hmm
ඒ කියන්නෙ දැන් උන්ට ARM ආකිටෙක්චර් එක තියන චිප් හදන්න බැහැ කියන එක
උන්ගෙම චිප් හදනවා නම් දැන් අලුතෙන්ම ආකිටෙක්චර් එකකින් චිප් ඩිවලොප් කරන්න වෙනවා MIPS හරි SPARC වගේ එකකින්
ඒවත් MIPS එහෙම ලයිසන් නොදී අරින්න ගොඩක් දුරට ඉඩ තියනවා, SPARC Open Source වර්ශන් එකක් තියනවද කොහෙද ඒ වගේ චිප් එකක් හදාගත්තොතින් අවුලක් නැතිවෙයි
ඒ උනත් මේ යන විදියට ගොඩ යෑමක් නැති වෙයි අලුත් ආකිටෙක්චර් එකකින් අද මේ තියන තරම් එෆිශන්ට් සහ පවර්ෆුල් චිප් එකක් හදන්න අවුරුදු තුනක් වත් යනවා(මේ තරම් චිප් හදපු ඉන්ටෙල් එවුන්ටත් x86 ඇටම් මොබයිල් වලට හරියන තරම් එෆිශන්ට් විදියට හදන්න බැරි උනානේ)
ඒ වගේ අන්කොමන් ආකිටෙක්චර් එකකට OS එකක් හදන එකත් අමාරුයි මොකද කම්පයිලර් එහෙම ආපහු මුල ඉදන්ම හදන්න වෙයි මොකද දැනට තියන ඒවයින් හැදෙන බයිනරි එහෙම කොයි තරම් එෆිශන්ට්ද කියලා දන්නෙ නැහැනේ මොබයිල් ඩිවයිස් එකකට හරියාවිද කියන්න අමාරුයි
ඇන්ඩ්‍රොයිඩ් පෝට් කරත් අමාරු වෙයි මොකද MIPS වලටත් ඔෆීශියල් සපෝට් එක ටික කාලෙකට කලින් අයින් කරා
SPARC වලට ඔෆීශියල් සපෝට් එකක් තිබුනෙම නැහැ