Hyundai වගේ korean වාහන හොද නැත්තෙ මොකෝ....

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හරි, දන්න තරමින් කියන්නම්. ඕවගේ 2005 ට වගේ කලින් ආපු වාහන වල බිල්ඩ් කොලිටිය මදි. ඒ කියන්නේ ඉක්මනට රෙපයාර් එනවා. නැත්තම් දිරුම් එනවා වගේ දේවල්. ප්ලාස්ටික් කොටස් උනත් ඉක්මනට කැඩෙන්න බලනවා හරියට බලාගත්තේ නැත්තම්. මම මේක කියන්නේ ගරාජ් එකක මිත්‍රයෙක් හිටපු නිසා උගේ කමෙන්ට්ස් මත තමා.

    දෙවැනි එක තමා තෙල් කෙරුවාව. Accent එක නම් තෙල් කරනවද කොහෙද. නමුත් අනික්වා ටිකක් මදි.

    මෙතැනදී තේරුම් ගන්න ඕනේ දේ තමා ලංකාවේ උන් වාහන ගන්නේ කොහොමද කියල. ඒ කියන්නේ අපේ අයියල වාහන ගන්නේ අතේ තියෙන ඔක්කොමත් දාල තව බැංකු ලෝන් එකයි පුළුවන් නම් ලිසින් එකකුත් දාල තමා. තව මදි නම් අල්ලපු ගෙදර එකගෙනුත් අරගන්නවා. ඉතින් ඔකොම ගත්තම ඊට පස්සේ මාසික වාරික ගෙවන කොට තෙල් ගන්නවත් සල්ලි නැහැ. මම එක පාරක් දැකල තියෙනවා G suprior වාහනයකට 5L තෙල් ගහනවා. මමත් ඉතින් රබර් ඇහැ දාල බැලුව මීටරේ දිහාවට full tank ඉදන් අඩුවක්ද ගන්නේ කියල. අනේ නෑ, පෙට්‍රල් ලයිට් එකත් පත්තු වෙලා. :angry:

    ඉතින් මෙච්චර වැල් වටාරම් කියුවේ මෙහෙ තෙල් කෙරුවාව අඩු නම් මාකට් නැහැ කියන එක කියන්න තමා. :P

    අන්තිම පොයින්ට් එක මාර්කට් නැති වෙන්න: මෙහෙ උන් වාහන හොදද නරකද කියන්නේ Brand Name එකෙන්. වැරදිලා හරි අප්සෙට් version එකක් ආවා නම් ඊට පස්සේ දිගටම හංවඩු ගහනවා. අපේ උන්ට තේරෙන්නේ නැහැ වාහන බලනකොට modal ඒකට අමතරව තව manufacture year එහෙමත් නැත්තම් version එකත් බලන්න ඕනේ කියල. උදාහරණයකට ගන්න Toyota Axio, brand එක නිසා හොදයි කියල අරගෙන කී දෙනෙක් නම් gear box දාල තියෙනවද. අඩු ගානේ defect තියෙනවා කියල දැන දැනත් අපේ උන් ඕක ගන්න ඉස්සෙල්ල හොදට බලන්න එපාය. නමුත් එහෙම කරන්නේ නැහැ, මොකෝ brand එක market නේ :lol::lol::lol:

    හරි, ඕවා තමා මගේ හිතේ හේතු. දැනට දන්නා පරිදි Korean වාහන ගොඩක් shape. හැබැයි luxury ඔප්ශන් නම් නැහැ. අනික දැන් මෙහෙ Korean spare parts ම ගෙන අය ඉන්නවා.

    ඔන්න අමාරුවෙන් කෙටුව.