Horoscope

මාර්තු 31 සඳුදා සිට අප්*රේල් 06 ඉරිදා දක්වා
mesha.jpg
මේෂ
දැඩි ආත්ම ශක්තියකින් යුතුව ක්*රියා කරන සතියකි. අධ්*යාපන කටයුතු කෙරෙහි තිබූ බාධකයක් ඉවත් වී යයි. වියදම් අධික වීමට හේතු වන අතර මංගල කටයුතු සඳහා අශුභදායක වේ. විදේශ ගමන් බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවේ. වගා කටයුතුවලින් සාර්ථක ප්*රතිඵල ලැබේ.
vrushaba.jpg
වෘෂභ
ආදායම් මාර්ග වැඩිවීමට හේතු වන අතර තේක්ක ආදී දැව වගාවලින් වැඩිපුර වාසි අත්වේ. අලුත් ව්*යාපාර ආරම්භ කිරිමට ඉත*ා ශුභදායක සතියකි. මංගල කටයුතු සාර්ථක වන ලකුණු පෙන්වන අතර පෙම් සබඳතා ස්ථිර කර ගනී. මුදලක් තැන්පත් කර ගැනීමේ අවස්ථා එළඹේ. අධ්*යාපන කටයුතුවලදී කැපී පෙනෙන තත්ත්වයක් උදා කරයි.
mituna.jpg
මිථුන
රැකියා කටයුතුවල දියුණුවක් ඇති කරන අතර බොහෝ බලාපොරොත්තු ඉටු වන සතියකි. මල් හා එළවළු වගා දියුණු කරයි. සිතේ සතුට මෙන් ම ගෙදරදොර ශ්*රියාව වැඩි කරයි. සම්මුඛ පරික්ෂණ ජය ගනී. උත්සහයෙන් කරන වැඩවලින් සාර්ථක ප්*රතිඵල ලැබේ.
kataka.jpg
කටක

අනුන් කියන විදියව වැඩ කිරිමට යාමෙන් වැරදීම්වලට ඉඩ ඇති අතර ආත්ම ශක්තිය මඳක් දුර්වල වීමට හේතුවේ. වියදම් අධිකව යෙදෙන සතියකි. ඥාතියෙකු නිසා අමතර මුදලක් වැයවේ. වැඩිපුර පුණ්*ය කටයුතුවල නියැළේ. මල් වගාව හා කෘත්*රිම මල් සෑදීමෙන් අමතර මුදලක් ලබාගනී.
singha.jpg
සිංහ
සිතට වද දෙන ප්*රශ්න ඇති වීමට ඉඩ ඇති අතර අනුන් වෙනුවෙන් වෙහෙසට පත්වේ. අධ්*යාපන කටයුතුවල සාර්ථකත්වයක් දක්නට පුළුවන. උසස් විභාගවලින් සාර්ථක ප්*රතිඵල ලැබේ. ගමන් බිමන්වලදී වාසී අත්වේ. අනවශ්*ය පෙම් සබඳතා ඇති වීමට ඉඩ ඇත.
kanya.jpg
කන්*යා
පිනට දහමට ලැදිව ක්*රියා කරන අතර සියලු වැඩ කටයුතු සාර්ථකව ඉටු වන සතියකි. උසස් අයගේ ප්*රසාදයට ලක්වේ. අලුත් පෙම් සබඳතා ඇතිවේ. මංගල කටයුතු සාර්ථක වන අතර විදෙස් ගමන් ආරම්භ කිරීමට ශුභදායී වන සතියකි. වගා කටයුතුවලින් අමතර අදායම් ලැබේ.
thula.jpg
තුලා
රෝගී තත්ත්වයෙන් පෙළෙන අයගේ රෝග සුවවේ. පෙම් සබඳතා කැඩී බිඳී යාමට ඉඩ ඇත. විදෙස් ගමන් අපේක්ෂා කරන අයට සාර්ථක ප්*රතිඵල ලබා ගැනිමට පුළුවන. මුදල් යොදවා කරන වැඩ කටයුතුවලින් පාඩු සිදුවේ. පරණ ගනුදෙනුවකින් නිදහස් වීමේ අවස්ථාව එළඹේ. තරගකාරි වැඩ කටයුතුවලින් ජය ලබාගැනීමට පුළුවන.
vrushchika.jpg
වෘශ්චික
අධ්*යාපන කටයුතුවලින් ජය ලබා ගත හැකි අතර සම්මුඛ පරික්ෂණවලින් සාර්ථක ලෙස ජය ගනී. අමතර අදායමක් ලැබීම නිස*ා අතමිට සරුවේ. රැකියා අපෙක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉටු වන සතියකි. මංගල යෝජනා ඉදිරිපත් වේ. මිතුරු මිතුරියන්ගේ උපකාර ලැබීමට හේතු වන අතර අන්*යෝන්*ය සුහදතා ද වැඩි වීමට ඉඩ ඇත.
danu.jpg
ධනු
දැඩි ආත්ම ශක්තියකින් යුතුව ක්*රියා කරන සතියකි. අන්*යෝන්*ය සුහදතා නිසා සිතේ සතුට ඇතිවේ. මිල මුදල් උපයා ගැනිමේ කටයුතුවලදී ඉතා උනන්දුවෙන් ක්*රියා කරයි. පැරණි ණය මුදලකින් නිදහස් වීමට පුළුවන. අධ්*යාපන කටයුතුවලට තිබූ බාධක ඉවත්ව යයි. මංගල යෝජනා ඉදිරිපත් වන අතර පෙම් සබඳතා ද ඇති කර ගනී.
makara.jpg
මකර
අත්*යවශ්*ය කටයුතු කිහිපයක නිමාව දකින අතර අලුත් වගා කටයුතු ආරම්භ කිරිමට උත්සහ දරයි. වැඩිහිටි ඥාතියෙකුට කරන ලද අගෞරවයක් නිසා ඥාතීන්ගේ අමනාපයට ලක්වේ. මහන්සි වී වැඩ කරන අතර පවුලේ සමගිය සතුට ඇති කරයි. පෙම් සබඳතා ඇති කර ගන්නා සතියකි. දරුවන්ගේ වැඩකටයුතුවලට මුල් තැනක් ලබාදේ. මිල මුදල් අතේ ගැවසෙන අතර ධන වාසි ද අත්වේ.
kumba.jpg
කුම්භ
අදායම් තත්ත්වය සරු කරන අතර වගා කටයුතු දියුණු කරයි. මුදලක් තැන්පත් කිරිමේ අවස්ථා එළඹේ. දැව හා මල් වගාවලින් සරු ප්*රතිඵල ලැබේ. මංගල යෝජනා ඉදිරිපත් වුව ද එවා සාර්ථක කර ගැනීමේ අවස්ථා එළඹෙන්නේ නැත. රහස් සතුරු කරදරවලට ඉඩ ඇත.
kumba.jpg
මීන
සිතේ ප්*රසන්නතාව වැඩි වන අතර ප්*රධානින්ගේ ප්*රසාදයට ලක්වේ. රැකියාවේ විශේෂ උසස් වීම් හා වැඩිපුර දීමනා ද ඇති කරයි. දූ දරුවන්ගේ ඕනෑ එපාකම් සඳහා මුදලක් වැය කරන අතර සතුටුදායක ලෙස ගෘහ ජීවිතය ගත කරයි. අඹු සැමි සබඳතා වැඩිවේ. මංගල අපේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉටුවේ.

ජ්*යොතිර්වේදිනි තොසා ද සිල්වා​
 

yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    අධ්*යාපන කටයුතු කෙරෙහි තිබූ බාධකයක් ඉවත් වී යයි. eka hodai