Hot News ekak..!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    යුද්ධයේදී 8 දෙනෙකුගේ බෙලි කපා මැරූ නිසා දිගුදුර විහිදුම් බළකායේ රණවිරුවෙකුට මරණ දඬුවම…

    2000 නොවැම්බර නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු දෙබළකු වූ රත්නායක මුදියංසේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුලක් අද මරණ දඬුවම නියම කළේය.
    යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ දෙවන පෙළ ලුතිනන්වරයකු ඇතුළු පහක් මේ නඩුවේ චෝදනා ලැබ සිටියහ.
    ඉන් හතර දෙනකුට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ බව තීරණය කළ විනිසුරු මඩුල්ල ඔවුහු නිදහස් කරනු ලැබූහ.
    ප්‍රීති පද්මන් සූරසේන සහ ලලිත් ජයසූරිය යන මහාධිකරණ විනිසුරුවරු තීන්දුව ලබා දුන්හ.