Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බින්දු බින්දු වැසි වැටෙනා..
    අන්ධකාර හැන්දෑවේ...
    ජෝඩු සැදී පන්ති අසල..
    කඩවල් ගානේ......
    රන්ඩු වෙන්න හදනවාද...
    සිනහව රජ කරනවාද....
    ආදරයේ සිහින විමන්..
    ගොඩ නැගුනාවේ........
    අඩ පැයකින් නිවෙස් බලා...
    සමු අරගෙන ඇවිද යන්න...
    කෝඩුකාර ආල හිතේ...
    සිහියක් නෑනේ.............
    ලං වෙන්නේ හිනැහෙන්නට...
    දුර යන්නේ හඩවන්නට...
    ඔබෙ සැමරුම් පිටු අතරේ....
    මතක දිවෙන්නේ.....
    තවමත් මා පතනවාද...
    අන් හදකට හිමි වෙලාද...
    දුරු රටකට කෙලෙසද මම
    පියඹා යන්නේ......
    ඔබ වෙන්වී මා අතහැර...
    ගතවී ඇති මාස හයට.....
    නොදැනුනු පාළුව තනිකම..
    අදයි දැනෙන්නේ.........

    i-miss-you.jpg

     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටො‍යින් ටො‍යින්...... උඹේ ප්‍රි‍යාවි‍ය පිටරට ගිහින් වගේ නේද.......:rofl::rofl::rofl:
    එ‍යාට හිතෙන දේවල් නේද උඹ මේ ලි‍යලා ති‍යෙන්නේ.......:yes::yes::yes:
    (විහිලුවක් හොඳේ.....)

    හැමදාමත් වගේ සුපිරි‍යට ලි‍යලා ති‍යනවා මචන්......:cool::cool::cool:
    රෙප් දෙන්න බැරිලු.......:dull::dull::dull:

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    උඹ මගේ හිතත් මටත් හොරෙන්
    කොහොමද දැක්කේ.....
    ඒ දවසේ අවසානය අද
    ඇරඹුමට හේතූ වූ සිතුවිල්ල
    I miss You
    උඹ කොහොමද දැක්කේ.
    සිතුවිල්ලෙන් එකක් වුවත්
    හැඟීම් වලින් වෙනස් වෙවී
    අප කාටත් රිදවන්නේ
    මේ සිතුවිල්ලයි....
    බලන් යද්දි උඹ දියුණුයි
    පාලුව උඹ දැක ගත්තා
    මම තාමත් අතරමං ව,
    දුකද.. පාළුවද.. කොයිගොඩටද
    දා ගන්නේ කියා සිතනවා.....

    Rep කලින් දීලා මචෝ නැත්තම් නොදී ඉඳී ද