලුයියා සෙනසුරාදා පිළිවෙත්හි ආරම්භයක්ද නොවන පිළිවෙත් අවසන් වන්නේ ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජවෙනි. සරලවම සදහන් කල හොත් මහ බ්‍රහස්පතින්දා සවස ආරම්භ වන පාස්කු පිලිවෙත් අවසන් වන්නේ ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජාවෙනි.


    12118659_562403320574349_5646293368489452694_n.jpg

     
    • Like
    Reactions: ehseres

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    36
    කටුවයි බඩේ ඇතුලේ
    ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ?
    මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ?
    අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ?
    Uf9on4C.png

    බොරු පොරොන්දු වලට තිත !
    එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව.

    ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න.


    හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි.

    CvO4qHv.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1793064