බයිසිකලේ...බයිසිකලේ...දුප්පත් අපගේ බයිසිකලේ....
අමරසේකර සූරීන්ගෙ කෙටිකතාව වගේ මාත් බයිසිකලයක් ගන්න ඒ කාලෙ හීන මැව්වට ගත්තු බයිසිකල් වලට වෙච්චි දේ ගැන කිසිම ලකුණක් නෑ! ඔහොම තියෙද්දි මම මෝටර් සයිකලයක් ගත්තා ලංකාව වටේම තියෙන මෝටර් සයිකල් බලල.. වැඩකෑලි වැඩිපුර තියෙන, පෙනුම තියෙන, බර තියෙන එකක්.. අලෙවිකරණ වෙබ් අඩවි අඩවි සියල්ලත් බලල අවසානේ තීරණේකට ආවා Hero Dash එකක් ගන්නවා කියල...
ලංකාවේ ආයතන, ව්‍යාපාර වල තියෙන ලොකු අඩුපාඩුවක් තමයි අලෙවියෙන් පසු සේවාව සහ පාරිභෝගිකයා කෙරෙහි දක්වන සැලකිල්ල කියන දේ.. විකුණගන්නං දෙයියට වගේ සලකල, වාහනේටත් පටවල දීලා දෙන ඇතැම් භාණ්ඩ වල වගකීම් ආවරණය කරන්න ගියාම රණ්ඩු වෙන්න සිද්ධවෙනවා. අවුරුදු විසිගාණක් තිස්සේ බම්බලපිටියෙන් බඩුගත්ත මටත් බුකියේ හැමෝටමත් ඒ අත්දැකීම ඇති. සමහර වෙළෙද ආයතන බඩු විකුණනවා සේවා සපයනව දකිනවා අන්තර්ජාලයේ. නමුත් මාසෙකින් බලද්දි වෙබ් අඩවියත් නෑ.. ලිපිනයේ මනුස්සවාසයක් නෑ.. දුරකථන අංක වැඩ කරන්නෑ. බැංකුවක් හරහා හොයල බැලුවත් ඒ ආයතනේ නමින් ගිණුමකුත් නෑ! ඔය තත්ත්වෙ නිසා මිනිස්සු භාණ්ඩ හා සේවා ලබාගනිද්දි වගේම අලෙවියෙන් පසුව සේවාව සපයන විදිය ගැන චුට්ටක් හිතන්න වෙනවා...
මම බයිසිකලේ ගත්තේ වේයන්ගොඩ අබාන්ස් ප්‍රදර්ශනාගාරයට අනේ දෙයියන්ට වගේ සලකල පදින හැටි විතරයි කියල නොදුන්නේ..බයිසිකලේ වික්කා.. සර්විස් කරන තැන් ටිකත් කිව්වා. අනේ ඉතින් කිලෝමීටර් 500ක් පැදපු ගමං සර්විස් එකට දාලා දවසක්ම කට්ට කාලා ගෙදර ආවා. සෝක් බයිසිකල් පොඩ්ඩ තෙල් වැඩ නෑ. තෙල් වැඩ නෑ කිව්වාම කිව්වා ආ ඊලග සර්විස් එකෙන් හරියයි කියල.. මොකද විකුණද්දි කියපු ඉන්දන කාර්යක්ෂමතාවෙන් බාගයයි වැඩ. ඊලග ටික මම ඉකොනොමි මට්ටමේ දිව්වා තෙල් වැඩකිරිල්ල බලන්න..නිකං රේස් කරේ නෑ..බබා වගේ පැද්දා.. කි.මි. 2ක් විතර වැඩිපුර වැඩකරල තිබුණා. අනේ මෙන්න ස්පිඩෝමීටර් කේබල් එක කැඩුණා. කි.මී 800 යි! ආයෙ ගිහින් අහපුවාම ඒවට වොරන්ටි නෑ.. කිව්වා. සල්ලි දීලා දැම්මා.. තව ටිකදවසක් පැදල ඊලග සර්විස් එක ඔන්න මෙන්න තියෙද්දි හෙඩ් ලයිට් එක ගියා. අනේ මේක ඔන් ලයිට් නෙ. ඒකටත් සල්ලි දීලා දැම්මා.. ඊලග සර්විස් එක කරල දවස් දෙකයි බයිසිකලේ ස්ටාට් වෙන්නෑ. තල්ලු කරං ගිහින් හදාගත්තා. සල්ලිත් දුන්නා.. දවස් තුනයි පැද්දෙ මග හිටියා.. මගේ මාරයා නැගල මම පැමිණිලි කරා. ගැහුවා ලියුමක්.
පහුවදාම කතාකරල ඒ සර්විස් එක ගැන මොකක්ද වෙන්න ඕනි ඇහුවා. මම කිව්වා සර්විස් දන්නැති, රෙපෙයාර් දන්නැති උන්ට ඒජන්සි දෙන්න එපා කියල.. මේකෙ නිෂ්පාදන ගුණාත්මකභාවය අන්තිමයි. ඔක්කොම බඩු කිලෝමීටර් 1000 පදිද්දි කැඩෙනවා. අන්තිම බාලයි කිව්වාම. සමාව ඉල්ලල..ඉතාම වැදගත් විදියට කතාකරල තිබ්බා. දවස් තුනකින් අබාන්ස් එකෙන් වව්චරයක් ආවා. රුපියල් 300/=ක! මාව නිවන්න කියල වෙන්නැති. එදා ඉදන් හැම සර්විස් එකකදිම එන්ජිමයි රෝදයි හැරෙන්න සෑහෙන කෑලි ප්‍රමාණයක් දැම්මා.. ස්පිඩෝමීටර් කේබල් කැඩෙන නිසා උන්ගෙ මළ ඉලව් ඒජන්ට්ලට නොදා, ගමේ බාස් කෙනෙක්ට කියල බජාජ් කේබල් එකක් දැම්මා. දෙයියනේ කියල දැන් කි.මි දාහතරදාහයි තාම වැඩ. දවසක් ගෙදර යද්දි එයාර් ක්ලීනරේනුත් තෙල් වැක්කෙරිලා.. වෙචච හේතුව හදන එකාවත් දන්නෑ.. ඒ මදිවට සර්විස් වලදි මොනවම හරි දාන්න වෙනවා. කැඩිලා.. රනින් රෙපෙයාර්ස් මෙච්චර ඉක්මනට එනව කියල සහ කි.මී 10000 වෙද්දි ටයර් ගෙවෙන බයිසිකලයක් වෙත්නම් ඒ මේක වෙන්න ඇති. දැනටත් සිග්නල් ස්විච් එක ඇතුළෙන් කැඩිලා. මේක අව්වෙ වැස්සෙ කරවෙන එකක් නං තව කමක් නෑ කිව්වැහැකි. වෙලාවටම සර්විස් කරල..නිතර සත්කාර කරල තියං ඉදලත් ලෙඩ දෙනව නං මුන්ගෙ ප්‍රඩක්ට් වල ගුණාත්මය ගැන කතාකරල වැඩක් නෑ..
ඉතින් කුණු හීරෝ ස්කූටර් නං ගන්න කලින් හිතන්න.