HOW THE UNIVERSE BEGAN!!!

Jul 8, 2007
1,138
156
0
Melbourne
හරි එහෙනන් ඔන්න අදත් පටන් ගත්තා. මම අන්තිමට කිව්වා Big Bang එකෙන් පදාර්ථය හා ප්‍රතිපදාර්ථය හැදුනා කියලා. ඊට පස්සේ ප්‍රතිපදාර්ථය කියන්නේ මොකද්ද කියලත් කතා කලා. දැන් එතන ඉඳන් මොකද වුනේ කියලා බලමු.


විශ්වය වැඩ අරඹයි

ඔන්න දැන් Big Bang එකෙන් පස්සේ පදාර්ථය හා ප්‍රතිප්දාර්ථය හැදුනා. ඉතින් මේ දෙක එකට ගැටුනම නැත්නම් හමුවනාම, විශාල ශක්තියක් පිට කරමින් එකිනෙකා විනාශ කරගන්නවා.

05-19-antimatter_full_600.gif


When matter and antimatter meet​

ඉතින් දැන් මෙහෙම එකිනෙකා විනාශ කරගන්නවා. ඒත් යම් කිසි වාසනාවකට විශ්වයේ පදාර්ථය,ප්‍රතිප්දාර්ථයට වඩා සුලු ප්‍රමාණයක් වැඩියෙන් තිබ්බා. කොච්චර සුලු ප්‍රමාණයක්ද කිව්වොත්, සෑම ප්‍රතිප්දාර්ථ අංශු බිලියනයකට, පදාර්ථ අංශු 1,000,000,001 ක් තිබ්බා (One billion and one). ඒ කියන්නේ එක පදාර්ථ අංශුවක් වැඩිපුර තිබ්බා. :shocked::shocked::shocked::shocked: ඉතින් මෙන්න මේ පුදුම වාසනාවන්ත විදියට වැඩියෙන් පදාර්ථය තිබ්බ නිසා, matter antimatter ගැටුම් වලින් ඉතුරු වුනේ මේ වැඩිපුර තිබ්බ පදාර්ථයයි. මේක අපිට ලොකු වාසියක් වුනා මොකද මෙන්න මේ ඉතුරු වුනු පදාර්ථයෙන් තමයි අපි දන්න මුලු විශ්වයම හැදිලා තියෙන්නේ. දැන් මෙහෙම ගැටුම් සිදුවෙන අතරේ අපේ විශ්වයත් දිගින් දිගටම විහිදුනා. Big bang එක සිදුවෙලා විනාඩි 10කට විතර පස්සේ අපේ විශ්වයේ විශ්කම්භය ආලෝක වර්ෂ 1000කටත් වඩා වැඩියෙන් තිබුනා.:shocked::shocked::shocked: ඉතින් ඔහොම විශ්වය දිගටම විශාල වෙනකොට, ටික ටික සීතල වෙන්න පටන් ගත්තා. මෙහෙම අවුරුදු 330,000 ක් විතර ගතවුනා. :shocked::shocked::shocked::shocked:

දැන් විශ්වය ඒකාකාරව හැම අතකටම විහිදෙනවා. මෙන්න මේ වෙලාවෙ තමයි ගුරුත්වාකර්ෂණය වැඩේට බහින්නේ. Big bang එකෙන් ප්ස්සෙ විශ්වය පැවතුනේ විශාල වලාකුළක් විදියට.

earlyuni_imax_big.gif


The early universe was a cloud of gas​


ඒත් මේ වලාකුළ ඉස්සරහට මේ විදියට තියෙන්නේ නෑ, ගුරුත්වය නිසා කැළඹිලි ස්වභාවයක් ගන්නවා. මේ නිසා තමයි වලාකුළක් වගේ තිබ්බ විශ්වය අන්තිමේ මන්දාකිණි බිලියන ගණනකින් පිරුණු තැනක් වුනේ. ගුරුත්වාකර්ෂණ බලය, විශ්වයේ තිබුනු වායූන් සියල්ල ආපසු පිටිපස්සට ඇදලා ගත්තා. මේ ක්‍රියාවලිය අවුරුදු මිලියන 200ක් පමණ සිදුවුනා. ඒත් මේ ක්‍රියාවලියත් වුනේ තවත් පුදුම වාසනාවක් නිසා තමයි. :shocked::shocked::shocked::cool::cool::cool:

දැන් අපි දන්නවා මුල් විශ්වයේ පදාර්ථ සුලු ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබුනා කියලා. මෙන්න මේ පදාර්ථය මුලු විශවය පුරා විහිදිලා තිබුනා. දැන් මං කියන්න යන දේට පුංචි උදාහරණයක් ගේන්න ඕනේ.

balls1u.jpg

ඔය උඩින් තියෙන්නේ ball bearing වලින් පිරුණු පොළොවක්. දැන් හිතාගන්නකො ඔය ball bearing වලින් පෙන්නුම් කරන්නේ මුල් විශ්වයේ තිබුනු පදාර්ථය කියලා. දැන් තමයි අපේ වාසනාව ආයිත් මතු වෙන්නේ. මේ බෝල එකිනෙකාට සම දුරින් තිබුනා නම් ගුරුත්වාකර්ෂණ බලයෙන් මේ බෝල සෑම අතකටම සමානව ඇදෙනවා. එතකොට අන්තිමේ කිසිම දෙයක් වෙන්නේ නෑ මොකද හැම බෝලයකටම හැම පැත්තෙන්ම සමාන් ඇදීමක් වෙනවා, ඒක නිසා එක තැනම තියෙනවා. ඒත් ඔන්න අපේ වාසනාවට, විශ්වයේ තියෙන සරලම නීතියක් තමයි කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නෑ කියන එක (Nothing is perfect). මුල් විශ්වයේ තිබුනු පදාර්ථ වල විහිදීම සුලු ප්‍රමාණයකින් අසමාන වෙලා තිබ්බේ. සමානව ඒකාකාරව පිහිටල තිබ්බේ නෑ. දැන් එහෙනන් අපේ උදාහරණය බලමු. අසමානතාවක් තිබ්බ නිසා අපි මේ ball bearing වලින් බෝල 5ක් විතර අයින් කරමු, එතකොට සමානව විහිදිලා නෑ නේ. ඔන්න එතකොට දැන් මේ බෝල මත හැම පැත්තෙන්ම සමානව බල යෙදෙන්නේ නෑ නේ. ඔන්න එතකොට වෙන දේ තමයි මේ යටින් තියෙන පින්තූරෙන් පෙන්නලා තියෙන්නේ.

balls2.jpg

මේ බෝල මත එක් දිශාවකට වැඩිපුර බලයක් යෙදෙනවා විෂමාකාර ස්වභාවය නිසා. ඒක නිසා මේ
බෝල කිසිම පිළිවෙලක් නැතුව එහෙ මෙහෙ යනවා. මේක නිසා සමහරක් බෝල එක එක තැන් වල එකතු වෙලා පොකුරු වගේ හැදෙනවා.

balls3.jpg

මෙන්න මේකම තමයි මුල් විශ්වයේත් වුනේ. වායූන් තුනී ලෙස පැවතුන තැන් අර බෝල අතර ඉඩ
ප්‍රමාණය වගේ. ඝනකම් ලෙස එකට තිබ්බ වායූන් අර එකට පොකුරු වගේ හැදිලා තිබ්බ බෝල වගේ. මෙන්න මේ ඝනව තිබුනු ප්‍රදේශ වල තමයි පස්සේ, තාරකා මන්දාකිණි එහෙම ඇති වෙන්නේ. ඉතින් මේ සේරම වුනේ විශ්වයේ තිබුනු අක්‍රමවත්, විෂමාකාර, අපිළිවෙල ස්වභාවය නිසයි. අපේ වාසනාවට තමයි එහෙම වුනේ. :yes::yes::yes::):):cool::cool:






මගේ කලින් posts

Dark Energy --------> Click here

Dark Matter -------> Click Here

විශ්වයේ ව්‍යාප්තිය --------> Click Here

විශ්වයේ උපත --------> Click Here

Antimatter (ප්‍රතිපදාර්ථය) --------> Click Here


 
Jul 8, 2007
1,138
156
0
Melbourne
අපි එහෙනන් අද කතා කරමු තරු ගැන.


තාරකා

අවුරුදු බ්ලියන 13.5 ට විතර කලින් Big bang එක සිදුවුනාට පස්සේ මුල් විශ්වයේ වැඩියෙන්ම තිබ්බේ හයිඩ්‍රජන් වායුවයි. ඉතින් ගුරුත්වාකර්ෂණ බලය නිසා මේ වායූන් එකට ඇදලා විශාල හයිඩ්‍රජන් වලාකුළු හැදුනා. අපි දන්නවා හයිඩ්‍රජන් තමයි අපිට හමුවෙන සරලතම වායුව. ඒත් මේකේ විශේෂත්වය තමයි, මේක ඉතා ප්‍රභල ශක්ති ප්‍රභවයක් වීම. හයිඩ්‍රජන් වල උෂ්ණත්වය අංශක මිලියන 10ක් පමණ වනතෙක් රත් කරාම පිටවෙන ශක්තිය නිසා තමයි තාරකා දිලිසෙන්නේ. මුලු විශ්වයටම ආලෝකය හා උණුසුම ලැබෙන්නේ මේ පිටවෙන ශක්තියෙන්. :shocked::shocked::shocked::shocked:

තරු කොහොමද ඇතිවෙන්නේ කියලා අපි බලමු. මං ඉස්සෙල්ලා කිව්වනේ ගුරුත්වය නිසා හයිඩ්‍රජන් පරමාණු එකට ඇදිලා එක තැනකට එකතු වෙලා වලාකුළු හැදෙනවා කියලා. ඉතින් ගුරුත්වාකර්ෂණ බලය නිසා මේ වලාකුළු තව තවත් ඇතුලට තෙරපෙනවා. අවුරුදු මිලියනයක් විතර මේක සිදුවුනා. මෙහෙම තෙරපෙනකොට හයිඩ්‍රජන් පරමාණු ගැටිලා එහෙට මෙහෙට විසිවෙනවා. එතකොට උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය අංශක මිලියන 10ක් විතර වුනාම Nuclear Fusion කියලා ක්‍රියාවලියක් පටන් ගන්නවා. එතකොට හයිඩ්‍රජන් අණු දෙක්ක එකට එකතු වෙලා හීලියම් හැදෙනවා.

fusion.jpg

මේක සිදුවෙන අතරේ සමහර පදාර්ථයන් තනිකර ශක්තිය බවට පෙරළෙනවා. ඔන්න ඔහොමයි විශ්වයේ පළමු තරුව ඇතිවුනේ. :yes::yes::yes::):):cool::cool: අපේ ඉර වගේ දහස් ගානක් විශාල මේ තරුව තද නිල් පාටින් දිලිසුනා.

blue_star.jpg

වැඩිකල් යන්න කලින් තව තවත් තරු ඇතිවෙන්න පටන් ගත්තා. විශ්වය පුරා තරු පායන්න පටන් ගත්තේ මෙහෙමයි. :):):)

මේ ක්‍රියාවලියම අපේ සූර්යයා තුළත් සිදුවෙනවා. තරු වල දිලිසීම ඇතිකරන ක්‍රියාවලියෙන් ඔක්සිජන්,කාබන් හා යකඩ වගේ මූලද්‍රව්‍යත් ඇතිවුනා. අපි බලමු තරු ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා.

මම කිව්වනේ තරු ඇතිවෙනකොට හයිඩ්‍රජන් අණු එකට එකතු වෙලා විශාල ශක්තියක් පිට කරමින් හීලියම් පරමාණු ඇතිවෙනවා කියලා. හීලියම්, හයිඩ්‍රජන් වලට වඩා බරින් ටිකක් වැඩි නිසා හීලියම් පරමාණු තරුවේ මැදට ගිලා බහිනවා. ඉතින් ඊළඟට දැන් මේ හීලියම් අණු එකට එකතු වෙලා තවත් වැදගත් මූලද්‍රව්‍යයක් වන කාබන් හැදෙනවා. කාබන් කියන්නේ සෑම සජීවී දේකම ඉතා වැදගත් කොටසක්. ඉතින් මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවෙනවා. ඉතින් ඔහොම අණු අණු එකතු වෙලා, තරුවෙ මැද නියෝන්, ඔක්සිජන් හා යකඩ හැදෙනවා. දැන් මෙහෙම ශක්තිය පිට කරමින් අණු එකතු වෙලා අලුත් මූලද්‍රව්‍ය හැදුනට යකඩ අණු එකට එකතු වුනාට ශක්තියක් පිට වෙන්නේ නෑ. ඉතින් තරුව ඇතුලේ තියෙන ශක්තිය ඉවර වෙනකන් යකඩ හැදෙනවා දිගටම.

issue5fusion2_large.jpg

අලුතින් ශක්තිය නිපදවෙන්නේ නැති නිසා යකඩ හැදෙන ගමන් තරුව ඇතුලේ ශක්තිය වැය වෙනවා. ඔක්කොම ශක්තිය වැය වෙලා ඉවර වුනාම ගුරුත්වය විසින් මේ යකඩ පිරුනු තරුව තෙරපනවා. මෙහෙම වෙද්දී මේ තරුවේ උෂ්ණත්වය, අපේ සූර්යයාගේ හරයේ උෂ්ණත්වය වගේ 100 ගුණයක් වෙනවා. අවසානයේ මේ තෙරපීම දරාගන්න බැරුව තරුව අති විශාල පිපිරීමක් සමග කඩාගෙන වැටෙනවා. මේ එක්කම විශාල කම්පන තරංගයක් පිටවෙනවා. මේකට තමයි Supernova කියලා කියන්නේ.

s5100_supernovae.jpg

මේ මයික්‍රෝ තත්පර කාලයක් තුල සිදුවන පිපිරීම කොච්චර බලවත් ද කිව්වොත්, යකඩ අණු එකට එකතු වෙලා තවත් බරින් වැඩි මූලද්‍රව්‍ය හැදෙන්න බලපානවා. මෙන්න මේක නිසා තමයි බරින් වැඩි රන්, ප්ලැටිනම් හා ඊයම් වගේ මූලද්‍රව්‍ය හැදෙන්නේ. ඉතින් දැන් තේරෙනවා නේ රත්තරන් කියන්නේ කොච්චර වටිනවද කියලා, මොකද මේවා හැදෙන්නේ පිපිරෙන තරුවක් ඇතුලේ. :):):):):shocked::shocked::shocked:






Index

Dark Energy --------> Click here

Dark Matter -------> Click Here

විශ්වයේ ව්‍යාප්තිය --------> Click Here

විශ්වයේ උපත --------> Click Here

Antimatter (ප්‍රතිපදාර්ථය) --------> Click Here

විශ්වය වැඩ අරඹයි ------------> Click Here
 

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    rep denna belu machan..:(:(at meka sira wedak...digatama danna.... :yes::yes::yes::yes:

    me details dala e book 1 demmot hodaineda...asai akadigata kiyawagena yanna(just an idea):)