I Don't Give A F#CK

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    විදෙස් රටක සිට ලියමි... ලංකාව කවදා හෝ නැගිටිනු දැකීමට මෙතෙක් කල් තිබූ කැක්කුම හේතුවෙන් ලංකාවේ දේශපාලනය සම්බන්ධ 'අවසන් පෝස්ටුව' බුකිය වෙත මෙසේ මුදාහරිමි... මින් මනතට 'ලාංකීය දේශපාලනය' නම් වසර හැත්තෑ ගණනක් පරණ ලැට් වල උතුරා පිටාර ගලා සැවොම ඉන් යට වූවත්, දේශපාලනය ගැන සීරියස් පෝස්ට් එකක් නැවත කිසිදා මෙහි නොදමමි.

    තවදුරටත් ලංකාවට 'දේශපාලනය' යනු ජෝක් එකක් පමණකි.
    යුද්ධයක් අවසන් කළ පලියට රට තමන්ගේ බූදලයක් යැයි සිතා වටේ සිටි බත් බැලයන් සමග රටම නාස්තිය වෙත ඇදගෙන ගිය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දමා කටයුතු කල රෙජිමයක් 2015 දී අවසන් විය. ඉන් පසුව පත්වුණු ආණ්ඩුවද කරන ලද කෙංගෙඩියක් නැත්තේය.
    පෙර පැවති ආණ්ඩුව ගැන දැඩි විරෝධී මතයකින් එළියට පැමිණ ජනාධිපති ධූරයට පත් 'මෛත්‍රීපාල සිරිසේන' තමාව විශ්වාස කල සියලු දෙනාට කොකා පෙන්වා නැවතත් මහින්ද රාජපක්ෂව අගමැති ලෙස අත්තනෝමතික ලෙස පත් කරගත්තේය. මේ සිද්ධිය විදෙස් රටක සිටින මට වඩා ලංකාවේ සිටින ඔබ සියලු දෙනා හොඳින් දන්නවා විය යුතුය.

    නමුත්, මා හට තේරෙන සරල දේ බහුතරයකට නොතේරෙන්නෙ ඇයිදැයි කියා ඇත්තේ ඉතා කණගාටුවකි.

    මහින්දට ඕනේ නැවත බලයට ඒමටය. ඒ ඔබ ගැනවත් මා ගැනවත් සිතාගෙන නොවේ. ඔහු ගැනත්, ඔහුගේ පවුල ගැනත්, වටේ සිටින බත් බැලයන් ගැනත් පමණක් සිතාගෙන ය.
    රනිල් ට අවශ්‍ය වන්නේද බලයේ රැඳී සිටීමටය. මොනයම් හෝ විදිහකින් ශ්‍රිලනිපය දෙකඩ කොට තවදුරටත් බලයේ සිටීම හැර ඔහු හට වෙන අරමුණක් ඇතියයි සිතිය හැකිද ?

    සිරිසේනට අවශ්‍ය වන්නෙද 'බලයයි'! එය ලබාගැනීමට ජනතාවගේ විශ්වාසය පාවා දී හෝ කවුරුන් හෝ සමග කොක්කක් ගසා ගෙන නැවත වරක් ජනාධිපති ධූරයට පත් වීම ඔහුගේ අරමුණ නොවේද?
    ඔවුන් සියලු දෙනා රඟ දක්වන්නේ මනරම් නාටකයකි. ඔවුන් හට ඇත්තේ තම තමන්ගේ බලය තහවුරු කරගැනීමේ ඇජෙන්ඩාවන් හැර රට හැදීමේ ඇජෙන්ඩාවන් නොවේ.

    මහින්දවාදීන් සිතනවානම්, මේ පත්වීම සමග ඩොලරයේ අගය පහත බැහැලා, බදුර්දීන් කැලේ කපන එක නවත්තලා, රට ගොඩ යයි කියලා....
    ඔවුන් හිතනවනම් මහින්ද ආ පමණින් ඔවුන්ගේ දරුවන්ට හොඳින් ඉන්නට රටක් හැදෙයි කියලා... ඔබගේ ෆීලින්ග්ස් වලට...
    මාගේ සාතිශය සංවේගය !

    තවත් සමහරු ඉන්නවනම්, රනිල් සහ වැඩ බැරි යූ ඇන්පිය ඔලුව උඩ තියාගෙන තවමත් කෑ ගසන....
    ඔවුන් සිතනවනම්, මේ රට හදන්න පුළුවන් රනිල්ට කියලා...
    ඔබගේ ෆීලින්ග්ස් ද හර්ට් වනවානම් සමාවෙන්න...
    අනිච්ඡාවත සංඛාරා !

    කාලයක් තිස්සේ සිරිසේනට 'හිටං', 'පඹයා' කියා ආමන්ත්‍රණය කළවුන් දැන් 'අතිගරු ජනාධිපති' යැයි අමතන්නට පටන් අරගෙන ය....

    'ලංකාවේ දේශපාලනය දැන්නම් එපා වෙලා මචං' 'මුන් ඔක්කොම එකයි' කියමින් පෝස්ට්ස් ශෙයාර් කළවුන් දැන් 'මහින්දට ජයවේවා'යි පෝස්ට්ස් ශෙයාර් කරන්නට පටන් අරගෙනය. දිව දෙකක් ඇත්තේ ඇතැම් සතුන්ට පමණක් නොවේ... ලංකාවේ බහුතරයකටද දිව දෙකක් ඇත !
    ඔබ සිතනවානම්, මේ මොහොතේ මහින්දට හෝ රනිල්ට පක්ෂව බුකිය තුල පෝස්ට්ස් ශෙයාර් කිරීම සෑහෙන ලොකු වීරකමක් කියා...
    එය එසේ නොවන්නේය. ඔබේ ඒ ගෝත්‍රික මනස් සියල්ල දකින මටනම් හිනාවෙන්නට එක පුකක් මදි ය !

    වසර හැත්තෑ ගණනක් උතුරන ඔය දේශපාලන ලැට් වල තව සතියක් යනතෙක් ගඳ ගසා නැවත 'මතු සම්බන්ධ' වනු ඇත. හැමෝම එක ලෙස මේ ක්‍රමයට විරුද්ධ වී රට ගොඩගැනීම ඔබගේ ඔය පාට කණ්ණාඩි වලට පෙනෙන්නේ නැත.

    ඔවුන්ට අවශ්‍ය 'බලය' හා 'ධනය' පමණකි. ඒ වෙනුවෙන් මින් ඉදිරියටත්..
    මිනිමැරුම්, පැහැරගැනීම්, බැංකු වංචාවන්, කොමිස්, යටිමඩිගැසීම් යන එකී මෙකී නොකී සියලු දේ තවදුරටත් කන්ටින්‍යු වනු ඇත. රනිල් හිටියත් එය එසේය. මහින්ද ආවත් එය එසේමය. සිරිසේන කුමන ආතල් එක දුන්නත්... එය එසේ එසේ එසේම ඉදිරියටත් සිදුවන්නේම ය.

    'අප්පච්චි', 'මහරජා', 'බියනැති අගමැති', ' මිස්ටර් ප්‍රසිඩන්ට්' යැයි කිය කියා ඔබ ඔවුන්ව ඔලුව උඩ තියාගත්තත්...

    ඔවුන්ට ඔබ ගැන සිතන්නට වෙලාවක් නැත්තේය. එසේ සිතන්නේද නැත....
    නමුත්....

    හෙට උදෑසන නැගිට වැඩට යා යුතු වන්නෙ ඔබය.

    සල්ලියක් හම්බ කරගත යුතු වන්නේ ඔබය.

    හම්බ කරගන්න දේ කොයිවිදිහකින් හෝ ඉතුරු කරගෙන ජීවිතේ ගැටගසාගත යුතු වන්නේද... 'ඔබමය' !

    තාමත් ඔබ මහින්දටනම්, තාමත් ඔබ රනිල්ටනම්,
    කැපුවත් කොළනම්, කැපුවත් නිල් නම්, කැපුවත් රතුනම්.......
    ඔබම ඔය ලැට් වල තුල ගිලේවා..!
    ගිලී හුස්ම සිරවී මියගියත්.. "අයි ඩෝන්ට් ගිව් අ ෆක්"

    #IDontGiveAFuck

    🖕🏻
    -Copied-
    Credit goes to original writer of the post
     
    • Like
    Reactions: inspiron

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    "
    ඔවුන්ට ඔබ ගැන සිතන්නට වෙලාවක් නැත්තේය. එසේ සිතන්නේද නැත....
    නමුත්....

    හෙට උදෑසන නැගිට වැඩට යා යුතු වන්නෙ ඔබය.

    සල්ලියක් හම්බ කරගත යුතු වන්නේ ඔබය.

    හම්බ කරගන්න දේ කොයිවිදිහකින් හෝ ඉතුරු කරගෙන ජීවිතේ ගැටගසාගත යුතු වන්නේද... 'ඔබමය' !"

    true story:yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    hitha ridenawa thmayi bro ..monawa karannada neda ?

    ලංකාවේ මිනිස්සුන්ගේ කාලකන්ණි කම බන්. රට කොහද දියුණු වෙන්නේ. දේශපාලන පක්ෂ වලට බෙදිලා මරාගන්නවා. අපේ රටට වඩා පොඩියට හිටපු රටවල් ගොඩක් ඉස්සරහට ගිහිං. අපි ඉතින් හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙයි. අවරුදු 2500 ක් ඉතිහාසයක් තියන් වනසේ කබල් ගගා ඉදි. පුළුවන් පුළුවන් උන් වෙන වෙන රටවල් වලට පැන ගනී. නැති බැරි උන් හැමදාම එකම තැන. ඕක තේරෙන්නේ නෑනේ මුන්ට :no:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    "
    ඔවුන්ට ඔබ ගැන සිතන්නට වෙලාවක් නැත්තේය. එසේ සිතන්නේද නැත....
    නමුත්....

    හෙට උදෑසන නැගිට වැඩට යා යුතු වන්නෙ ඔබය.

    සල්ලියක් හම්බ කරගත යුතු වන්නේ ඔබය.

    හම්බ කරගන්න දේ කොයිවිදිහකින් හෝ ඉතුරු කරගෙන ජීවිතේ ගැටගසාගත යුතු වන්නේද... 'ඔබමය' !"

    true story:yes:

    තිත්ත ඇත්ත මචං
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවේ මිනිස්සුන්ගේ කාලකන්ණි කම බන්. රට කොහද දියුණු වෙන්නේ. දේශපාලන පක්ෂ වලට බෙදිලා මරාගන්නවා. අපේ රටට වඩා පොඩියට හිටපු රටවල් ගොඩක් ඉස්සරහට ගිහිං. අපි ඉතින් හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙයි. අවරුදු 2500 ක් ඉතිහාසයක් තියන් වනසේ කබල් ගගා ඉදි. පුළුවන් පුළුවන් උන් වෙන වෙන රටවල් වලට පැන ගනී. නැති බැරි උන් හැමදාම එකම තැන. ඕක තේරෙන්නේ නෑනේ මුන්ට :no:


    UNP eka thibbanam oya loku talks mukuth naha neda.uba eliyata enneth me wage welawatane.:lol:
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    ඔය හැම එකාගෙම රෙද්දවල් අස්සෙ රින්ගන්ට යන්නේ දෙශපාලනයෙක්න් හම්බ කරගෙන කන මිනිස්සු..උගත් බුදිදිමත් මනුස්සයෙක් කවදාවත් දේශපාලකයෙක් පිටි පස්සෙ යන්නේ නැ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    tenor.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුගක් උන්ට ඕක තේරෙන්න රනිල් ගේ පුකට පයින් ගහල එලවනකන් කල් ගියේ ඇයි මයේ දෙය්යෝ.........!!!!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    UNP eka thibbanam oya loku talks mukuth naha neda.uba eliyata enneth me wage welawatane.:lol:

    උඹ කව්ද කියලා මම දන්නේ නෑ නමුත් මගේ පරණ ත්‍රෙඩ් අවුස්සලා අවුස්සලා මහන්සිත් ඇති නේද?

    ඔව් ඉස්සර මහින්දගේ දේශපාලනේ මට ඇල්ලුවේ නෑ. කොහොමත් රනිල් ගේම ගහලා සිරා ගෙනල්ලා කරපු ගේමයි මේ ගේමයි දෙකම එකයි. What's go around comes around.

    රනිල්ට ඕනෙත් බලේ, මහින්දට ඕනෙත් බලේ, සිරාටත් ඕනේ බලේ. ඔය උන්ගේ වටේ ඉන්න උන්ටත් ඕනේ බලේ මොකද උන්ට යැපෙන්න බලේ ඕනේ. උඹට මට මොනාද ඕනේ? ඒක තේරුම් ගන්න බැරි නං උඹත් එක්ක වාද කරලා වැඩක් නෑ මොකද මට උඹවත් පේන්නේ බයියෙක් විදියට.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    හුගක් උන්ට ඕක තේරෙන්න රනිල් ගේ පුකට පයින් ගහල එලවනකන් කල් ගියේ ඇයි මයේ දෙය්යෝ.........!!!!

    දුකයි. මම හිතුවා කිඹුලෝ උඹ මීට වඩා මම ගැන දැනගෙන හිටියා කියලා :(:(

    රනිල් ගිය එකම හොඳයි බන්. ඉන්නකන් පොඩි උන්ට තැනක් නෑ. උගේ ඉස්කෝලේ රෝයල් උන්ටම දිදී ඉන්නවා. පොරගේ ජෙන්ට්ල්මන් පොලිටික්ස් මෙහෙට හරියන්නේ නෑ. කලින් චන්ද්‍රිකා බූට් එක දුන්නා දැන් සිරා. මේවා තමයි බන් පොලිටිකල් කූප්.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    දුකයි. මම හිතුවා කිඹුලෝ උඹ මීට වඩා මම ගැන දැනගෙන හිටියා කියලා :(:(

    රනිල් ගිය එකම හොඳයි බන්. ඉන්නකන් පොඩි උන්ට තැනක් නෑ. උගේ ඉස්කෝලේ රෝයල් උන්ටම දිදී ඉන්නවා. පොරගේ ජෙන්ට්ල්මන් පොලිටික්ස් මෙහෙට හරියන්නේ නෑ. කලින් චන්ද්‍රිකා බූට් එක දුන්නා දැන් සිරා. මේවා තමයි බන් පොලිටිකල් කූප්.

    ඒ කියන්නේ උබ ඉස්සර කඩේ ගියානේ.දැන් එහෙනම් උබට අනිත් උන්ට කඩේ යන්න එපා කියන්න අයිතියක් නැහැනේ.:rolleyes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    I do not support any political party or politician. I never comment on politics. But I will now. Of all the posts in this forum this thread makes some sense.
    I always tell people that Feb 4th should be named as the "Jaaathika Shokha Dinaya"...instead of the Independence Day. We went downhill from that day onwards. These !@#$ing politicians ruined the country. None of them care about the people or where the country heading. Also we do have a herd of two legged rice eating buffaloes who are divided into two parties and vote for one or the other. (sorry no intention to insult the four legged ones who got a brain!).
    The only way for SriLanka to come up is to privatise the !@##ing parliament! Pay any amount and let the country be governed by 10 administrators who are NON -Srilankan.
    We do not need more than 10 top execs to run this country.
    The whole government machinery fell apart during the Sirima/ Felix regime. Abolition of the PSC led to the ruin of the civil services in SriLanka.
    I remember that the late NM Perera, once commented that he has made the Omelette and no one can make the egg ever again. That's is the sad fact.
    It is up to you to think and act. No one can give you a brain but at least think about what I wrote.
    The sad fact is we have become a lawless country.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ කියන්නේ උබ ඉස්සර කඩේ ගියානේ.දැන් එහෙනම් උබට අනිත් උන්ට කඩේ යන්න එපා කියන්න අයිතියක් නැහැනේ.:rolleyes:

    ඔව් ගියා. මගේ පරණ ත්‍රෙඩ්දැ ටිකක් බම්ප් වෙනවා දැක්කා. දැන් නං මොකෙකුටවත් නෑ. ඔව් මට අයිතියක් නෑ මේක ප්‍රජතන්ත්‍රවාදී රටක්. ඕනෙම එකෙකුට ඕනෙම කැමති එකෙකුට කඩේ යන්න පුළුවන්. මම නෑ කියන්නේ නෑ. හැබැයි හදවතින් නැතුව ඔලුවෙන් හිතන මිනිස්සු ඉඳි කියලා මම හිතවා.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ඔය හැම එකාගෙම රෙද්දවල් අස්සෙ රින්ගන්ට යන්නේ දෙශපාලනයෙක්න් හම්බ කරගෙන කන මිනිස්සු..උගත් බුදිදිමත් මනුස්සයෙක් කවදාවත් දේශපාලකයෙක් පිටි පස්සෙ යන්නේ නැ

    :yes: