Universe eka gena thawa wisthara dandaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!





තරුවේ පිටත ස්තර විශාල පිපිරීමක් සමඟ විහිදෙමින් දැවැන්ත Supernova එකක් ඇතිවෙනවා. ඒත් තරුවේ හරය, ගුරුතවාකර්ෂණ ළිඳක් (Gravitational well) කියලා දෙයක් ඇතුළට වැටෙනවා. හරය, එක ලක්ෂ්‍යයක් වනතෙක් තෙරපෙනවා.








කිලෝමීටර මිලියන 150ක් විතර ඈතින්, අපේ nebulae එක හරි මැද පිහිටලා තියෙන හයිඩ්‍රජන් ගෝලයක උෂ්ණත්වය හා පීඩනය ඉතා අධික ලෙස තිබිලා, මේ හයිඩ්‍රජන් පරමාණු එකට සංයෝජනය වෙන්න පටන් ගත්තා. අලුත් තරුවක්, අපේ සූර්යයා ඇතිවෙන්න පටන් ගත්තා. 

අපේ හිරු දැල්වෙනවාත් සමඟම, අති විශාල සුර්ය සුළඟක් (Solar wind) පිට කලා. විකිරණශීලී ශක්ති කදම්බයක් විහිදුනා.


මේ කාලය හොඳටම ඇතිවුනා මේ විශාල ක්‍රියාවලියේ ඊළඟ පියවරට -----> ජීවය!! 



ඒත් මේ වගේ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් අහඹු ලෙස පටන් ගන්න විදියක් නෑ කියලා හිතෙන්න පුලුවන්. ඒක නිසා තමයි ඉහළ බලවේගයකින් ජීවය ඇතිවුනා කියලා කියන්නේ. ඒත් අපි ටිකක් තර්කානුකූලව හිතලා බලමු. ඔන්න නියම තැනකට අපි ආවා, කාලෙන් ටික ටික ආපස්සට ගිහින් බලමු ජීවය ඇති වෙන්න හේතුව. 

අපේ පෘථිවිය පිහිටලා තියෙන්නේ සුර්යයාගේ සිට හොඳ නියම දුරකින්, ඒක නිසා පෘථිවි තලයේ, ජලය ද්‍රවයක් විදියට පවතිනවා. සුර්යයාට අවුරුදු බිලියන ගණනක් දැවෙන්න පුලුවන් අන්දමේ විශාලත්වයක් තියෙනවා, ඒක නිසා ජීවියාට පරිණාමය වෙන්න අවශ්‍ය කාලය ලැබෙනවා. සෞර්ග්‍රහ මණ්ඩලය පුරාවටම, ජීවය පැවතෙන්න අවශ්‍ය සියලු මූලිකාංග පිරිලා තියෙනවා. ඉතින් මේ මූලද්‍රව්‍ය ඇතිවුනෙත් පරණ තාරකා පිපිරුණු නිසා. මේ තාරකා ඇති වුනේ තිබුණු පදාර්ථ වල සුලු අසමාන බවක් තිබුනු නිසා. මේ පදාර්ථය ඇති වුනෙත් Big bang එකෙන් පස්සේ හැදුනු දේවල් වලින් පදාර්ථය ඉතා සුලු ප්‍රමාණයකින් වැඩියෙන් තිබුනු නිසා. ඉතින් මෙහෙම බැලුවාම, මේ වාසනාව අපිට දෙන්න ඇත්තටම වෙනම බලවේගයක් තියෙනවාද??? 







