Hybrid & Electric vehicles ගංවතුරට අහු වුනාම වෙනදේ
හදිසියේම වාගේ “රෝනා” ඇවිත් ගියාය. ඉන්දියානු සාගර වායු ගෝලය තුළ ඇය ඇති කළ අවපීඩන තත්ත්වය අප රටෙන් පහව ගියේ රටේ පැත්තක් නාය ගොසින් තවත් කොටසක් ගංවතුරට යට කර අධි පීඩනයක් අපට උරුම කරමිනි. රෝනා නිසා කොටසක් ජීවිතයෙන් වන්දි ගෙවූ අතර තවත් කොටසකට උන්හිටිතැන් අහිමි විය. මේ හදිසි විපත්තිකර අවස්ථාවේදී විපතට පත් සුවහසක් ජනයා වෙනුවෙන් ‘රිවිර’ පෙනී සිටියේය. දැන් වතුර බැස ගොසිනි. නමුත් ඒ අතරේ අප නොසිතූ විරූ තවත් ඇබැද්දියක් මතුව ඇත්තේය. ඒ සම්බන්ධයෙන් ඔබව දැනුම්වත් කිරීම අතිශය කාලේචිත ක්‍රියාවකැයි අප සිතූ හෙයින් මෝටර් රථ ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වූ ලාල් අලවත්ත මහතා සොයා ගියෙමු.
වෘත්තියෙන් ඔටෝ මොබයිල් ඉංජිනේරුවකු වන ලාල් අලවත්ත මහතා කිසිදු පැකිළීමකින් තොරව මේ ආපදා අවස්ථාවේදී ආපදාවට පත්වූ ඔබේ රථය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් කියූ කතාව අප මෙසේ පෙළ ගස්වමු.
අද බැලූ බැලූ අත දක්නට ලැබෙන්නේ අධිසුඛෝපභෝගී නවීන තාක්ෂණයෙන් යුතු හයිබ්‍රිඩ් වර්ගයේ හෝ ඉලෙක්ට්‍රික් තාක්ෂණයෙන් යුතු වාහනය. පසුගිය ගංවතුර සමයේ මෙකී වාහන බොහොමයක් ජල ගැලීම්වලට හසුවූ ප්‍රදේශවලදී සම්පූර්ණයෙන්ම වතුරට යට විය. එම වාහනවලට අත්වන ඉරණම කුමක්දැයි අපි පළමුවෙන් ලාල් අලවත්ත මහතාගෙන් විමසීමු. ඔහු ඊට දුන් පිළිතුර අප විශ්මයට හා කම්පනයට පත්කළ බවකි.
“වතුරට යටවෙලා තියෙන්නේ හයිබ්‍රිඩ් වාහනයක් හරි ඉලෙක්ට්‍රික් වාහනයක් හරි නම් කරුණාකරලා ඒ වාහනයට තියෙන ආශාව අයින් කරගන්න. කථා දෙකක් නෑ වාහනේ කන්ඩෙම්”. ඒ ප්‍රකාශය ඇත්ත වශයෙන්ම ගංවතුරට යටවූ හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් වාහන හිමියෙකු සිහිනෙකින් වත් බලාපොරොත්තු නොවූ එකකි.
“අපිට ඇත්ත තත්ත්වය වසන් කරන්න බැහැනේ. ඉලෙක්ටේරානික් ආම්පන්නවලින් බහුල වාහනයක් දවස් තුන හතරක් වතුරෙන් යට වෙලා තිබුණ කියන්නේ හරියට පරිගණකයක් වතුර යට දාල තිබ්බ වගේ වැඩක්. වතුර යට දවස් හතර පහ වාහන තියන්න නෙවෙයිනේ ඒ වාහන හදලා තියෙන්නේ. නැවත ඒක යථා තත්ත්වයට ගන්න බැහැ. හයිබ්‍රිඩ් වාහනයක එන්ජිමට මිලි ලීටර් 100ක් වතුර ගියොත් ඒක යථා තත්ත්වයට ගන්න බැහැ. ඒ වගේමයි හයිබ්‍රිඩ් වාහනයක තියෙන බැටරිය එක් වරක් වතුරට යට වුණොත් ඒක පුපුරා යනවා. එවැනි තත්ත්වයේ වාහනයක් නැවත රෙපෙයාර් කරන්න ගියොත් ඒ වාහනේ වෙළෙඳපොළ වටිනාකමට වඩා වැඩි මුදලක් රෙපෙයාර් එකට යනවා. ඒකයි මම කිව්වේ එවැනි වාහන වතුරෙන් යටවෙලා තියෙනවා නම් ඒවායේ ආශාව අතහරින්න කියලා”.
‘දැන් ඔබ කියන විදිහට වතුරට යටවූ හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් වාහන නැවත යථා තත්ත්වයට ගන්න බෑ.’
‘ඔව්… ඒ වගේ වාහනයක් නැවත ගොඩගන්න හිතන්නවත් එපා. වාහනය කොච්චර වටින එකක් වුණත් යථාර්ථය ඕක තමයි.
වතුරෙන් යටවී ඇති වාහනයක් අලුත්වැඩියාවට ලක් කිරීමට මත්තෙන් මුලින්ම කළ යුතු වැදගත්ම කාරණාව හැටියට ලාල් අලවත්ත මහතා පෙන්වා දුන්නේ එය රක්ෂණ නියෝජිතයෙකුට පෙන්වා එම වාහනය පිළිබඳ ඔහුගේ තක්සේරුව ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි.
“කිසිම හේතුවක් නිසා මේ වගේ වතුරට යටවූ වාහනයක් රක්ෂණ නියෝජිතයෙකුට පෙන්නන්නෙ නැතුව හොල්ලන්නවත් එපා. බොහෝ වාහනවලට ගංවතුර රක්ෂණය හිමියි. රක්ෂණ නියෝජිතයකු ලවා වාහනය පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් කරගෙන ඊට හිමි වන්දි පිළිබඳ තත්ත්වය පැහැදිලි කර ගත්තාට පස්සෙ වාහනයට කළ යුත්තේ කුමක්දැයි කියා ඔවුන් ඔබට දන්නාවි. ඒ වගේම මේ වෙලාවෙ කියන්න ඕන තමන්ගෙ වාහනයට කරන්න ඕන මොකක්ද කියලා තමන්ට තීරණය කරන්න බෑ. මුලින්ම ඒ සඳහා පළපුරුදු ප්‍රවීණ කාර්මික ශිල්පියෙකුට එය පෙන්විය යුතුයි. ඔහුගේ උපදෙස් මේ වෙලාවේ ඉතාම වටිනවා. හිතුමනාපේ තමන් විවිධ දේ කරන්න යෑමෙන් වාහනය තියෙන තත්ත්වයටත් වඩා බරපතළ තත්ත්වයකට යන්න පුළුවන්”.
පසුගිය දිනවල ගැලූ ගංවතුරට යටවූ හයිබ්‍රිඩ් හා ඉලෙක්ටේරානික් වර්ගයේ වාහන සැලකිය යුතු ප්‍රමාණයක් ලාල් අලවත්ත මහතාගේ අධීක්ෂණයට ලක්ව ඇත. ඒ සියල්ල සම්බන්ධයෙන් ඔහුගේ අවසන් නිගමනය වූයේ “කන්ඩෙම්. සමහර වාහන මිල අධික ඒවා නමුත් ඒ වාහන ගැන ආශාවක් තියාගෙන වැඩක් නෑ.
ඉලෙක්ටේරානික උපාංග බහුල සුඛෝපභෝගී වාහනවල තතත්වය එසේ වුවද එවැනි අංග උපෝංගවලින් අඩු වතුරට යටවූ වාහන යම් වියදමක් දරා නැවත යථා තත්ත්වයට පත් කර ගත හැකි බව ලාල් අලවත්ත පෙන්වා දෙයි. ‘මේ ගංවතුරට අහුවෙච්ච පැරණි වාහන ඒ කියන්නෙ ඉලෙක්ටේරානික් උපාංග අඩු වාහන නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. එවැනි වාහන හිමියන්ට අලවත්ත මහතා දුන් උපදේශය මෙවැන්නකි.’
“පෙට්‍රල්, ඩීසල් මොන වාහනයක් වුණත් වතුරෙන් යට වෙලා තිබුණ නම් එක වර ස්ටාට් කරන්න යන්න එපා. වාහනේ ගරාජ් එකකට ගෙනියනවා නම් ඇදගෙන යනන්න එපා. කැරියර් එකක ගෙනියන්න. පෙට්‍රල් වාහනයක් නම් ප්ලග් හතර ගලවලා පැත්තකින් තියන්න. එයාෆිල්ටර් එකයි බැටරියයි ගලවන්න. මේ වෙන කොට බැටරිය හොඳටම බැහැල ඇත්තේ. බැටරිය තත්ත්වය බලලා එක්කො ඒක රීචාර්ජ් කරගන්න නැත්නම් අලුත් බැටරියක් ගන්න වෙනවා. මේ වෙනකොට එන්ජිම මල කාල ඇත්තෙ. දැන් වාහනයේ එන්ජිමේ ඉදිරිපසින් අත දාලා එය කරකවන්න. එතකොට එන්ජිම ඇතුලෙ තියෙන වතුර එළියට යනවා. ඒ වගේ කීප පාරක් කරලා හුළං ටිකක් අල්ලලා නැවත ප්ලග් ටික හයි කරලා බැටරිය සම්බන්ධ කළාම ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඩීසල් වාහනයක් නම් ඉන්ජෙක්ටර් හතර ගලවලා අර මුලින් කියපු පෙට්‍රල් වාහනයට කරපු දේවල් ටික කළහම ඒක ස්ටාර්ට් කරගන්න පුළුවන්. හැබැයි මේ පිළිබඳ මූලික අවබෝධයක් හෝ නැතිනම් හොඳම වැඩේ තමයි ඒ සම්බන්ධ දැනුමක් සහිත කෙනෙකුගේ උදව්ව ලබා ගැනීම. නැත්නම් ගොඩවෙදකම් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නන පුළුවන්.
වතුර යට වාහනයක් දවස් ගාණක් තියෙන කොට බේ්‍රක් පෑඩ් ගැලවෙනවා. ඒවා අලුතෙන් දාන්න ඕන. ඒ වගේම රෝදවල රේසර් මල කනවා. ඒවත් අලුතෙන් දාන්න ඕන. ඊට අමතරව වාහනය පාවිච්චි කරන්න පෙර සර්විස් සෙන්ටර් එකකට දාලා ඇතුළ මැනවින් පිරිසිදු කරගන්න ඕන”.
වතුරට යටවූ වාහන නැවත අලුත්වැඩියා කර ඇස් වසා එය තව පුද්ගලයෙකුගේ ඇඟේ ගැසීමට වැඩි ඉඩකඩක් ඇති බව ද පෙන්වා දුන් ලාල් අලවත්ත මහතා වාහනයක් මිලදී ගන්නවා නම් ඒ පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයකු ලවා තමන් මිලදී ගන්නා වාහනයේ හතර මායිම කෙබඳු දැයි මැනවින් තහවුරු කර ගැනීම මේ වාතාවරණය යටතේ නුවනට හුරු බව කියා සිටියි.
“රීකන්ඩිෂන් වාහනයක් මිලදී ගන්නවා නම් වාහනයේ යට සියුම් තැන් පවා හොඳින් පරීක්ෂා කර බලා ගන්න ඕන. කොච්චර සේදීමට ලක් කළත් ගංවතුරවලින් බැඳෙන රොන් මඩ වාහනවල ඇතුළෙ බැඳෙනවා. එවැනි සලකුණක් ඇති වාහනයක් නම් එය මිලදී ගැනීම ගැන දෙවරක් හිතන්න වෙනවා”.
ගංවතුරට යට කළ යතුරුපැදි හා ත්‍රිරෝද රථ වැඩි වියදමකින් තොරව යථා තත්ත්වයට පත්කර ගත හැකි බව ලාල් අලවත්තගේ අදහසයි.
“වැඩිම වුණොත් රුපියල් දහදාහක් යාවි. යතුරුපැදිවලට එච්චර මුදලක් යන්නෙත් නෑ. තාක්ෂණය අඩු වෙන්න අඩු වෙන්න ඒවා අළුත්වැඩියා කිරීම සඳහා යන මුදල ද අඩු වෙනවා”.
තමන් පාවිච්චි කරන වාහනය සම්බන්ධයෙන් ඇති අනවබෝධය මේ විනාශයට එක් හේතුවක් බව ලාල් අලවත්ත මහතාගේ අදහසයි.
“තමන් පදින වාහනය මොන වගේ තාක්ෂණයකින් යුක්ත එකක්ද කියලා දන්නවා නම් ඒක රැකගන්න උත්සාහ කරනවා. වාහන පදින සියයට අනූ නවයකටම තමන් පදින වාහනය පිළිබඳව අවබෝධයක් නෑ. විශේෂයෙන් කියන්න ඕන හයිබ්‍රිඩ් වගේ වාහනයක් නම් අඟල් හතඅටකට වැඩි වතුරක ධාවනය කරන්න හොඳ නෑ”.
ගිය නුවණ නැවත ඇද්දවිය නොහැකිය. ලංකාව වැනි මැදි ආර්ථිකයක් සහිත රටක පුද්ගලයකු වාහනයක් මිලදී ගනු ලබන්නේ සියලු තුරුම්පු ගසා අවසානයේ බැංකුවකට හෝ රක්ෂණ ආයතනයකට සියලු වත්කම් සින්න කර දීමට එකඟ වීමෙනි. බොහෝ විට එම වාහනවල මාසික වාරිකය ගෙවනු ලබන්නේ ද එම වාහන විවිධ අවශ්‍යතා වෙනුවෙන් යොදවා ලබන මුදලිනි. නොසිතූ මොහොතක මෙවැනි අනපේක්ෂිත වූ ගංවතුරකට තමන්ගේ මෝටර් රථය යටවූ පසු එවැනි පුද්ගලයන්ට අත්වන ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ සම්බන්ධයෙන් වඩා සංවේදී වූ ලාල් අලවත්ත මහතා කියා සිටියේ මේ මොහොතේ රක්ෂණ සමාගම් මෙය ජාතික විපතක් සිදුවූ අවස්ථාවක් සේ සලකා ගංවතුරට යටවූ මෝටර් රථ වෙනුවෙන් ඔවුනට සාධාරණ වන්දි මුදලක් ලබා දිය යුතු බවයි. සත්‍ය වශයෙන්ම මේ මොහොතේ ගංවතුරෙන් යටවූ පිරිස් මුහුණ පා ඇත්තේ අතිශය ඛිෙදනීය තත්ත්වයකටය. ඔවුනට අහිමි වූයේ තමන්ගේ මෝටර් රථය පමණක් නොවේ. ඇඳිවත පමණක් ඉතිරිව අනිකුත් බොහෝ දේ මේ මොහොත වන විට ඔවුනට අහිමිව ඇත. ඒ බොහෝ දෙනකු නැවත බින්දුවෙන් පටන් ගෙන ජීවිතය ගොඩනැගිය යුතුය. එවැනි තත්ත්වයක් තුළදී නීත්‍යනුකූලව තමන්ට හිමි රක්ෂණ වාරිකය ලබා දී රක්ෂණ බැංකු හා රක්ෂණ සමාගම් මේ මොහොතේ ඔවුනට සහනයක් සලසාවී යැයි අප බලාපොරොත්තු වෙමු. එසේම මේ ශෝචනීය අවස්ථාවේදී මස් රාත්තලම ඉල්ලූ ෂයිලොක් මෙන් තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම පිළිබඳ ලෝභ සිතින් එම බැංකු හා රක්ෂණ සමාගම් කටයුතු නොකරනු ඇතැයි ද අප සිතමු.
චන්දන කාරියවසම් - රිවිර
re-post නම් සොරි වෙන්න ඕනි...