XPERIA MINI ICS + ROOT

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
මේකෙම ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් සහ ඇප්ස් ටිකකුත් දෙන්න හැදුවේ.. :D :D :yes::yes::yes:

අන්තිමේදි හොයලා හොයලා මාත් ICS ftf ගොනුව හොයාගත්තා නොවෑ. දැන් මාත් ICS කොල්ලෙක්.. සන්තෝසේ බෑ....

මං මේක හොයාගන්න කාපු කට්ට දන්න නිසා ඔන්න මං මේක කට්ටියත් එක්ක බෙදාගන්න හැදුවා. තව ඇතිනේ xperia mini st15i දුරකතනේ පාවිච්චි කරන අය. ඔන්න මේක ඒ අයට...


හැබැයි මෙහෙම සිද්දියක් නම් තියෙනවා. මේක දාපු එකා කියලා තියෙනවා BootLoader එක නම් Unlock කරලා තියෙන්න ඕනා කියලා. මගේ එක අන්ලොක් කරලා නිසා මං එකෙන්ම දැම්මා.
අන්ලොක් කරලා නැති අය ඉන්නවා නම් මෙතනින් අන්ලොක් කරගන්න. හොදට මේක කියවලා වැඩේ කරන්න හොදේ. කට්ටිය දන්නවනේ ඉතිං මේක අන්ලොක් කලාම වොරනටිය එහෙම නැති වෙනවා කියලා.. හ්ම්ම් ඒකට කමක් නැහැ ආයේ ඕක ලොක් කරන්නත් පුලුවන්නේ....


හ්ම්ම් එක්කෝ මේක අන්ලොක් කරන හැටිත් කියලම දෙන්නම්. මෙහෙමයි පියවරෙන් පියවර වැඩේ කරමු.

1 පියවර : මෙන්න මේ කොඩ් එක ගහලා *#*#7378423#*#* මෙන්න මෙහෙම ගිහින් බලන්න Service info > Configuration > Rooting Status. If Bootloader unlock allowed මෙතන YES කියලද තියෙන්නේ කියලා. එහෙම නම් වැඩේ ගොඩ. එහෙම නැත්තම් ඉතිං මං දන්නේ නැහැ කරන්නම්..

2 පියවර : මෙන්න මේ ලින්කුවෙන් ගිහින් Android SDK එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න

3 පියවර - ඒක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්නකෝ එකකොට එන්නේ මේ වගේ වින්ඩෝ එකක්.


මේකේ ස්කොරල් බාර් එකෙන් යටටම යන්න එතකොට ඇති Extras කියලා එකක්.
extras.jpg

දැක්කනේ එහෙම එකක් තියෙනවා කියලා එහෙම නම් ඒකේ Google usb driver කියන පැකේජ් එකට ටික් එකක් දාලා යට දකුණු පැත්තේ තියෙන Install Pakage කියන එක ක්ලික් කරන්න.
එතකොට ඒ පැකේජ් එක ඉන්ස්ටෝල් වෙයි. එතකන් ටිකක් බලාගෙන ඉන්න..

4 පියවර - ඊට පස්සේ මෙන්න මේ ෆයිල් එක බාගන්න

5 පියවර - ඊට පස්සේ ඒ බාගත්ත ෆයිල් එක ඕපන් කරලා කොපි කරලා මං දෙන මෙන්න මේ පාත් එකට පේස්ට් කරගන්න. C:\Program Files >Android>Android SDK > extras > google>usb drivers මෙතනට පේස්ට් කරන්න එතකොට එයි රීප්ලේස් කරන්න අහලා. එහෙම කරන්න.

6 පියවර - දැන් යන්න මෙන්න මේ පේජ් එකට http://unlockbootloader.sonymobile.com/instructions
ක්ලික් කරන්න Continue බටන් එක.
ඊට පස්සේ Yes i'm Sure ක්ලික් කරන්න,
ඊට පස්සේ තියෙන බොක්ස් 2ටම ටික් දාලා I Accept ක්ලික් කරන්න,
ඊට පස්සේ ඔයාගේ නමයි ෆොන් එකේ IMEI නම්බර් එකයි ඊමේල් ඇඩුස් එකකුත් දෙන්න.
සැ.යු - IMEI නම්බර් එකේ නම්බර්ස් 15 ක් තියෙනවා ඔයා දෙන්න ඕනා මුල් 14 විතරයි. ඒ කියන්නේ අන්තිම නම්බර් එක දෙන්න එපා.

ඊට පස්සේ Submit බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එයි කොඩ් එකක්. ඔය් ඒ කෝඩ් එක කොහේ හරි තැනක තියාගන්න. නෝට් පෑඩ් එකේ හරි.

7පියවර - දැන් ෆෝන් එක ඕෆ් කරන්න. ඕෆ් කරලා ෆෝන් එකේ Volume Up බටන් එක ඔබාගෙන USB එක ප්ලග් කරන්න. එතකොට උඩ තියෙන නොටිෆිකේෂන් බල්බ් එක නිල් පාටින් පත්තු වෙයි.

ඊට පස්සේ ඔයා මැෂින් එකේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්න ඒ කිවුවේ CMD කියලා RUN එකේ ගහලා එන්ටර් ඔබන්න. එතකොට එයි කලුපාට වින්ඩෝ එකක්.

ඊට පස්සේ එ වින්ඩෝ එකේ මං මේ දෙන ලයින් කොපි කරලා පේස්ට් කරලා එන්ටර් ඔබන්න.

cd C:\Program Files\Android\android-sdk\platform-tools

ඔන්න ඕක මුලින් කොපි කරලා පේස්ට් කරන්න. කමාන්ඩ් එකේ ctrl+v වැඩ නැහැ හොදේ. මවුස් එකෙන්ම පේස්ට් කරන්න. මේ විදිහට තියෙන්න ඕනා.

cmd1.jpg

හරිනේ..

ඊට පස්සේ මෙව්ව මේක කෙපි පේස්ට් කරන්න.
fastboot.exe -i 0x0fce getvar version එන්ටර් ඔබන්න. එතකොට එන්න ඕනා මෙහෙම.

cmd 2.jpg

ඒ විදිහට ආවනම් මෙන්න මේකයි අන්තිම එක..
මෙන්න මේකේ අන්තිමට KEY කියලා තියෙන එක මකලා අර මුලින් අපි ගත්තේ කොඩ් එකක්. මං කිවුවේ කෙහෙන් හරි අරන් තියාගන්න කියලා අන්න ඒ කොඩ් එක එතනට දෙන්න. ඊට පස්සේ එන්ටර් කරන්න.

fastboot.exe -i 0x0fce oem unlock 0xKEY

එච්චරයි.. බූට් ලෝඩ් කතන්දරේ ඉවරයි. ෆෝන් එක ඔන් කරන්න ටිකක් වෙලා යයි ඔන් වෙන්න. බය වෙන්න එපා ඒකට.




බූට්ලොඩරේ අනුලොක් කරගත්තට පස්සේ

මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ..

මුලින්ම මෙන්න මේ ෆයිල් එක බාගන්න..
http://www.mediafire.com/?g45vey96xuj4be6

ඕක බාගෙන Flashtool එක දාගෙන ෆ්ලෑෂ් කරගන්න. ඒක කරන හැටි දන්නවා ඇතිනේ..
මෙතනින් ඒක බාගන්න

ඕකේ අප්ඩේට් එකත් බාගෙනම ඉන්ස්ටෝල් කරගන්නකෝ..

ඒකත් ඔන්න ඔහේ කියලම යන්නම්කෝ....

ඊට පස්සේ ftf ෆයිල් එක මෙන්න මේ පාත් එකට කොපි පේස්ට් එකක් දාන්න.
C:\Flashtool\firmwares

හරිද. එහෙනම් ඊලගට ෆ්ලෑෂ්ටූල් ඔපන් කරන්න. ඒ කිවුවේ අර අකුනක් වගේ තියෙන එක ඕපන් කරන්න..

flashtool.jpg

ඔය උඩින් තියෙන්නේ ඒක තමයි.

ඊට පස්සේ වම් පැත්තේ කෙලවරේ උඩින් තියෙන්නේ කලු අකුණ වගේ එක ආයේ ක්ලික් කරන්න. එතකොට පොඩි වින්ඩෝ එකක් එයි ඒක එහෙම්මම ඕකේ කරන්න.

ඊට පස්සේ මෙන්න මේ නම තියෙන ෆයිල් එක උඩ ක්ලික් කරලා යටින් තියෙන ඕකේ බටන් එක ඔබන්න.
Device : st15i
version : 4.0.4
Branding : 1249-8388 R9D


ඊට පස්සේ ටිකක් වෙලා ඉන්න. ටික වෙලාවකින් එයි අලුත් වින්ඩෝ එකක්. ඒක අපුවහම. ඔයාගේ ෆෝන් එක ඔෆ් කරලා.

Volume Down බටන් එක ඔබාගෙන USB එක ප්ලග් කරන්න. අර උඩින් ආව වින්ඩෝ එක අයින් වෙනකම් අත අරින්න එපා Volme down බටන් එක. ඒ වින්ඩෝ එක නැති උන ගමන් අත ඇරලා දාන්න. ඊට පස්සේ ඉතිං ටික වෙලාවක් ඉන්න යටින් ප්රොගෙස් බාර් එකක් පිරෙනවා ඒක ඉවර වෙනකම් ඉන්න.

ස්කිරින් ෂොට්
screen.jpg

මෙතනින් ICS වැඩේ ඉවරයි. ඊලගට රූට් කරන හැටි කියලා දෙන්නම්..
 
Last edited:

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
ROOT

ඔයාලා දැන් ICS දාලා ඉවරයිනේ. එහෙනම් අපි දැන් රූට් කරන වැඩේට බහිමු. මේක එච්චර අමාරු නෑ. හරියට මං කියන පියවරවල් ටික කරන්න. වැඩේ ලේසී..

හරිනේ එහෙනම් පටාන් ගමු.. ඔයාලා බූට්ලොඩර් එක අන්ලොක් කරගෙනනේ තියෙන්නේ. ඉතිං වැඩේ හෙන ලේසී... ඔන්න එහෙනම්.

මේක කරන්න ඔයාලා වෙනම කර්නල් ෆ්ලෑෂ් කරන්න ඕනා වෙන්නේ නැහැ...

1 පියවර - මෙන්න මේ ලින්කුවෙන් ගිහින් සුපර් යූසර් ඇප් එක බාගන්න..
Super User

මේක බාගෙන ඉවර වෙලා ඔයාලගේ SD Card එකට මේක කොපි කරගන්න. (කොහාට හරි මතක තියාගන්න පුලුවන් තැනකට) :yes::yes:

2 පියවර - මෙන්න මේ ලින්කුවෙන් ගිහින් CWM. img ෆයිල් එක බාගන්න.
CWM

3 පියවර - ඒ බාගත්තු CWM ෆයිල් එක කොපි කරගන්න මෙන්න මේ පාත් එකට.
C:\Program Files\Android\android-sdk\platform-tools

4 පියවර - ඊට පස්සේ ඔයලගේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්න. ඒ කිවුවේ cmd එක. ඒක ගන්න හැටි දන්නවනේ. windows 7 නම් කෙලින්ම Start > Search එකේ cmd කියලා ගැහුවම එනවා. නැත්තම් run එකේ cmd ගහලා එන්ටර් කරන්න. එතකොට එයි මේ වගේ.

cmd.jpg

ඕක ආවම මෙන්න මේ පාත් එක ඕකට පේස්ට් කරලා එන්ටර් කරන්න.
cd C:\Program Files\Android\android-sdk\platform-tools

එතකොට මෙන්න මේ වගේ..

cmd 3.jpg

5පියවර - ඊට පස්සේ ඔයලගේ ෆෝන් එක ඕෆ් කරලා Volume UP බටන් එක ඔබාගෙන USB එක ගහන්න. Volume UP හොදේ. එතකොට නොටිෆිකේෂන් බල්බ් එක නිල් පාටින් පත්තු වෙයි...

6 පියවර - ඊට පස්සේ මෙන්න මේ කොඩ් එක කොපි පේස්ට් කරන්න CMD එකට
fastboot boot cwm-rec.img

7 පියවර - ඊට පස්සේ ඔයාලගේ ෆොන් එකේ ඩිස්ප්ලේ පත්තු වෙයි

CWM-based Recovery කියලා.

ඊට පස්සේ ඔයාලා කරන්න ඕනා Volume Down Key එකෙන් Install zip from sdcard කියන තැනට යන්න. volume down key එක හතර පාරක් ක්ලික් කරාම එතන. :yes::yes:

ඊට පස්සේ ෆෝන් එක ඔන් ඕෆ් කරන ස්ව්ච් එක තියෙනවා නේද උඩ. ඒක එක පාරක් ක්ලික් කරන්න. ;);)

ඊට පස්සේ මුලින්ම තියෙන choose zip from sdcard කියන එකේම තියෙන්න ඇරලා ආයේ පවර් ඔන් ඕෆ් ස්විච් එක එක පාරක් ක්ලික් කරන්න.. ;);)

ඊට පස්සේ ඔයාලගේ මෙමරි එකේ තියෙන ෆොල්ඩර් ටික පෙන්නවා, එකෙන් ඔයා Super User App එක කොපි කරගත්තු තැනට ගිහින් පවර් ඔන් ඕෆ් ස්විච් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එයි

-No
-No
-No
-No
-No
-No
-No
-Yes - Install Superuser-3.1.
-No
-No
-No

(උඩට පහලට යන්නේ Volume up - Down key වලින් හොදේ.. :cool::cool:)

කියලා ඒකේන් ඉතිං දන්නවනේ.. :yes: :yes::D :D Yes එකට ඇවිත් ආයේ පවර් ඔන් ඕෆ් එක ක්ලික් කරන්න. ටික වෙලාවකින් Complete :rofl::rofl: කියලා යටින් වැටෙයි..

ඊට පස්සේ ඉතිං ඩෙටා කේබල් එක ගලවලා ෆොන් එක ඔන් කරලා බලන්න. මෙනු එකේ තියෙනවා නම් Super User කියලා ඇප් එකක්.. ඔබ සාර්ථකව ROOT කරගෙන... :yes::yes::yes:

ඔන්න ඉවරයි වැඩේ.

සැ.යු - කාට හරි වැදගත් උනා නම් අර මොනවද ඒවා දීලා යන්න හොදේ.. :yes::yes:

කමෙන්ටුවක්වත් දාලා යන්න...

අහිංසක හිත්නේ.... :D:D:D:D:D :yes::yes::yes: :cool::cool:
 
  • Like
Reactions: yuzny

Max_r

Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    මචං ftf flash කරන්න boot loader එක අන්ලොක් වෙන්න ඕනෙම නැ :)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    u ehema ekak gahala thibba ban :(:(:( ekai...

    kamk na custom ewa gahanawa nam ona wenawane.. a nisa help ekak wei... :yes::yes::yes:

    :yes: කස්ටම් රොම් ගහන්න හිතනවා නම් අව්ලක් නැ :)
    මොකද එවට kernel වෙනම එන නිසා

    kernel flash කරන්න නම් bl unlock වෙන්න ඕනෙ :) :yes:
     

    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    පොඩ්ඩා;13035020 said:
    මචන් ICS දැම්මහම බැටරි ලයිෆ් එක ටිකක් වැඩි වෙනවද බන් 2.3 වලට වඩා

    ehema maha loku wenasak nam dakke na ban.. Custom Rom ekak gahala nam tikak adu karaganna puluwan wei. mokada wadak nathi app ehema okkoma ain karalane enne... :yes::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    ELa kollek....rep iwarai ban......

    Man gawa Sony Ericsson Xperia Acro kiyala phone ekak tiyenawa....unlock karata passe kela wela tiyenne.....msgs yawanna ba. anith eka Internet.MMS. SMS settings ganneth na ban.........


    hadaganna puluwan widiyak kiyapanko:yes: