මේ බයික් එක ටිකක් uncommon බයික් එකක් ලංකාවේ. retro classic පෙනුමට තියෙන නිසාත්, sohc single cylinder උනත් beat එක ටිකක් deep නිසාත් මේ බයික් එකේ පාරේ යද්දී කොල්ලන්ගේ අවදානයට ලක් වෙනවා (කෙල්ලන්ට නම් අදාල නෑ
).මුලින්ම කියන්න ඕන මේ බයික් එක ජපන් බයික් එකක් නෙමයි. මේක ආසියාතික රටවල් වලට සහ ඔස්ට්‍රේලියාවට හදපු බයික් එකක්. JDM නෙමයි. මේක Honda Shadow Phantom 750 එකේ පොඩි සයිස් එක කිව්වොත් හරි. 2001 ඉඳන් 2010 වෙනකම් හදපු මේ බයික් එක assemble කරේ Thailand වල. වැඩිපුරම popular සින්ගා, තායි වල.
මේක අයිති වෙන්නේ cruiser category එකට.
බයික් එක බොහොම simple බයික් එකක්. නඩත්තුව ඉතාම පහසුයි. පෙට්‍රල් ලීටරයකට ඉතා පහසුවෙන් කිලෝ මීටර් 35ක් යන්න පුළුවන්.
ඉඩ ඇතිව සැප පහසුවට seat එක හදල තියෙන නිසා පිටිපස්සේ ඉන්න කෙනාට උනත් පහසුවෙන් යන්න පුළුවන්.
disk brake system එකක් තියෙන්නේ ඉස්සරහටත් පිටිපස්සටත්. හොන්ඩලගේ බ්රේක් හදන nissin නම් නෙමයි ඒක හදල තියෙන්නේ. branded නොවුනත් brakes නම් අවුලක් නැත.
රෝද 2ම alloy වලින් හදල තියෙන්නේ. පිටිපස්සේ රෝදේ තනිකර alloy කුට්ටියක්.
රෝද 2 sizes 2ක්. ඉස්සරහ 17', පිටිපස්ස 15'. ටයර් ඉස්සරහ 90 පිටිපස්සේ 130.
original එන සයිලන්සර් එක stainless steel තනි බැරල් එකක් එන්නේ. 2 valve උනත් සිදුරැ 2ක් තියෙනවා ඒකෙ.
සරල කාබ් එකක් තියෙන්නේ බයික් එකේ. keihin එකක්. jet m:132 s:40 (හෙන අමාරුවෙන් හොයාගත්තේ මේක)
මට සෙට් උන බයික් එකේ කලින් අය්තිකාර මිහරකා 118ක් දාල තිබිල බයික් එක එපා උනා.
130දැම්මම ගින්දර වගේ.

මීටරේ තියෙන්නේ ටැංකියේ මේ පල්ලෙහා පින්තුරේ විදියට. (200ට යන්න කන්දක් පහලට තල්ලු කරන්න වෙනවා.
)
උපරිම වේගය පැයට කිලෝමීටර් 120ක් විතර. බයික් එකට වඩාත් ගැලපෙන වේගය 60-85.
බයික් එක cruiser එකකට සාපේක්ෂව තරමක් බරින් අඩුයි (140 kg). ඒ නිසා ඉතා ලේසියෙන් පාලනය කරගත හැකියි.
නමුත් බරින් වැඩි කෙනෙක් පිටිපස්සේ ඉන්නව නම් ඉස්සරහ බ්රේක් වදිනවා අඩු ගතියක් තියෙනවා.
බයික් එකේ බර (CoG) කොහොමත් තියෙන්නේ ටිකක් පිටිපස්සට වෙන්න.
බයික් එකේ specs ගැන කිව්වොත්
එන්ජිම: 4 ස්ට්‍රෝක්, air cooled, තනි සිලින්ඩර් 200cc 2 valve.
උපරිම බලය අශ්ව බල 16.5 (8500rpm වලදී) කුත්, උපරිම ව්‍යාවර්තය 16.2Nm (6500rpm වලදී) ත් විදියට තමයි හදල තියෙන්නේ.
Bore x Stroke : 63.5 mm x 62.2 mm
Compression Ratio: 9.0:1
CDI unit එකක් තමයි ignition වලට තියෙන්නේ. kick නැත. starter එකක් විතරයි තියෙන්නේ.
ගියර් 6ක් තියෙනවා. toe එකන් කඩන විදියට. multi plate wet clutch එකක් තියෙන්නේ.
chain එක පුරුක් 520යි, sprocket ඉස්සරහ 13යි පිටිපස්සේ 41යි.
Dimensions (WxLxH): 775 x 2256 x 1085 mm
Seat Height: 699 mm
Wheelbase: 1505 mm
Dry Weight: 140 kg (engine oil, petrol නැතිව බර)
Fuel Tank Capacity (Main / Reserve): 9.68 litres / 2 litres
Suspension System: Front - Telescopic, Rear, Double Shock
Battery: Maintenance-Free 12V - 3.5Ah
මේකේ 150cc එකකුත් තියනවා. එක හැබයි මේකට වඩා අඩුවෙන් තෙල් කරනවා කියල තමයි forum වල තියෙන්නේ. එකේ kick starter එකක් තියෙනවා.
බයික් එකේ වටිනාකම ගැන කිව්වොත්, මේක 2.50 ක් වගේ ගානකට හොයාගන්න පුළුවන්.
මේකේ ප්‍රශ්නයක් විදියට තිබ්බේ කෑලි හොයාගන්න එක. මම බයික් එක ගන්නකොට තිබ්බ air filter එක පවා බට් කරලා හදල තිබ්බ එකක්. ඒක මාරු කරගන්න niko එකට ගියාම ඒ ගොල්ලෝ ගාව තිබ්බ orginal එකම.

පාවිච්චි කරපු එකක් අරන් උනත් මාස 6ක් පැදද බයික් එකේ කරන්න උනේ රුපියල් 5000කට අඩු
වියදමක් නඩත්තුවට (re-jetting, air filter replacement, oil change, clutch cable replacement).
ගන්න හිතන් ඉන්න කෙනෙක්ට කියන්න තියෙන්නේ: අවුලක් නෑ.

) පින්තුරෙකුත් දාහන් මචෝ...

rep +++++