ශනි මංගල දෝෂය
මංගල යනු කුජ(අගහරු) ග්‍රහයායි. ඒ අනුව ශනි මංගල දෝෂය යනු ශනි කුජ ග්‍රහයන්ගෙන් යෙදෙන්නකි.ශනි කුජ ග්‍රහයන් කේන්ද්‍රයේ සංයෝග වීම හෝ අන්‍යොන්‍ය දෘෂථියෙන් සිටීමෙන්(ශනිගෙන් 7 හෝ 10 කුජ සිටීම) මෙම දෝෂය සෑදේ.කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදෙන විට දෝෂ භංග වේ.
අඟහරු දෝෂය (කුජ දෝෂය,අංගාර දෝෂය,මංගල දෝෂය, භෞම දෝෂය යනුවෙන් හැදින්නේනේද මෙම දෝෂයමය)
ජන්ම කේන්ද්‍රයේ 1,2,4,7,8,12 ස්ථානයක කුජ(අඟහරු) තැන්පත් වීම මෙම දෝෂයයි. ඇතැම් පොත්පත්වල ලග්නයෙන් පමනක් නොව චන්ද්‍රයාගෙන් හෝ සිකුරුගෙන් 1,,4,7,8,12 යන ස්ථානයක කුජ පිහිටන විටද මෙම දෝෂය යෙදෙන බව සදහන්ය(එහෙම බැලුවොත් අඟහරු දෝෂය නැති කෙනෙක් හොයා ගන්නත් නැහැ වගේ.)නමුත් බහුලව සදහන් වන්නේ ලග්නයෙන් යෙදෙන බවයි.කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදීමෙන් දෝෂ භංගවේ.