HUAWEI GR5 - ROOTING

baadshah

Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    මචන්ලා, Huawei GR5 -2017 ෆොන් එක රූට් කරන වීදිය දන්න කෙනෙක් දාපල්ලකො බලන්න..දැන් හුආවේ එකෙන් බූට් අන්ලෝඩ් කෝඩ් දෙන්නෙ නැනෙ. ඒකයි අවුල..Kingo Root, King Root okkoma fail wenawa dan. :oo::oo::baffled::baffled:
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මටත් කරගන්න අමාරු උනා ප්‍රෙන් 3i එක :(
    පස්සේ වැඩේ අතෑරලා දැම්මා :confused:

     

    baadshah

    Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    bumps,,,,,,,,,,,,,, monawada ban oka kalama wena wasi

    1.මොකක්ද මේ bootloader කියන්නේ.......?
    ජංගම දුරකතනය ක්‍රියාත්මක කිරීමේදී දෘඩාංග ආරම්බ කිරීම, මෙහෙයුම් පද්දතියේ ස්ථායි බව සහතික කිරීම, මෙහෙයුම් පද්දතිය ආරම්බ කිරීම වගේ ගොඩාක් දේවල් වලට වැදගත් වන දෙයක් තමයි මේ Bootloader එක කියලා කියන්නේ.
    දුරකතනයේ ඇති මෘදුකාංග මගින් එහි දෘඩාංග වලට හානියක් නොවන සේ දුරකථනය පනගැන්වීම සහතික කිරීම සඳහා මෙම ක්‍රියාවලිය වැදගත් වෙනවා.මේ නිසා Google සමගම විසින් Android operating System එකත් එක්ක Base bootloader රකක් ලබා දෙන අතර දුරකථන සමාගම් වලට තම දුරකථන වලට ගැලපෙන විදියට මේක වෙනස් කරගන්න අවසර තියෙනවා.
    සාමාන්‍යයෙන් දුරකතනයක් මිලදී ගැනීමේදී Bootloader එක lock කරලා තමයි තියෙන්නේ (Except Samsung).user විසින් නොදැනුවත්කමින් සිදුකරන දේවල් වලින් මෙහෙයුම් පද්දතියේ ස්ථාවර බව බිඳ වැටීම වැලැක්වීම තමයි මෙහි අරමුණ වෙන්නේ.

    2.Bootloader unlock කරනවා කියන්නේ මොකක්ද?
    Android මෙහෙයුම් පද්දතියේ පාලනය තමන් අතට ගැනීමේ මුලිකම පියවරක් තමා මේකෙන් වෙන්නේ. දුරකතනයට custom kernal එකක් flash කරන්නනම් එහි bootloader එක unlock කර තිබිය යුතුයි.

    3.Bootloader Unlock කිරීමෙන් දුරකතනයේ වගකීම අවලංගු වෙනවද?
    ඔව්.

    4.Bootloader unlock කිරීමෙන් දුරකතනයේ වේගය වැඩි වීමක් සිදු වේද?
    නැත. ඒත් processor එක overclock කරන්න පුළුවන් kernal එකක් flash කිරීම මගින් overclock කිරීමක් කල හැක.

    5.දුරකතනයේ Bootloader unlock කිරීම කල යුතුමද?
    නැත. Android පිලිබඳ යම් දැනීමක් ඇති අයකු හැර වෙනත් කෙනෙකුන් විසින් මෙය උත්සහ නොකළ යුතුයි.
    ඒත් අලුතින් custom rom (Stock kernal එකෙන් boot නොවන) flash කිරීමට අවශ්‍යනම් bootloader unlock කිරීම අනිවාර්ය වේ.

    6.දුරකතනයේ Bootloader unlock කළහැකි\නොහැකි බව දැනගන්නේ කෙසේද?
    *#*#7378423#*#* මගින් service manu එක ලැබෙන අතර එහි Service info\Configuration වලට යාමෙන් මෙය බලාගත හැක.

    7.Bootloader unlock කිරීමේ වාසි මොනවාද?
    i.දුරකතනයට ගැලපෙන ඕනෑම custom rom\custom kernal එකක් flash කල හැක.
    ii.සාමාන්‍ය ක්‍රම වලින් root කිරීම නොකළ හැකි ඕනෑම firmware එකක් root කල හැක.
    iii.Custom kernal flash කිරීම මගින් processor overclock කල හැක.

    8.Bootloader unlock කිරීමෙන් දුරකතනයේ data නැති විය හැකිද ?
    දුරකතනයේ Data partition එක wipe වෙන නිසා දුරකතනයේ ඇති සියලුම data,settings මැකී යයි. ඒත් memory card එකෙහි ඇති data මැකී යාමක් සිදු නොවේ.
    DRM keys නැවත ලබාගත නොහැකි ලෙසටම මැකීයයි.

    9.Bootloader Unlock කරන්නේ කොහොමද?
    ක්‍රම 3ක් ඇත.
    i.Sony official web site එකෙන් නොමිලේ unlock key එක ලබාගෙන unlock කිරීම.
    ii.S1tool මගින්.
    iii.SEtool2 මගින්.

    මෙයින් වඩාත් පහසු හා ආරක්‍ෂිත ක්‍රමය වන්නේ Sony official web site එකෙන් නොමිලේ unlock key එක ලබාගෙන unlock කිරීමයි. මේ සඳහා http://unlockbootloader.sonymobile.com/ web site එකෙන් නොමිලේ unlock code එක ලබාගත හැකි වන අතර flashtool මගින් පහසුවෙන්ම unlock කිරීම කල හැක.


    ELA KIRIYE ANDROID page eken gatte me tika :)