2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැුසක් අයවැය සම්මත වූ ඊයේ (10 දා* දින සිටම වහාම ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවත් ඒ සඳහා රාජ්‍ය සේවකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරි ගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් බවත් මුදල් අමාත්‍යාංශය කියයි.
ඒ අනුව මුදල් අමාත්‍යාංශය පවසන පරිදි අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක‍්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති අයවැය යෝජනා මෙසේ ය.
නිවාස හා දේපළ ණය සහන:
රජයේ සේවකයන් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබා දෙන නිවාස හා දේපළ ණය සඳහා ඔවුන්ගෙන් අය කරනු ලැබූ උපරිම පොලී අනුපාතය 7% ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, දැනට ලබාගෙන ඇති හා ලබා ගැනීමට නියමිත නිවාස හා දේපළ ණය සඳහා රජයේ සේවකයන්ගෙන් අය කරනු ලබන පොලී ප‍්‍රතිශතය පළමු රු. ලක්ෂ 5 සඳහා 3% දක්වාත් රු. ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 7% දක්වාත් අඩු කෙරේ.
ඒ අනුව, දළ වශයෙන් රු. මිලියන 2ක නිවාස හා දේපළ ණයක් ලබා ගත් රාජ්‍ය සේවකයෙක් සඳහා සාමාන්‍යයෙන් මාසකට උපරිම වශයෙන් රු. 2500/- ක වාසියක් හිමි වේ. ඒ අනුව, වාර්ෂික ඉතිරිය රු. 30,000 කි. අයවැය මඟින් සෘජු වැටුප් වැඩිවීමක් ලබා නොදුන්න ද මෙමගින් රාජ්‍ය සේවකයෙකුට උපරිම වශයෙන් මාසයකට රු. 2,500 ක වැටුප් වැඩිවීමක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ කියයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් :
මෑත කාලීනව, ග‍්‍රාමීය ප‍්‍රදේශවල තරුණ තරුණියන් රැුකී රක්ෂා වල නිරත වීම සඳහා අර්ධ නාගරික හා නාගරික ප‍්‍රදේශ වෙත ඇදී ඒමේ වැඩි ප‍්‍රවනතාවක් දක්නට ලැබේ. මෙසේ දිනපතා අර්ධ නාගරික හා නාගරික ප‍්‍රදේශ වෙත පැමිණීමට සිදු වීම නිසා විශාල වශයෙන් කාලය අපතේ යෑමක් සිදුවන අතර අර්ධ නාගරික හා නාගරික ප‍්‍රදේශවල අධික වාහන තදබදයක් ද ඇතිවේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැුකියාවක නිරතවී මාසික වේතනයක් උපයන මධ්‍ය මට්ටමේ ආදායම්ලාභීන්ට නාගරික සංවර්ධන අධිකාරිය විසින් අර්ධ නාගරික හා නාගරික ප‍්‍රදේශවල ඉදිකෙරෙන නිවාස යෝජනා ක‍්‍රමවලින් නිවසක් මිලදී ගැනීමේ අවස්ථාව 2021 අයවැය මඟින් උදා කර දී ඇත. මේ යටතේ, රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා රු. ලක්ෂ 100 ක උපරිම ණය මුදලක් 6.25% ක පොලී අනුපාතයක් යටතේ වසර 25 කින් ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි ලබාගත හැක. මෙම ණය යෝජනා ක‍්‍රමය 2021 ජනවාරි 01 වෙනි දා සිට ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත