හරි එහෙනන් ඔන්න ආයිත් වැඩේට බැස්සා... ඔන්න හොඳම හරියට ආවා.
විශ්වයේ උපත
මම අන්තිමට නැවත්තුවේ අපේ විශ්වය, එක් ලක්ෂ්යයක ඉඳන් විහිදිලා විශාල වුනා කියලා. මේක හැබැයි වෙන්නේ Big Bang මතයට අනුවයි. විශ්වයේ උපත ගැන් හුඟක් මත පහල වෙලා තියෙනවා. මේ පහළින් තියෙන්නේ ඒවායින් සමහරක්.
1.) Mayan Account
2.) Ancient creation stories
3.) Protouniverse
4.) Bouncing Theory
5.) Intelligent Design
6.) Bubble Universe
7.) Biblical Account ----> දෙවියන් විසින් විශ්වය මැව්වා කියන මතය.
8.) "Always has been" theory
9.) Big Bang
10.) Holographic Theory
ඒත මේ මත වලින් මම කතා කරන්න යන්නේ Big Bang මතය ගැනයි. මොකද ඒක තමයි වඩාත් පිළිගත් මතය වෙලා තියෙන්නේ.
මම කිව්වනේ අපේ විශ්වය මුලින්ම තිබ්බේ එක ලක්ෂ්‍යයක් විදියට කියලා. මගේ කලින් post එකේ කිව්වා වගේ කාලයෙන් පස්සට ගියාම අන්තිමේ විශ්වය එකට එකතු වෙලා එක ලක්ෂ්‍යයක් වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි Big Bang එක සිදුවෙන්නේ. අපි තාම හොයාගෙන නෑ මේ Big bang එක කොහොමද එක පාර ඇති වුනේ කියලා. ඒක නිසා තමයි මේ එක එක දේව විශ්වාස මේවා අස්සට ඇව්ත් තියෙන්නේ. සමහර ආගම් විශ්වාස කරනවා මේ Big Bang එක සිද්ධ කලේ දෙවියන් විසින් කියලා.
ඒත් ඇත්ත සිද්ධිය මෙන්න මේකයි. මේ වේලාවේදී, ඒ කියන්නේ අපේ විශ්වය එක ලක්ෂ්යයක තියෙද්දී, තාම විශ්වය සෑදිලා නෑ. ඒක නිසා භෞතික විද්‍යාවේ නීති කිසිම දෙයක් මේ වෙලාවේ යෙදෙන්නේ නෑ. ඇත්තටම කිව්වොත්, Big Bang එක සිදු වන මොහොතේ time=0 කියලත් කියන්න පුලුවන්, මොකද ඊට කලින් කාලය කියලා දෙයක් නෑ. අපිට කාලයෙන් ආපස්සට ගිහින් නිගමනය කරන්න පුලුවන් මේ විහිදිලා තිබ්බ විශ්වය එක තැනකට එක් වෙලා තිබ්බා කියලා. ඒත් මෙතනින් එහාට අපිට කාලයෙන් පස්සට යන්න බෑ, මොක්ද විශ්වය ඒ වෙද්දි ඇති වෙලා තිබ්බේ නෑ. ඒකම නිසා අපිට නිගමනය කරන්න බෑ මේ Big Bang එකට කලින් මොකද වුනේ, ඇයි මෙහෙම වුනේ කියලා. මොකද මේ අවස්ථාවෙන් තවත් එහාට ගියාම, කාලයවත්,භෞතික විද්‍යා නීති කිසිවක් වත් පැවතෙන්නේ නෑ. ඉතින් මේක විද්‍යාත්මකව විග්රහ කිරීමේ අපහසුතාවය නිසා ඉහළ බලවේගයක් නිසා මේ තත්වය ඇති වුනා කියලා නොයෙක් ආගම් වල කියා දෙනවා. ඒත් මේකත් දැන් ටික ටික හොයාගෙන යනවා. String Theory, Brane Theory වගේ මත වලින් දැන් හොයාගෙන යන්නේ මෙන්න මේ දේ තමයි.
මේ උඩින් තියෙන්නේ, Big Bang එක සිදුවෙන මොහොතේ තිබුනා යැයි කියන විශ්වයේ පින්තූරයක්. මතක තියාගන්න මේක මනඃකල්පිත පින්තූරයක් විතරයි. සැබවින්ම මේක විය නොහැකි දෙයක්. මොකද, තාම විශ්වය ඇති වෙලා නෑ. ඒක නිසා තාම ආලෝකය කියල දෙයක් ඇති වෙලත් නෑ. ඇත්තෙන්ම මේක මහ පුදුම දෙයක්. ආලෝකය විතරක් නෙමෙයි, පිටින් කිසිම දෙයක් පැවතෙන්නත් බෑ. විශ්වය තාම තියෙන්නේ එක ලක්ෂ්‍යයක් විදියට, ඉතින් පිටින් කිසිම දෙයක්වත් තියෙන්න බෑ, තියෙන්නේ ඇතුලක් විතරයි, මොකද ඒ වෙලාවේ අවකාශය කියලා දෙයක් පිටින් තියෙන්න විදියක් නෑ. තිබ්බ හැම දෙයක්ම තිබුනේ ඇතුලේ විතරයි. There was no outside, the only place there was, was inside. පුදුමයි නේ??? 





අපිට කියන්න පුලුවන් එකම දේ තමයි, ඒ අවස්ථාවේදී විශ්වය කියන්නේ අධික උෂ්ණත්වයක තිබ්බ ශක්ති ප්‍රභවයක් කියලා විතරයි. මෙන්න මේ අවස්ථාවේ කිසියම් හේතුවක් නිසා, ඉතා ක්ෂණිකව විකිරණ විහිදුවමින් අති දැවැන්ත පිපිරීමක් සිද්ධ වෙනවා (The Big Bang). අපේ විශ්වය ඇතිවෙනවා, කාලයේ ආරම්භය සටහන් වෙනවා.







තත්පරයෙන් ට්රිලියනයකටත් වඩා අඩු කාලයකදී මේ ලක්ෂ්‍යාකාර විශ්වය, පරමාණුවක ප්‍රමාණයේ සිට දොඩම් ගෙඩියක තරමට විශාල වෙනවා. විශාල වෙමින්, සීතල වෙමීන් විශ්වය ඉතා ඉක්මණින් විහිදෙනවා. තත්පර 100ක කාලයක් ගත වුනාම විශ්වය, අපේ සෞර්ග්‍රහ මණ්ඩලය තරම් විශාල වෙනවා.
මේ පිපිරීමෙන් විහිදුන ශක්තිය, සීතල වෙන්න පටන් අරගෙන, අනුපරමාණුක අංශු (Subatomic particles) විශාල ප්‍රමාණයක් සෑදෙන්න පටන් ගන්නවා. මේ අංශු වලින් කොටසක් හැදිලා තියෙන්නේ පදාර්ථයෙන් (Matter), ඉතුරු ටික හැදිලා තියෙන්නේ ප්රතිපදාර්ථයෙන් (Antimatter). මේ අංශු තමයි විශ්වයේ හටගත් පළමු දේවල් වෙන්නේ. 




මගේ පළමු post එක edit කරන්න බෑ. ඒක නිසා මෙතන යටින් තියෙනවා මං කලින් දාපු post වල links.
Last edited: