Huawei P8 අග්නිදිග ආසියානු කලාපයට හඳුන්වාදෙයි

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Huawei P8 අග්නිදිග ආසියානු කලාපයට හඳුන්වාදෙයි

    Huawei P8 අග්නිදිග ආසියානු කලාපයට හඳුන්වාදෙයි

    :)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    unnamed-2.jpg


    බැංකොක් – පසුගිය අප්‍රේල් මාසයේ ලන්ඩනයේ දී වෙළද පළට හඳුන්වාදුන් Huawei P8 නවතම ස්මාර්ට්ෆෝන් එක අග්නිදිග ආසියානු කලාපයට ද හදුන්වා දෙයි. මෙම Huawei P8 ස්මාර්ට් ෆෝන් එක අග්නිදිග ආසියානු කලාපයට හඳුන්වාදීමේ උත්සවය පසුගියදා Huawei කලාපීය කාර්යාලය පිහිටා ඇති බැංකොක් නුවරදී පැවැත්වින. “Southeast Asia P8 & Wearable Launch” ලෙස නම් කර තිබු මෙම අවස්ථාව සඳහා රටවල් 11 ක් නියෝජනය කරමින් ආරාධිත අමුත්තන් 500 කට අධික පිරිසක් එක්ව සිටියහ.


    මේ සඳහා ශ්‍රිලංකාව නියෝජනය කරමින් Huawei ශ්‍රිලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා , සිංගර් ශ්‍රිලංකා ප්‍රධාන විධායක නිලධාරි අශෝක පීරිස් මහතා, සිංගර් ශ්‍රීලංකා වෙළද හා අලෙවි අධ්‍යක්ෂ මහේෂ් ජයවර්ධන මහතා, Huawei ශ්‍රිලංකා අලවි කළමණාකරු ස්ටැන්ලි මැස්කෙයානස් මහතා,Huawei සිංගර් ශ්‍රීලංකා සන්නාම කළමනාකරු ෂෙහාන් පෙරේරා මහතා එක්ව සිටියහ.
    Huawei P8 ස්මාර්ට්ෆෝන් එක අති නවීන තාක්ෂණය මනාව කැටිකොට ගත් ජංගම දුරකථකයකි. සුවිශේෂි නිමාව, විලාසිතාව, භාවිතයේ පහසුව පමණක් නොව අසමසම කැමරා පහසුකම් වලින්ද මෙම ස්මාර්ට් ෆෝන් එක සමන්විත වෙයි. වසර 2012 දී Huawei වෙතින් ඡ කාණ්ඩයේ ජංගම දුරකථන හදුන්වාදුන් අතර Huawei P8 එහි නවතම හදුන්වාදීමයි. Huawei P8 සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකක ඇති පහසුකම් අතික්‍රමණය කරමින් සුවිශේෂි පහසුකම් රැසක් සපයයි.


    ඉතා අඩු ආලෝක තත්වයකදී වුව සුපැහැදිලි ඡායාරූප ලබාගැනීමේ පහසුකම් සපයන කැමරාවකින් යුත් Huawei P8 මේ වනවිට වෙළද පලේ පවතින අනිකුත් ස්මාර්ට්ෆෝන් කැමරා වලට වඩා ඉතා හොඳ තත්වයෙන් උසස් ඡායාරූප ලබාගැනීමේ පහසුකම සපයයි. වෘත්තිය ඡායාරූපකරණය සඳහා භාවිත කරන ෘීඛඍ මට්ටමේ ඡායාරූප ප්‍රොසෙසරයකින් සමන්විත Huawei P8 ස්මාර්ට් ෆෝන් එක වෘත්තීය මට්ටමේ වීඩියෝ ගත කිරීමේ පහසුකම සහිත වීඩියෝ කැමරාවකින් ද සමන්විත වෙයි.‍ Huawei P8 හි අන්තර්ගත වීඩියෝ පහසුකම් මගින් ඒ හා සමානව ක්‍රියාත්මක වන තවත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන තුනක වීඩියෝ ගත කිරීම් පාලනය කිරීමේ සුවිශේෂි හැකියාවක් පවතියි.මේ හරහා එකවර විවිධ කෝණයන් ගෙන් වීඩියෝ ගත කිරීම් සිදුකළ හැකි අතර ඒවා ක්ෂණිකව සංස්කරණය කිරීමේ පහසුකම් වලින්ද Huawei P8 සමන්විත වෙයි.


    ලෝකයේ භාවිතයට පහසුම ස්මාර්ට්ෆෝන් එක බවට Huawei P8 පත්කිරීම සිය ඉලක්කය බව මෙම අවස්ථාවට එක්වු Huawei පාරිභෝගික ව්‍යාපාර සමුහයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් යු මහතා පැවසීය. ගැඹුරින් සිදුකරන ලද සමීක්ෂණ වලදී හෙලිවු ස්මාර්ට් ෆෝන් භාවිත කරන්නන් අපහසුතාවට පත්වන සියලු ප්‍රශ්න වලට Huawei P8 මගින් විසඳුම් සපයා ඇති බවද ඒ මහතා මෙහිදී පැවසීය. කල් පැවැත්ම සහ විලාසිතාව අතින් ගත් පසුව ද Huawei P8 අසමසම නිෂ්පාදනයක් බවද ඒ මහතාගේ අදහසයි. මෙහි ඇති සුවිශේෂිතා අනුව ගත් කළ 2015 වසරේ ලොව ජනප්‍රියතම ස්මාර්ට් ෆෝන් එක බවට පත්වීමට Huawei P8 ස්මාර්ට්ෆෝන් එකට හැකියාව පවතින බව ද Huawei පාරිභෝගික ව්‍යාපාර සමුහයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් යු මහතා විශ්වාසය පල කලේය.