HomeTrendingඩොලරය 280ට බහීද? ඩොලරය 280ට බහීද?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමත් සමඟ උන්ඩියල් ක්‍රමයට විදෙස් ගනු-දෙනු කරන්නෝ අනාගතයේ දී අලාභ සිදුවෙතැයි බියට සහ ඉච්ඡාභංගත්වයට පත්ව ඇතැයි මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පවසති.

    එක්සත් ජනපද ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය මේ වන විට පහත වැටීම හේතුවෙන් තමන් සතු ඩොලර් සඳහා රුපියල් ලබාගැනීමට යාමේ දී විශාල පාඩුවක් සිදුවෙතැයි කල්පනා කරන කොළඹ, කොටුව, පිටකොටුව, මීගමුව, කොල්ලුපිටිය ප්‍රධාන නගරවල විදේශ මුදල් හුවමාරු කරන්නෝ ඒ නිසාම වැඩි වශයෙන් ඩොලර් වෙළෙඳ පොළට නිදහස් කිරීමට පටන්ගෙන තිබේ.



    ඩොලරයක් සඳහා රුපියල් 360-370ත් අතර ඉහළ මිලක් ගෙවීමට පසුගිය කාලයේ දී සිදුවිය. එය මේ වන විට රුපියල් 340-345ත් අතර මට්ටමකට පහත වැටී ඇත.

    මේ ආකාරයෙන් දිගින් දිගටම රුපියල ශක්තිමත් වී ඩොලරයේ අගය රුපියල් 280කට අඩු වී ගියහොත් උන්ඩියල් ක්‍රමයට ගනු-දෙනු කරන්නට දැඩි අර්බුදයකට මුහුණ පාන්නට සිදු වනු ඇතැයි ඔවුන් බියකින් සිටින බව ද මූල්‍ය වෙළෙඳ පොළ තොරතුරු හෙළි කරයි.

    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් දීමට කොළ එළි දැල්වීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල ද වර්ධනයක් සිදු ව ඇත.



    කොළඹ කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය, S & P දර්ශකය සහ පිරිවැටුම පෙර දිනට (07) සාපේක්ෂව ඊයේ (08) ඉහළ ගොස් ඇත. පෙරේදා සමස්ත මිල දර්ශකය ඒකක 9333.83ක් වූ අතර, එය ඊයේ 9444.92ක් දක්වා වැඩි වී ඇත. ඊට අමතරව S & P දර්ශකය පෙරේදා 2828.32ක් වූ අතර ඊයේ දිනයේ දී එය 2838.18ක් දක්වා වැඩි වී තිබේ. මෙලෙස කොටස් වෙළෙඳපොළ ඉහළ යාම කෙරෙහි ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වීම, ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාව කෙරෙහි අරමුදල් සැපයීමට ක්‍රියාකිරීම මූලිකව බලපා ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ තොරතුරු විශ්ලේෂකයෝ පවසති. එමෙන්ම ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ද සියයට 4.5කින් වැඩි වී තිබේ. ඒ අනුව 2023 ජනවාරී මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 2121ක් වූ මෙරට නිල සංචිත මෙම වසරේ පෙබරවාරියේ දී 2217ක් දක්වා වැඩි වී තිබේ.

    ජයසිරි මුණසිංහ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මුලු ලෝකේම ඉන්ෆ්ලේසන් වැඩී. බයිඩන්ෆ්ලේසන් කියල ඔකට කියන්නේ. අනාත සිරිලන්කාවේ ආස්චර්යක් වෙලා වගේ ආයමත්. මාර ආතල් අප්පා මේ රට නම් :lol:
     

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    1678341850678.png