HTML ඉගෙන ගනිමු..(HTML Elements)
HTML Element එකක් යනු HTML tag දෙකක් අතර එනම් HTML හි ආරම්භක හා අවසාන ටැග් දෙක අතර පවතින සියලුම දේ ලෙස හදුන්වන් පුළුවන් මෙහිදී එය අතර ඇති web browser එකකින් පෙන්වන වචන, රූප ආදිය පමණක් නොව සියලුම tag කොටස්ද මෙයට ඇතුලත් වෙනවා.
<p> Uditha Isuranga </P>
මෙහි <P> යනු ආරම්භක ටැග් වන අතර Uditha Isuranga ලෙස දක්වා ඇත්තේ HTML Element කොටසයි. අවසානයේ මෙහිදී </P> මගින් අවසාන ටැග් යොදා එම HT
ML කොටස අවසන් වෙනවා.
මෙම HTML Elements හි හඳුනා ගැනීමේ විශේෂතා කිහිපයක් අපට එක එල්ලේ සොයා ගත හැකියි.
- මෙම HTML Elements ආරම්භ වන්නේ <P> වැනි ආරම්භක ටැග් එකක් වන අතර අවසාන වන්නේ </P> වැනි අවසාන ටැග් එකකිනුයි.
- Element එකක් යනු මෙම ආරම්භක හා අවසාන ටැග් දෙක අතර පවතින සියලු දේයි.
- සමහර Element හිස්ව තිබෙන අවස්ථාද දැක්විය හැකියි. උදාහරණ ලෙස අපි Enter Key මගින් word document එකක් type කිරීමේදී ගන්නා Line Break එකක් HTML ගොනුවක දැක්වීමට භාවිතා කරන <br /> ටැග් එක දැක්විය හැකියි.
- මෙහි සමහර Element ආරම්භක ටැග් එකේම අවසානයද දක්වන අවස්ථාද හමුවන අවස්ථා ඇත. උදාහරණ ලෙස Image එකක් Insert කිරීමට යොදා ගන්නා ටැග් එක දක්වන්න පුළුවන්. <img src=”http://img442.imageshack.us/img442/3299/16575518850057450038310.jpg” />
- මෙවැනි Element හි Attributes දක්වන අවස්ථාවන්ද HTML ගොනුවක හමුවන සිද්දියක් මෙම Attributes ගැන මීලඟ ලිපියෙන් වැඩි දුර කතා කරමු. මෙම Attributes ගැන සරල උදාහරණයක් ලෙස ඉහත උදාහරණයටම Attributes යෙදීමෙන් පසු බලන්න පුළුවන්<img src=”http://img442.imageshack.us/img442/3299/16575518850057450038310.jpg” alt=”Image” Width=”200″ Hight=”100″ />
මෙම HTML Element ගැන කතා කරද්දි කිව යුතු තවත් දෙයක් තියෙනවා.ඒ තමා Nested HTML Elements කියන්නේ මේ මගින් HTML Element එකක් තුළ තවත් එවැනි HTML Elements රඳවා තබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙහිදී උදාහරණයක් ලෙස ජේදයක් තුළ Image රඳවා තැබීම වගේ දේවල් දක්වන්න පුළුවන් ඒ වගේ වෙබ් පිටු Organize කරන්න පාච්චි කරන forms,table වගේ ඒවා තුළ වෙනත් text, Image ආදිය රඳවා තබා ගැනීමට උපකාරී වෙන වැදගත් ආකාරයක් ලෙස දක්වන්න පුළුවන්.
<html>
<body>
<p>This is my first paragraph.</p>
</body>
</html>
මෙම උදාහරණයහි HTML ටැග් තුනක් Nested ආකාරයට පවත්න අයුරු හොදින් වටහා ගන්න හැකි වේවි කියලා හිතනවා.
අවසානයේ වැදගත් කරුණු කිපයක් HTML Elements ගැන කියන්නම් හැම තිස්සෙම පටන් ගත්ත දෙයක් අවසන් කිරීමේ ටැග් එක හෝ / සළකුණ යොදා අවසන් කරන්න මතක තියා ගන්න. ඒ වගේම මේ HTML වලදි අපිට capitalද simpleද කියන දේ එතරම් වැදගත් නැති වුනත් මෙම HTML භාවිතාවේ පොඩි රීතියක් තියෙනවා simple අකුරුම පාවිච්චි කරන්න කියලා.
අපි ඊළඟට HTML Attributes ගැන අලුත් ලිපියකින් කතා කරමු. එතකන් හැමෝටම ජය!