House of Secrets: The Burari Deaths

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,983
    5,282
    113
    තොටිල්ලේ
    බලන්න කියල ඩවුන් කරාට අමාරුවෙන් හදාගත්ත ඔලුව ආයෙ ඩ්‍රොප්ශිප් වෙයි කියල හිතුන හින්ද දැම්මම බලන්නෙ නෑ කියල හිතුව.

    මේ ගැන කලින් කිරියෙ කතා වෙලා තිබ්බා.
    මේ විස්තරේ දාල තියෙනව දැක්කෙ නැති හින්ද මන් දැම්මෙ.
    මං ලියපු එකක් නෙවෙයි. cineru.lk කියල සයිට් එකක උදය සමන් කියල පොරක් ලියල තිබ්බ එකක් මේ.

    “මං හිතන්නෙ නෑ කිසිම කෙනෙක් ජීවිතේට මෙහෙම ක්‍රයිම් සීන් එකක් දැකල ඇති කියලා,චිත්‍රපටයකින්වත් මෙහෙම දර්ශනයක් දැකල ඇති කියල විශ්වාස කරන්න බෑ”.සිදුවීමේ භයංකරත්වය ගැන මෙහෙම කියන්නෙ එදා විමර්ශනයට දායක වූ නිලධාරියෙක්. 2018 ජූනි 30 වෙනිදා දිල්ලියේ බුරාරි හි නිවසක සිදුවූ මේ සිදුවීම සියදිවිනසාගැනීමක්ද,

    ඝාතනයක්ද
    වශයෙන් තෝරා බේරාගන්නටත් අපහසු වුණා.
    පරම්පරා 3 කට අයත්
    එකම වහලක් යට විසූ
    එකම පවුලේ 10 දෙනෙක්
    එකම සිවිලමක එල්ලිලා
    ගෙල වැළලාගෙන
    සියදිවි නසාගෙන.

    වයස 80 ක් වූ පවුලේ ආච්චි අම්මාගෙ සිරුර සොයාගන්නෙ යාබද කාමරයකින්. හැමෝගෙම අත් පා ගැටගසා දමලා. කටවල් බැඳලා. කන් වලට පුළුන් ගහලා. එකම ඇඳ ඇතිරිල්ලකින් කපාගත් රෙදි කැබලි වලින් මුහුණු වසා දමලා. පවුලේ සාමාජිකයින් විසින්ම මෙවන් අස්වාභාවික යමක් තමන්ටම සිදුකරගන්නෙ කොහොමද කියන සැකය කොහොමත් මතුවෙනවානෙ. නමුත් තෙවන පාර්ශ්වයක් විසින් නිවසට බලෙන් කඩා වැදුණ බවක් හෝ නිවස තුළ කලබලයක් සිදු වූ බවට සාක්ෂිත් නැහැ. එහෙනම් මොකක්ද මේ වෙලා තියෙන්නෙ? කොහොමද මෙහෙම වුණේ?

    2018 – ජූලි 1 උදේ 7:30 ට මුලු ඉන්දියාවම භීතයට පත් කරමින් එකම පව්ලේ එකොලොස් දෙනෙක් සියදිවි නසා ගැනීමේ පුවත මුළු ලෝකයේම ප්‍රසිද්ධ වනවා. බුරාරි ඛේදවාචකය ලෙස නම් ලබන මේ දරුණු මිනීමැරුම් පුවත බොහෝ දෙනාගේ ආධානය නැවත දිනාගන්නේ කොටස් තුනකින් යුතුව Netflix documentary miniseries එකක් ලෙස විකාශය වීමත් සමගයි.

    මුලදී මේ වගේ සිදුවීම් ඕන තරම් බලලා තියෙන නිසා ඔන්න ඔහේ බලනවා කියලා හිතාගත්තට ඇත්තටම මෙය එහෙම බලන්න පුලුවන් miniseries එකක්නම් උනේ නෑ.. ඛේදවාචකයේ සාක්ශි ඇතුලත්ව විසදන තෙක් වෙන සියලුම සිදුවීම් සාක්ෂිත් , හඩපටත් සමග සියළුම සත්‍ය තොරතුරු ඇතුලත්ව.. ඒ සිදුවීම් ධාමය කිසි අඩුවක් නැතිවම පෙන්වන්නට මේ documentary හි කණ්ඩායම සමත්වී තිබුනා.

    කතාවේ සිදුවීම් ධාමයම ඔබව තරමක් නොසන්සුන් කරාවි බිය ත්‍රාසය කුතුහලය නොවඩුව මෙහි අන්තර්ගතව ඇති අතර මිනිසුන්ට මෙසේ ජීවත් විය හැකිද කියා ඔබට අවසානයේදී සිතෙන්නේ ලොකු බියක් සහ ප්‍රශ්නාර්තයක් ඉතුරුකරවිමුනුයි..කතාව දැනගෙනම බලන්න.. එය ඔබට ගැටළුවක් නොවේවි..

    එහෙනම් මේ අවුරුද්දට කරන පලවෙනි සීරිස් එක අරගෙනයි මේ එන්නේග මීට කලින් මා උපසිරසි ලබාදුන් Madhagaja (2021) මධගජා කන්නඩා සිනමා පටය නැරඔු සියළු දෙනාට ස්තූති වෙනවා.. එහෙනම් මේ පාර අරන් ආව සීරස් එක කරන්න හිතන් නම් ටිකක් කල් වෙනවා.ඒත් අධික වැඩ රාජකාරි අස්සේ තමයි මේ කොහොමින් හරි ඉක්මනින් අරගෙන ආවේ. එහෙනම් වෙනදා වගේම මේකට උපසිරසි කරන්න අවස්ථාව ලබාදුන්න සිනෙරු ඇඩ්මින් මණ්ඩලයට ස්තූති වන්ත වෙනවා. එහෙනම් කථාව පැත්තට අපි හැරෙමු.

    #SpoilerAleart

    සත්‍ය කතාව…


    ඉන්දියාවෙ දිල්ලි නගරයේ බුරාරි වල නාගරික ජනාකීර්ණ පෙදෙසක පරම්පරා 3 ක අවුරුදු 14 සිට 80 දක්වා වයස් කාන්ඩ වල පිරිමි 4 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු ඉන්න සාමකාමී වගේම වැදගත් හොද පවුලක් සිටියා. මේ කතාව ගෙතෙන්නේ මේ අපූරු පවුලත් සමගිණුයි.

    මෙම පවුල ව්‍යාපාරික ධනවත් පවුලක් වන අතර දරුවන්ද හොදින් අධ්‍යාපනය හදාරණ අතර Msc, BSc ,තෙක් ඉගෙනගත්තු ගැහැණු ළමන් දෙදෙනෙක් ද මේ පවුලේ සිටිනවා. අවට අසල්වාසීන් සමගත් හොද සම්බන්දයකින් සිටි මේ පවුලෙන් කිසිවෙකුට වරදක්වී නම් නෑ.

    නමුත් මා කී ඉහත දිනයේදී ඔහුන්ගේ කඩේ අරින්න ප්‍රමාද නිසා ඒ ගැන බලන්න අසල්වැඩියෙකු ඔවුන්ගේ නිවසට යනවා සියල්ලක්ම නොසිතූ ලෙස සිදුවන්නේ ඉන් පසුවයි..ඒ යන මිනිසා දකින්නේ නිවසේ Courtyard එකේ සවිකරතිබූ දැලක් වැනි කම්බි වල අත් කකුල් බැදගෙන ලනුවලින් එල්ලිලා නිවසේ 10 දෙනෙක් මැරිලා ඉන්නවා.ඒත් එක්කම මේ සිද්දිය ගින්නක් වගේ ඉන්දියාවේම ඇවිලෙද්දි පොලිසිය මේක සාහසික මිනිමැරුමක් විදියට සිතා ෆයිල් ගොනු සකස් කරනවා….

    CCTV වීඩියෝ දසුන් සහ අවට මිනිසුන්ගේ ප්‍රශ්නකිරීම් සමග මුලදී මිනීමැරුමක් ලෙස සිතූවද මේක මිනිමැරුමක් නොවන බව පොලීසියට හැගී යන අතර, මෙය සාමාන්‍ය පරික්ෂණයක් නොවන බව වටහා ගන්නා දිල්ලි පොලීසිය දිල්ලි අපරාද පරික්ශන ආයතනයට මෙය භාරදෙනවා .. ඉන් පසුව මේ සිද්දිය සාමුහික ගෙලවැලලාගැනීමක් විදියට නැවත ගොනු වෙන අතර…

    අවුරුදු අසූවක් වයසැති ආත්තම්මාගේ මිනිය කාමරයක් ඇතුලෙ ත් අනික් දහදෙනා මැද මිදුලෙ ” නුග ගහක මුල්” එල්ලෙන විදියටත් මැරිලා ඉන්නවා..

    ආත්තම්මා හට ඇවිද ගැනීමට අපහසු නිසා ඇය මියගොස් ඇත්තේ අල්මාරියේ හැඩලයට ලණුවක් ගැටගසා එය ඇදගෙන සිරවීමකිනුයි. මේ සියළුම දෙනාගේ කකුල් පොලවට ගෑවිලා තිබූ අතර, ඒගොල්ලන්ගේ අත් වල ගැටගසා ඇති ලනුවක්වත් ගලවගන්න ඔවුන් උත්සහ නොකර තිබූ බවත්, වැඩිහිටි පිරිමියෙකු සහ කාන්තාවක් ඔවුන්ගේ ගැට ඔවුන් විසින්ම ගැටගහගෙන සිටීම වග දැකීමත් සමග මෙය තවත් සංකීර්ණ වෙනවා.

    මේ කරුණු මෙසේ තිබියදී එරට මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ගේ විකාර හැසිරීම් නම් ඔබව කනස්සල්ලට පත් කරාවි. එය සත්‍ය අයුරින්ම මෙහි පෙනවනවා.සිද්දිය සංකීර්ණ වීමත් සමග මුලු ගෙදරම නැවත පරික්ශාවට ලක් කරන අතර මුලින්ම ගෙදරින් එලිය බලද්දි එක බිත්තියක එලියෙන් තියෙන අදාල නැති පිටට එන්නට සැකසූ අමුතු බට එකොලහක් ඔවුන් දකිනවා.

    ඒකෙන් 4ක් L හැඩයට නවා ඇති අතර අනික් 7 නිකන් එළියට බටේ එන්න හදලා තිබුනා. ඒ බට පිලිවෙලත් ඔවුන් එල්ලී මැරිලා තිබුන පිලිවෙලත් එකම සමාන වී තිබුනා.ලිංගය පිහිටීම අනුව ඒ බට හතරක් පිරිමිවිදියට අනික්වා ගැනු විදියට ත්…. ඔවුන් හැදින ගන්නවා.ඒ එක්කම මේ බට හයිකරපු බාස්ගෙ කට උත්තර ගන්න අතර ඔහු කියන්නේ ඒවා වාතාශ්‍රය නිවසට එන්න සවි කරන ලෙස ඔහුට කියූ බවයි. පුළුල් පරික්ෂණයකට පසුව ඔවුන්ට වැදගත්ම සාක්ෂියක් වූ ඩයිරි හම්බවෙනවා.2007 සිට 2018 වෙනකන් පිලිවෙලට ලියා ඇති මේවා ලියා ඇත්තේ ගෙදර දෙවනි පුතා ලලිත් (44) විසිනුයි. විශේෂම දේ ඒක ඔහු ලියන්නෙ ඊටත් අවුරුදු 11 කට කලින් මැරුන එයාගෙ තාත්ත විදියට.. ගෙදර බල්ලගෙ ඉදන් වැඩිහිටියා දක්වා ඒ ගෙදර ඉන්න ඕන විදිය.. එයාලගෙ රාජකාරි.. එයාල සමාජෙ ඉන්න ඕන විදිය..,ඒ දවස් වෙලාවන්.. උපදෙස් වලට වඩා අනකිරිම් වගේ .ඔහු ලියා තිබුනා..

    පසු ප්‍රශ්ණ කිරීම් වලදී එයාලගෙ තාත්තා ලලිත් හරහා පව්ලෙ අයට කතා කරන බව එක පාරක් ගෙදර පොඩි ළමයා සෙල්ලම් කරද්දි යාලුවන් සමඟ කියා ඇතිබව දැනගන්නවා.. අසල්වාසීන් ට අනුව මේ පොතේ තිබෙන ලෙසටම ඔවුන් වැඩකටයුතු කර ඇති අතර ලලිත් විසින් අවුරුදු එකොලහක සිටම ඔහුගේ මියගිය පියාගේ ආත්මයේ නියෝග අනුව පවුල පාලනට කර තිබෙනවා..

    ඒ වගේම ඩයරි 11, අක්‍රමවත් ජනෙල් 11, පඩිපෙල් 11, දොරෙහි ග්‍රීල් කූරු 11 ,බට 11 පව්ලෙ සාමාජිකයන් 11, පසුව මරණ 11…

    ඩයිරියේ සදහන් පරිදි නුගගහක අතු වගේ එල්ලිලා කරන චාරිත්‍රයකින් ඔවුන් මිය යා යුතුයි. ප්‍රශ්නයනම් අතිෂය සාමාන්‍ය විදිහට ජීවත් වූ ඔවුන් CCTV වීඩියෝ පට අනුව අත් බදින වයර් සහ ප්ලාස්ටික් පුටු සියල්ලම ඉතා සහයෝගයෙන් ගෙන ඒමයි..


    මේ කතාවේ අවසානය නොවෙයි. තවමත් නොවිසදුන අභිරහසක් වූවත් වැරදිකරුවෙකු කතාව අවසානයේ ඔවුන් නම් කරනවා.. අනිවාර්යයෙන් බැලුවාට පාඩු නැති අපූරු documentary එකක් තමයි මේක…
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,917
    198,220
    113
    Colombo, Sri Lanka
    Cult ekak

    Ara USA ekaa wage
    Sorry Head GIF


    තාම හරියට වෙච්ච දේ කවුරුත් දන්නේ නැහැ මැට්ටෝ
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,983
    5,282
    113
    තොටිල්ලේ
    මේ ගැන මමත් ත්‍රෙඩ් එකක් දැම්ම වගේ මතකයි නමුත් කවුරුත් අදහසක් දාල තිබ්බෙ නැ...
    ලොකු අයියාගෙ ලින්ක් එකත් දාමු අපිටත් බලන්න.

    ලොකු අයියාගෙ ලින්ක් එකත් දාමු අපිටත් බලන්න.
    @001flyD
    ------ Post added on Jan 27, 2023 at 8:09 PM
     
    • Love
    • Like
    Reactions: Solo Rider and NRTG