HUAWEI වලට_උන_දේ සිංහලෙන්
1. Google සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි Huawei සමාගම සමඟ සියළු ව්‍යාපාර කටයුතු නවතා තිබෙනවා
2. රොයිටර් වාර්තා කරන ආකාරයට මෙම තීරණය සඳහා Google සමාගමට දැඩි බලපෑම් ට්‍රම්ප් ගේ ආණ්ඩුවෙන් සිදු වී තිබෙනවා. ඇමරිකාවේ වාණිජ දෙපාර්ථමේන්තුව මෙම දැනුම්දීම Google වෙත සිදු කලේ Trumph ජනාධිපතිතුමාගේ විධායක නියෝගයකට අනුවයි.
3. මේ තීරණය සමඟ මෑත කාලීන P30, P30 Pro, Mate 20 Pro ඇතුළු කිසිම Huawei නිශ්පාදනයකට Android Updates හෝ Google Playstore, Gmail, සෙකියුරිටි අප්ඩේට්ස් ඇතුළු කිසිම Google නිශ්පාදනයක් ලැබෙන්නේ නෑ.
4. රොයිටර් වාර්තා කරන ආකාරයට චීනයෙන් පිට භාවිතා වන Huawei දුරකථන වලට පවා Google සමඟ සම්බන්ධතා නොලැබී යනවා
5. මේ තීරණය සමඟ Huawei සමාගමට Google පමණක් නොව ඇමරිකාවේ සමාගම් වලින් දෘඩ කොටස් මිලදී ගැනීමටද සීමා පැනවෙනවා. එසේ අමතර කොටස් හෝ උපකරණ මිලදී ගැනීමටට අවශ්‍ය නම් ඒ සඳහා ඇමරිකාවේ රජයේ අනුමැතිය ලබාගත යුතුයි.
6. නමුත් Huawei සමාගම නම් කියන්නේ ඒ අය මේ වගේ තහනමකට මුහුණ දීමට මීට අවුරුදු හයකටත් පෙර සිට සූදානම් වූ බව. තවද ඇමරිකන් ආණ්ඩුව ගත් මෙම තීරණයට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව Huawei සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
Android Authority වෙනුවෙන් Tristan Rayner විසින් පල කල ලිපියේ සිංහල සාරාංශය.
කසුන් ජයරත්න
20 මැයි 2019 / Google
Google සමාගම විසින් Huawei සමාගමට ලබා දී තිබූ Android License එක අත්හිටුවීමට කටයුතු කරයි
ඇමෙරිකානු ජනාධිපති Donald Trump සහ ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ උපදෙස් හා රෙගුලාසි නිසාවෙන්, Google සමාගම විසින් Huawei සමාගම ඇතුළු තවත් ආයතන 70ක් සමඟින් සිදු කළ වෙළඳ කටයුතු නවතා දැමීමට තීරණය කර තිබෙනවා.
ඇමෙරිකානු රජය විසින් Huawei සමාගම ඇතුළු එහි අනුබද්ධිත ආයතන 70ක නම් සහිත Entity List නම් වූ ව්‍යාපාර නාම ලැයිස්තුවක් සකස් කර ඇති අතර එහි සඳහන් වන සමාගම් සමඟින් වෙළඳ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍යය නම් ඒ සඳහා ඇමෙරිකානු රජයේ අනුමැතිය ලබාගත යුතු වන බව දන්වා තිබෙනවා.
මේ අනුව Google සමාගම විසින් Google සේවාවන් වෙනුවෙන් Huawei සමාගමට ලබා දී තිබුණු Android License එක සහ Google Play සේවාවන් මෙන්ම මීළඟට නිකුත් කිරීමට නියමිත Android Security patches පවා වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.
කොහොම වුණත් දැනට පවතින Huawei devices වල තිබෙන Google Play Protect ඇතුළු සියළුම සේවාවන් බාධාවකින් තොරව තවදුරටත් ක්‍රියාත්මක වන බවත්, මේ තීරණය හරහා ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත updates සහ devices වලට බළපෑමක් ඇති වන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
Android Open Source Project එක නිදහසේ භාවිතා කිරීමට ඕනෑම කෙනෙකුට අවසරය තිබෙන බැවින්, ඉහත සඳහන් කළ security patches මෙම AOSP repository එකට upload කළ පසු ඒවා භාවිතා කිරීමට Huawei සමාගමට තවමත් කිසිඳු බාධාවක් නොමැති වෙනවා.
නමුත් Google Play Store, Chrome, Gmail, Google Maps, YouTube ඇතුළු Google සමාගමට අයත් සියළුම සේවාවන් අනාගතයේ නිකුත් වීමට නියමිත Huawei devices වලට අන්තර්ගත කිරීමට ඔවුන්ට හැකියාව නොලැබී යනවා.
විශේෂයෙන්ම බොහෝමයක් Android apps වල push notification පහසුකම ක්‍රියාත්මක වන්නේ Google Play Services, සේවාව හරහා වන අතර අදාල app සඳහා වෙනත් ක්‍රමයක් ඇතුලත් කිරීමට developers ලා කටයුතු කර නොතිබුණ හොත්, එම framework එක නොමැති වූ විට අදාල app වලින් notification ලැබීම ද නතර වී යනු ඇත.
කොහොම නමුත් මේ වන විට චීන රජය විසින් ඇමෙරිකාන රජයෙන් මෙම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා තිබෙන අතර වෙළඳ කටයුතු වලදී පක්ෂපාතී නොවී සියළුදෙනා හට සාධාරණ වෙළඳ වටපිටාවක් ලබා දෙන ලෙස ද ප්‍රකාශයක් සිදු කර තිබෙන බව වාර්ථා වෙනවා.
Android තහනම් කළහොත් ඒ වෙනුවට භාවිතා කිරීමට Huawei විසින් ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව පසුගිය මාර්තු මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
Huawei සමාගම ඉදිරියේදී මේ ගැටළුව නිරාකරණය කරගනීවිද, ඔවුන්ගේ මේ අලුත් මෙහෙයුම් පද්ධතියත් සමඟින් ඉදිරියට යෑමට කටයුතු කරාවිද යන්න තවමත් පැහැදිළි නොමැති නමුත් වසර ගණනාවක සිට ඔවුන් මේ තත්ත්වයට මුහුණදීමට සූදානමින් සිටි බව Huawei සමාගමේ HiSilicon chip division එක ප්‍රකාශ කර තිබෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය, Reuters වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය, SCMP වෙබ් අඩවිය හා CGTN වෙබ්
සැ.යු : මේ තහනම තාවකාලිකද, ස්ථිරද යන වග තවම තහවුරු වී නැත. එබැවින් අහේතුකව බියවීමට හේතුවක් නැති අතර, දහස් ගනන් Devices නිපදවූ Huawei සමාගම මීට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගනු ඇත යන්න මගේ අදහසයි.
Original article

Last edited: