horen gahapu kasippu match ekak wage agents mis ekk wela

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,903
    35,841
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අයි.ඩී.එච්. හන්දියේ ප්‍රසිද්ධ අවන්හලකින් ජල බෝතලයක් පානය කළ තරුණියකට වමනය යාමෙන් පසු එම ජල බෝතලයද රැගෙන ගොතටුව පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් කර තිබේ.



    පෙරේදා (17) සවස ඇය තම යෙහෙළියන් දෙදෙනකුද සමඟ අයි.ඩී.එච්. හංදියේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක් වෙත තේ පානය සඳහා ගොස් ඇත. එහිදී පීසා, රෝල්ස් ආදිය කෑමෙන් පසු පානය සඳහා ජල බෝතලයක් ඉල්ලා ඇත.

    “එහි සේවකයෙක් ගෙනැවිත් දුන් වතුර බෝතලය කඩා මුලින්ම මම වතුර ටිකක් කටේ හලා ගත්තා. ඒ එක්කම මගේ බඩ පපුව පිච්චිලා යනව වගේ දැනුණා. මට වමනෙත් ගියා.” යනුවෙන් ඇය පොලිසියට පවසා ඇත. එම අවස්ථාවේ අවන්හලට පැමිණ සිටි වෛද්‍යවරයකු එම බෝතලය පරීක්ෂා කර බලා එහි ඇත්තේ සර්ජිකල් බව පවසා සිටි බවද ඇය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

    ඒ මොහොතේම ඇය මිතුරියන් දෙදෙනාද සමඟ වතුර බෝතලයද රැගෙන ගොතටුව පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර ඇත.

    ගොතටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ එම ජල බෝතලය වැඩිදුර විමර්ශන සඳහා ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත භාර දුන් බවය.

    මේ සම්බන්ධයෙන් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චමින්ද හපුආරච්චි මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි.
    (මුල්ලේරියාව - සිරිසේන ගමගේ, මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි)