Hudson talk about net Fm balumgala

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    පසුගියදා නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් විකාශය කල රුවන්වැල්ලේ සෝභිත ( දැන් සුනිල් ශාන්ත ) ගේ ක්‍රියා කලාපයට වත්මන් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා විරුද්ධව අදහස් ප්‍රකාශ කොට තිබෙනවා.

    භික්ෂුවකට දුරකතනයෙන් කතාකොට එවැනි දෙයක් පටිගත කිරීම සදාචාර නොවන බවත් නෙත් එෆ්.එම් ගුවන් විදුලිය සීල් තැබිය යුතු බවත් හඩ්සන් සමරසිංහ කියා සිටියේ උදෑසන පුවත් විග්‍රහය අතරතුරයි.

    hudson-neth-gossip9.jpg



    ඕකට කියන්නේ ටැලිෆෝන් හැකින් - හඩ්සන්

    " දැන් මෙතන ප්‍රශ්නයක් ආවේ මෙන්න මේකයි.අපේ හාමුදුරුවෝ ගැන,චිවරය ඇරපු එක ගැන ඔබවහන්සේට මම ස්තුතිවන්තවෙනවා සිවුර දාගෙන මේ පල වැඩ කර කර ඉන්නවට වඩා..

    හැබැයි මේ ගුවන් විදුලියක කතාවක් ගිහින් තියෙනවා.මොකද්ද..මේ ගුවන් විදුලියක ප්‍රචාරය වෙච්ච එකක්..ටෙලිෆෝන් කතාවක්..මේ ඉන්ටවිව් එකක්..ඉන්ටවිව් කරන්නේ හාමුදුරුනමක්..

    හාමුදුරුවෝ අහනවා ගැණු ළමයාගෙන් ..ඔයා උසද ? ඔව් හාමුදුරුවනේ උසයි.මට මේ ලේකම්වරියක් ඕන වෙලා තියෙනවා ඒ දැන්වීමටද ඔය කතා කරේ..ඔව්..ඔයා මහතද,කෙට්ටුද?වයස කියාද, පපුව එහෙම කොහමද? විදේශ සංචාර වල එහෙම යන්න කැමතිද?

    අනිත් එක මේකට තමයි කියන්නේ ටෙලිෆෝන් හැකින් කියලා.මේක බලවත් අපරාධයක්..එක කරලා රේඩියෝ එකකත් දානවා.

    මම ගනේගල මහත්තයගෙන් අපේ ඉතාමත් දක්ෂ නිලධාරියෙක් පරිපාලනයේ..මේ සුභාවිත ගීතය රටට දුන්න නිර්මාතෘ වරයා.හොද උගතෙක්.එතුමා අද මාධ්‍යය අමාත්‍යංශයේ ලේකම් වරයා.එතුමාගෙන් මම අහනවා..

    ඇයි මේ රේඩියෝ එක වහාම වහලා දාන්නේ නැත්තේ?එකක් තමයි හොරෙන් දුරකථන වලට සවන් දීම.දෙවෙනි එක මේ බුද්ධ ශාසනයට නේ..හාමුදුරුවෝ කියල කියන්නේ බුද්ධ ශාසනයේ සාමජිකයකෙනේ..කෝටියක් සංවර සීලයක් බලාපොරොත්තු වෙන් නෑ නේ හාමුදුරු කෙනෙක්ගෙන්,මේ නටඹුන් නරි නාටකය නතර කරන්න ඕන. ඇයි ඔය ගුවන් විදුලියට සීල් තියන් නැත්තේ ?"



    source - http://www.gossip9.com/2011/08/blog-post_13.html
     
    Last edited:
    • Like
    Reactions: diazkolla

    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0
    දන්න *ක තමා හඩ්ඩා! මිනීමරුව. (ව)පරය.
     
    Last edited: